IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


පිරවුම් හලේදී ත්‍රිරෝද රිය ගිනි ගනී

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

බණ්ඩාරගම නගරයේ ඉන්ධන හළක් තුළදී ත්‍රි රෝද රථයක්  අද ( 28 ) හිටිහැටියේම  ගිනි ගැනීමට  ලක් විය.

එම ත්‍රිරෝද රිය ඉන්ධන ලබා ගැනීමෙන් අනතුරුව පණගැන්වීමත් සමගම පිටුපස එන්ජිම දෙසින්  ගින්න හටගෙන  තිබිණි . ගින්න ඇති වීමත් සමඟම ඉන්ධන ලබා ගැනීමට පැමිණි  ඇතැම් රියදුරන් තම වාහන රැගෙන එම ස්ථානයෙන් වහ වහා ඉවත් වූහ.

පොම්පකරුවෝ ගිනි නිවීමට   උපකරණ   භාවිතා කරමින්  ගින්න නිවා දැමීමට උත්සාහ ගනිද්දී  ඉන්ධන ලබා ගැනීමට පැමිණි යතුරුපැදි කරුවන් ද ඊට සහාය දැක්වූහ .

පොම්පකරුවන්ට ගිනි නිවීම සම්බන්ධයෙන් පුහුණුවක් ලබාදී තිබූ හෙයින්  විනාඩි කීපයක්  තුළ ගින්න සම්පූර්ණයෙන්  නිවා දැමීමට හැකි වීමෙන් ඉතා විශාල විනාශයක් වැළකි ගිය බව ඉන්ධන හලේ  හිමිකරු පැවසූහ .  ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැතයි පොලීසිය කියයි. 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

පිරවුම් හලේදී ත්‍රිරෝද රිය ගිනි ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 348 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site