IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


බදුලු ඔය දෙපස පැළ දාහක් සිටුවයි

(ප්‍රසන්න පත්මසිරි)

‘පිවිතුරු දියදහර‘ වැඩසටහන යටතේ  ජලපෝෂක ප්‍රදේශවල පැල ලක්ෂයක් සිටුවීමේ වැඩසටහනෙහි  බදුලු ඔය දෙපස පැළ 1,000ක් රෝපණය කිරීම අද(8) සිදු කෙරිණි.
 
පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි.
 
බදුල්ල නගරය  ආශ්‍රිතව හිගුරුගමුව ප්‍රදේශයෙන් ගලා යන බදුළුඔය දෙපස පාසල් සිසු සිසුවියන් ඇතුළු රාජ්‍ය ආයතන වල හා ස්වේච්ඡා සංවිධාන වල නිලධාරින් එක්ව කුඹුක්, මී, පුවක්, කරද ඇතුළු පැල වර්ග රාශියක් සිටුවිය.
 
 මෙම අවස්ථාවට සහභාගී වූ ඌව පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වල, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් සැලසුම් ආනන්ද විජිත කුමාර මහතා ඇතුළු නිලධාරින්ද, විදුහල්පතිවරු ,පාසල් සිසු සිසුවියෝ ඇතුළු ස්වේච්ඡා සංවිධානවල පිරිසක්ද  සහභාගී වී සිටියහ.

 



අදහස් (4)

බදුලු ඔය දෙපස පැළ දාහක් සිටුවයි

kamal Friday, 08 November 2019 07:19 AM

ගම්වල ළමයින් විතරයි මේ ඔක්කොම කරන්නේ. කොළඹ හතේ ළමයින්ගේ වටිනාකම වැඩි ඇති.

:       4       6

sumithFriday, 08 November 2019 08:07 AM

කවුරු කරත් හොඳ දේ හොඳයිනේ.... ඕකට ගම, නගරය කියලා වෙනසක් තියාගන්න එපා. ගස් ඉන්දුවා වගේ නොවේ. ඕවා හොඳට බලා කියා ගන්නත් ඕනෑ. නැත්නම් පායනකොට මැරිලා යාවි...

:       0       6

Raveendra Friday, 08 November 2019 07:54 AM

බොහොම හොඳ සත් ක්‍රියාවක්... අපේ අනාගත දරු පරපුරවත් ගහකොළට ආදරය කරන පුරවැසියන් වෙනවා දැකීමට හැකිනම් කොතරම් සුන්දරද? සහභාගි වූ සැමට යහපතක්ම වේවා...!!

:       0       18

malitha Friday, 08 November 2019 10:24 AM

හරියටම හරි, උස නම් සෙකියුරිටි, මිටි නම් කම්කරු කිව්වා වගේ.. ගමේ එකාට හැමදාම රට රකින්න, කොළඹ අයට බීච් පාර්ටි... හොඳයි හොඳයි දුවේ පුතේ ගස්ටික හිටුවලා වතුරදැමිල්ල හොඳට බලාගන්න.

:       4       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 233 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 70 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site