IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


‘පොල් රුප්පාවෙන් තල් අරඹට ’

(  සිතුම් චතුරංග)

යුද්ධය හේතුවෙන් වැලිඔය ප‍්‍රදේශයේ විනාශ වු විහාරස්ථාන 50කට  සනීපාරක්ෂක ගොඩනැගිලි , ද්‍රව්‍යාධාර සහ ගැබිණි මව්වරුන් ඇතුළු ප‍්‍රදේශයේ ගොවි ජනතාව වෙත ද්‍රව්‍යාධාර බෙදාදීමේ වැඩසටහනක් පැපිලයාන සුනෙත‍්‍රාදේවි පිරිවෙනේ පරිවෙනාධිපති මහචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමිගේ ප‍්‍රධානත්වයෙන් වැලිඔය හැළඹ වැව ප‍්‍රදේශයේදී පැවැත්විණ.


පැපිලයාන සුනෙත‍්‍රාදේවි සමාජ සත්කාරක පදනම මගින් සංවිධානය කළ ‘පොල් රුප්පාවෙන් තල් අරඹට ’ වැඩසටහනට සමගාමීව ප‍්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා 159 විෂයෙහි දානය පිළිගැන්වීම සිදුකෙරිණ. 


මෙම සමාජ සත්කාරක වැඩසටහන මගින් මුලතිව් ප‍්‍රදේශයේ සිටින සිංහල , දෙමළ හා මුස්ලීම් ගැබිනි මව්වරන් 200කට එක් අයකුට රුපියල් 10000 බැගින් වටිනා උපකරණ කට්ටලයක්, ප්‍රදේශයේ සිල් මාතාවන් 150 දෙනෙකු සඳහා සිල් රෙදි ප‍්‍රදානය කෙරිණි.


            මීට අමතරව වසර ගණනක් ජල හිඟයෙන් පීඩාවිඳිමින් සිටි වැලිඔය ප‍්‍රදේශයේ ගොවීන් වෙත වගා ළිං 20ක් ඉදිකොට පරිත්‍යාග කිරීම හා ප‍්‍රදේශයේ විහාරස්ථාන 50ක් සඳහා වැසිකිලි , සනීපාරක්ෂක ගොඩනැගිලි හා විහාරස්ථාන නඩත්තු කිරීම් සඳහා උපකරණ බෙදාදීමද සිදුවිය.


            ‘පොල් රුප්පාවෙන් තල් අරඹට ’ සංහිඳියා වැඩසටහන පැවැත්වූ වැලිඔය හැළඹවැව ස්ථානයේ පසුගිය යුද සමයේ එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් සිවිල් ජනතාව ඝාතනය කොට සිංහල ජන සංහාරයක් සිදුකළ ස්ථානය වීමද විශේෂත්වයක් විය.


  ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යන අංශයේ මහාචාර්ය මාගම්මන පඤ්ඥානන්ද නාහිමි , වැලිඔය ඇතැවැටුණු වැව උදුම්බරාරාමාධිපති රණවන ස්වර්නජෝති නාහිමි. කිරිඉබ්බන් වැව විහාරස්ථනයේ වැලිඔය 62 වන සේනාංකයේ සේනාංකාධිපති බි‍්‍රගේඩියර් සංජය වනිගසිංහ , 622 බලසේනාවේ බලසේනාධිපති කර්නල් සාලිය අමුණුගම , ඇතුළු  වැලිඔය ජනතාව විශාල පිරිසක් වැඩසටහන් අවස්ථාව සඳහා සහභාගීවී සිටියහ.


 



අදහස් (5)

‘පොල් රුප්පාවෙන් තල් අරඹට ’

sirimal Sunday, 24 June 2018 11:20 AM

අවසරයි අපේ හාමුදුරුවනේ, ඔය අතර වාරයේ ලංකාව හදන්න නම් "ඍජු තීරණ" ගන්න කෙනෙක් ඕනෑ කියන කතාවේ තේරුම විග්‍රහ කරමින් ධර්ම දේශනාවක් කලේ නැද්ද?

:       661       308

tamindu dulvan Sunday, 24 June 2018 12:06 PM

සුමනතිස්ස හාම්දුරුවන්ගේ වැඩ කතාවට විතරක් නෙමේ කියලා ඔප්පු කළා.ජාතිවාදී බික්ෂුවක් නොවන බවත් සනාථ කළා.

:       2       62

appuhamy Sunday, 24 June 2018 06:34 PM

අපේ මැදගොඩ අභයතිස්ස මහැදුරු නාහිමිපාණන් වහන්සේට "සුඛී දීඝා යුඛෝ භව!!!"

:       1       43

amal jayasekara Monday, 25 June 2018 09:35 AM

මමත් මුදලින් දායක උනා. අපේ අබේතිස්ස හිමිපාණන්ට දීර්ගායුෂ.... සංහිදියාව කියන්නේ මේක තමා. තෙරුවන් සරණයි සැමටම.

:       0       35

rasika Monday, 25 June 2018 02:09 PM

මේවා තමයි වෙන්න ඕනේ.. සිංහල බෞද්ධ ජනතාව හැමදාම අනෙක් ජාතීන්ට සමානව සැලකුවා.. ඒ බුදුදහම නිසා තමයි මේ රටේ සම ජාතියකටම හොඳින් ඉන්න පුළුවන් වුනේ.. මේවා විදේශ මාධ්‍යවල යන්නේ නැත්තේ අැයි?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 364 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 103 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 791 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site