IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


බෙන්තර ජිනානන්ද හිමිට ගාලු සංඝ නායක පදවිය

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

ලෝකයේ කිසිදු රටක දක්නට නොමැති පරිත්‍යාගශීලිත්වයක් සහ මානුෂිකත්වයක් ශී‍්‍ර ලාංකීය ජනතාවගේ දක්නට ඇත්තේ බෞද්ධ දර්ශනය පසුබිම් වූ සමාජ වටපිටාව නිසා බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
බෙන්තර ඓතිහාසික උඩකොටුව බෝධිසමීප භීමතිත්ථ රාජමහා විහාරාධිපති  බෙන්තර ජිනානන්ද හිමියන්ට ගාලූ කෝරළයේ ප්‍රධාන සංඝනායක ධූරය පිළිබඳ සන්නස් පත්‍ර ප්‍රදානය අද(6) ජනපති අතින් සිදු කෙරුණු අතර එහිදී උත්සව සභාව අමතමින් ජනපතිවරයා එසේ කීවේය.
පසුගියදා ඇති වූ ව්‍යසනයේදී ආදරයෙන්, කරුණාවෙන් සහ පරිත්‍යාගශීලිත්වයෙන් යුතුව විපතට පත් ජනතාවගේ දුක්, කදුළු සමග එක්වෙමින් ඔවුන් සනසන්නට සියලූ ජනතාව එකාවන්ව රොද බැඳ සිටියේ බෞද්ධ දර්ශනය මත පදනම් වූ උතුම් මානුෂීය ගුණාංගයන්ගෙන් ශී‍්‍ර ලාංකීය ජනතාවගේ හදවත් පොහොසත් නිසා බව ද ජනපති කීවේය.
එම විහාරස්ථානයේ අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යොත්සවය ද ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්විණි.

 

 



අදහස් (5)

බෙන්තර ජිනානන්ද හිමිට ගාලු සංඝ නායක පදවිය

arschloch Wednesday, 07 June 2017 11:07 AM

ලෝකයේ වෙන කිසිම රටකවත් නැති ආපදාවකදීත් හොරකම් කරන රටක් වෙලා.. ගංවතුරෙන් දුක් විඳින මිනිස්සුන් ගෙවල්වල ඇති... සිංහල ජාතියක් ඉන්නේ ලංකාවේ පමණයි. ජිනානන්ද හිමිට සංඝ නායක පදවියක් දුන්න එක හොඳයි.

:       0       28

kumar (galf) Wednesday, 07 June 2017 12:05 PM

ඒ දවස්වල ප්‍රේමදාස මහත්තයත් කළේ මේවගේ වැඩ තමා, සාසනේ දියුණුවක්, රටේ දියුණුවක් සිදුවෙයිද?

:       0       2

channa Wednesday, 07 June 2017 01:12 PM

මෙච්චර කලක් මහින්ද මහත්තයා ගියපු පන්සල් දැන් මෛත්‍රී මැතිතුමා එක්ක එකතුවෙනවා. මහින්ද මහතාට මේ උත්සවයට අරාධනා නොකරපු නිසා තමයි ජපානෙට පිටත්ව ගියේ ...

:       210       0

vidya Wednesday, 07 June 2017 02:14 PM

සිවුරක් පොරවාගෙන ශාසනය රකින්නට, ධර්මය දෙසන්නට පොරොන්දු වුණාම තනතුරු මොකටද හාමුදුරුවනේ...?

:       0       2

PA-RA Thursday, 08 June 2017 03:02 AM

, දුප්පතුන්, මහජනතාවට ජිවත් වීමට සහන දුන්නද, ජනතා මුදලින් පමණක් ඔවුන් වැජ්බෙනවද, තාන්න මාන්නලොකු කම පමණක්ම ලබාගෙන අවස්ථාවාදී වුනාද? මොකද තාම අපටනම් සහනයක් නැත, ඇයි පුංචි ලංකාවට ඔබින්නේ නැති වාහන ගෙන මහජනතාවට අවහිර වන පරිදි ගමන් කරන්නේ මේ අපිටපෙනෙන වැරදි වලින් .001% කි, පොලිස් නිතිය ගෙන මහජනතාවට පීඩා ආකාරයෙන් නිතිය වැඩ කටයුතු කරන්නේ, මෙවැන්නක් විදේශ රටවලනම් පෙනෙන්නේ නැත..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 341 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site