(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)
පොළොන්නරුව බෞද්ධ සංගමය විසින් සංවිධානය කරනු ලබන බණ්ඩාරනායක-සේනානායක පොසොන් මහා බත් දන්සල- 57 වැනි වරටත් අද (8) දහවල් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය අභියසදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් ඓතිහාසික සිද්ධස්ථාන වැද පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් උදෙසා අද(8) සහ හෙට (9) පැවැත්වෙන මෙම බත් දන්සල පොළොන්නරුව බෞද්ධ සංගමය ජනපතිගේ උපදෙස් පරිදි වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.






2025 නොවැම්බර් මස 04
42
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2003
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1556
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොලොන්නරුවේ බත් දන්සල ජනපතිගේ ප්‍රධානත්වයෙන්
bandaranayaye Thursday, 08 June 2017 11:12 AM
පොළොන්නරුවට බණ්ඩාරනායක මහත්තයලා කරපු දෙයක් නම් මම දන්නේ නැහැ ...!!!
kumar (galf) Thursday, 08 June 2017 11:22 AM
රටේ නායකයන්ට වෙන වැදගත් වැඩ නැද්ද කරන්න... මේ ගමේ මිනිස්සු කරන වැඩවලටම එබිකම් කරන්නේ?
හාල් මුදලාලි Thursday, 08 June 2017 12:21 PM
ජනපතිතුමාගේ මහා බත් දන්සැල! නේද?
Samanala Thursday, 08 June 2017 12:47 PM
2 වැනි පින්තුරේ 5 දෙනෙක් වැඳගෙන ..අනිත් අය වැඳගෙන නැහැ...කොටසකට විතරක් කියන බණක් වත්ද මන්දා?
රොහාන් Thursday, 08 June 2017 01:52 PM
මේ ලස්සනට පිළිවෙලට පටන්ගෙන තියෙන්නේ පසුගිය රජය වගේම.... ඒකයි අපි පැතූ වෙනස...!!
ධම්ම Thursday, 08 June 2017 02:47 PM
මිනිස්සු නිදහසේ දන්සලෙන් කනවා ඇති නේද? අපි දන්නවානේ දේශපාලකයන් එන තැන්වලට දෙන ආරක්ෂාව නිසා මිනිසුන්ට බාධාවන හැටි....
රොෂාන් Thursday, 08 June 2017 09:59 PM
ලංකාවේ කොහෙද නිකන් දෙන්නේ අපේ මිනිස්සු පෝලිමේ එතන.
නුමා Friday, 09 June 2017 07:33 AM
රටේම මිනිස්සුන්ගෙන් ගන්න බදු තමයි වියදම් වෙන්නේ... මෙච්චර ප්‍රශ්න තියෙන රටක ජනාධිපතිතුමාට වැඩක් නැතිද? දන්සල අදාල මිනිස්සුන්ට කරගන්න දීලා ගෙදරට වෙලා පත්තරයක් කියෙව්වා නම්, රටේ වෙන්නේ මොනවද කියලවත් දැනගන්න තිබුණා.
minipe Friday, 09 June 2017 03:23 PM
නුමා, දේශපාලකයෝ හරි ආසයි පින්තුරු වලට පෙනී හිටින්න. එකයි ඔය .ඒගොල්ලන්ට බයක් තියෙනවා ඔවුන්ව මහජනයාට අමතකවෙයි කියල.