IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


බදුල්ල කුණු කන්දේ කුණු වෙන් කරති

( ප්‍රසන්න පත්මසිරි)
 
බදුල්ල කුණු කන්දේ නොදිරන ද්‍රව්‍ය වෙන් කිරීම අද ( 19)  පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ නිළධාරින් ඇතුලු සේවකයින්ගේ  ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
 
පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය, අධ්‍යාපන දෙපාර්තමේන්තුව, පළාත් පාලන කොමසාරිස් කාර්යාලය, බදුල්ල මහ නගර සභාව, ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුලු ප්‍රධාන අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තු ආයතනවල නිලධාරීහු  කුණු කන්දේ තිබෙන ප්ලාස්ටික්, පොලිතීන්, වීදුරු බෝතල්, ටින් ඇතුළු  නොදිරන ද්‍රව්‍ය එකිනෙක වෙන් කළහ.
 
කාර්යාල රාජකාරීවලින් අද  දිනයේදි බැහැර වු නිලධාරීන් ඇතුලු සේවකයින් කසල තේරීම කළ අතරදිනකට බදුල්ල නගර සීමාවේ නිවෙස් ඇතුළු ආයතන වලින් කසල ටොන් 23ක් කුණු කන්දට බැහැර කිරීමෙන් කසළ ටොන් 75000ක් පමණ ගොඩ ගැසී ඇති බව  නගර සභාව කියයි.
 
ඌව පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතාගේ සංකල්පයක් මත කුණු කන්ද බදුල්ලෙන් ඉවත් කිරීමේ වැඩ සටහන ආරම්භ කර සති දෙකක් තුළදී නොදිරන ද්‍රව්‍ය ටොන් හයක් පමණ මේ වන විට වෙන්කර අක්කර බාගයක පමණ භුමි ප්‍රමාණයක් පිරිසිදු කර තිබේ.
 
කුණු ගොඩින් එකතු කළ නොදිර ද්‍රව්‍ය කර්මාන්තශාලා සදහා ලබාදීමටද නියමිතය.
 
බදුල්ල නගරයට වසර 40ක කාලයක් තිස්සේ ප්‍රශ්නයක්ව තිබු කුණු කන්ද ඉවත් කර වැවක් සහ උද්‍යානයක්ස්ථාපිත කරන බව ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් අනුරාධ තෙන්නකෝන් මහතා පැවසීය.
 
බදුල්ල නගරාධිපති ප්‍රියන්ත අමරසිරි,ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍ය අඹන්වෙළ,පළාත් පාලන කොමසාරිස් මංගල විජේනායක, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ප්‍රියදාස රත්නායක යනමහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ නිලධාරීහු සහ සේවකෙයා් මෙම කටයුතු සිදු කළහ.

 



අදහස් (11)

බදුල්ල කුණු කන්දේ කුණු වෙන් කරති

Uditha - London Thursday, 19 September 2019 08:53 AM

මට තේරෙන්නේ නැහැ.. මේ පිට රටවල තියන ප්‍රතිචක්‍රීකරණ වැඩ පිළිවෙලවල් ලංකාවේ කරන්නේ නැත්තේ මොකද කියලා? පිටරටවල මේවා මහලොකු ප්‍රශ්න නෙමේ.. කොච්චර කල් ඉඳන් මේ කුණු ප්‍රශ්නය නිසා ලංකාවේ මිනිස්සු බැට කනවද...? ප්‍රතිචක්‍රීකරණ වැඩ පිළිවෙලවල් වලින් තවතව දේවල් නිපදවාගන්න පුළුවන්... ක්‍රමවේදවල් ඕනෑතරම් තියනවා. ජපානය, චීනය වගේ රටවල හොඳ තාක්ෂණයක් භාවිතා කරනවා.. මට නම් මහා උභතෝකෝටික ප්‍රශ්නයක් මේ ලංකාවේ කුණු ප්‍රශ්නේ සම්ප්‍රදායෙන් පිට පැනලා කිසිම රජයක් නවීන තාක්ෂණය උපයෝගී කරගෙන මේකට විසඳුමක් ගේන්නේ නැත්තේ මොකද කියලා... කිසිම රටක මෙහෙම කුණු කඳු ගොඩ ගහගෙන නැහැ..

:       0       297

MaheeThursday, 19 September 2019 09:19 AM

උදිත ඔබ ප්‍රශ්නය වටහාගෙන නැහැ. ප්‍රශ්නය ඇත්තේ කුණු කන්දේ නොව දේශපාලුවන්ගේ බොක්කේය. ඔවුන්ට වුවමනා ප්‍රශ්න විසඳීම නොව හිඟන්නාගේ තුවාලය මෙන් ප්‍රශ්න පවත්වා ගැනීමටයි. නිකම් හිතන්නකෝ, මැලේරියාව 100% ඉවර වුණොත් මැලේරියා මර්ධන ව්‍යාපාරය වහලා දාන්න වෙනවා නේද? කී දෙනෙකුගේ ජොබ් එක ඉවරද? ඒ වගේම, කුණු කඳු ඉවර වුනොත් කී දෙනෙකුගේ ජොබ්එක නැතුව යනවද?

:       6       303

Uditha - London Thursday, 19 September 2019 09:58 AM

අනිවාර්යෙන් මහී මහත්තයා. මම මෙතන අදහස් කළේ කුණු කන්ද ප්‍රශ්නයක් කරගෙන නොවේ . මම හොද අදහසක් කිව්වේ. මෙතන මේ ඔබතුමා කියනවා වගේ දේශපාලුවන්ගේ ප්‍රශ්නයක් තමයි.පරම්පරා කීයක් මේ කුණු ප්‍රශ්නෙට මුහුණ දෙනවද? සුඛෝපභෝගී දේවල් කොච්චර රටේ ගොඩ නැගුවත් වැඩක් නැහැ මෙවැනි දේවල් වලට ක්‍රමානුකුල ලෙස යටිතල පහසුකම් සපයන්නේ නැත්නම්. කුණු ගොඩ ගහල කඳු බවට පරිවර්තනය කරන් ඉන්නේ ලංකාවේ විතරයි. යම් ප්‍රශ්නයක් විසදන්න පුර්ණකාලීනව විසදුමකට එන්නේ නැත්තේ තවත් මිනිස්සුන්ගේ රැකියාවට ප්‍රශ්නයක් වෙනවනම්. විශේෂයෙන්ම මෙවැනි දේවල් වලට හොඳ විසදුමකට එන්නේ නැත්තේ එහෙම මිනිස්සුන්ගේ රැකියා නැති වෙනවා කියල නම් ඒක මහා ලොකු ඛේදවාචකයක්.

:       0       55

raviThursday, 19 September 2019 09:54 AM

අනිත් රටවල්වල වගේ ගෙදරදීම මේ කුණු ටික තෝරන්න ඉගෙනගන්නකම් මේ ප්‍රශ්නයට පිළිතුරු සොයන්න අපහසු වෙයි නේද ?

:       0       115

some yaiya Thursday, 19 September 2019 09:16 AM

මුළු රටපුරාම සතියකට වරක් මෙය කළයුතුය.

:       0       55

jabos Thursday, 19 September 2019 09:16 AM

කුණු කනවා.. එකෙක් එන්න එපා. අපේ ගම්පළාතේ ඕවා ගිහින් දමපල්ලා දියවන්නාවේ අරලිය ගහ මන්දිරේ..

:       2       127

samuel Thursday, 19 September 2019 09:18 AM

කව්රුත් මේ වගේ ක්‍රියාත්මක වුනොත්, හැම නගරයකම ලස්සන සහ සුවතාව හොඳින් පවත්වාගත හැකියි.

:       0       64

janahitha Thursday, 19 September 2019 09:18 AM

ඇමතිතුමෝ මේ කර්තව්‍යයට සහභාගි වෙලා ඉන්න අයට රුපියල් ලක්ෂය බැගින් ලබාදෙන්න... රටටම ආදර්ශයක් වෙන්න.

:       0       30

SL Thursday, 19 September 2019 10:00 AM

අගය කළයුතු වැඩක්.ඇයි මේ වෙන්කිරීම ගෙදරින්ම සිදුකිරීම අනිවාර්ය කරන්නේ නැත්තේ.දැන් ගොඩක් රටවල ආහාර අපද්‍රව්‍ය ලෙස බැහැර කිරීම තහනම් .වෙන් කරලා ලේසියෙන් දිරා යන එක පාලනය කරන්න පුලුවන්. හැමදෙයක් ම මිනිස්සු විසින් එකතු කරලා ප්‍රශ්න ගොඩක් ඇති කරනවා. සැශේ පැකට් වල ඉඳලා මෙගා බෝතලේ දක්වා නොදිරන ආවරණ එකතු කිරීම නිෂ්පාදකයාට අනිවාර්ය කළ යුතුයි.

:       0       118

fairoos Thursday, 19 September 2019 01:09 PM

ඉතාම අගයකලයුතු වැඩක්..

:       0       0

sharm warn Monday, 23 September 2019 10:07 AM

මෙතෙක් කල් මේ රටේ යහපත් වැඩක ප්‍රවුර්තියක් හැටියට දැක්කේ මෙච්චරයි . මේ ආදර්ශය අනිත් නගර වලත් නොගන්නේ ඇයි ? මෙයින් නොනැවතී ගෘහස්ත කසල වර්ගීකරණය කරන්නත් පියවර ගන්න . මොකද මෙතන සුද්ද කරපු අක්කර බාගේ ආයෙමත් පුරවන්න තියන්න බැහැනේ ... ඔබට බොහොම ස්තුතියි මේ ක්‍රියාවට දායක වුනාට ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 306 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 832 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1260 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site