IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


පරාක්‍රම සමුද්‍රය - තබ්බෝව වාන් දොරටු අරී

(ක.ග. කරුණාරත්න සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ)

නොකඩවා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජලය පිටාර මට්ටමට පිරී පවතින හෙයින් එහි වාන් දොරටු 10න් වාන් දොරටු 04ක් අඩි 01 බැගින් විවෘත කල බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.

පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම මේ වනවිට අක්කර අඩි 1,10,000 ඉක්මවා තිබෙන බව පොලොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්‍ෂ එස්.කේ. හේවාගම මහතා  ප්‍රකාශ කලේය.

දැනට එම විවෘතකර තිබෙන වාන් දොරටු හතරෙන් තත්පරයකට ඝන අඩි 560ක ජල කඳක් පිටතට යැවෙන  බවද ඒ මහතා කීය.

මෙවර මාස්කන්නයේ මහ වැසි ආරම්භවීමත් සමඟ පෙලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජලය පිටාර මට්ටමට පිරීම හේතුවෙන් වැවේ වාන් දොරටු අද විවෘත කරන ලද්දේ තුන්වෙනි වතාවට බවද වාරිමාර්ග අධ්‍යක්‍ෂවරයා කීවේය.

මේ අතර තබ්බෝව ජලාශයේද වාන් දොරටු 02ක් අද (09) සවස විවෘත කළ බව පුත්තලම ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු දිලිප හෙට්ටිආරච්චි මහතා පවසයි.

පවතින වැසි හේතුවෙන් තබ්බෝව ජලාශයේ ජල මට්ටම වාන් මට්ටමට පැවතීමත් සමග මෙසේ වාන් දොරටු දෙකක් අඩිය බැගින් විවෘත කිරීම සිදුවූ බව කියයි.

ඒ අනුව තප්පරයට ඝණ අඩි 450 බැගින් මී ඔයට ජලය මුදාහැරීම සිදුවන බව වාරි මාර්ග නිලධාරීහු පවසති.
මේ වන විට තබ්බෝව ජලාශයේ ජල මට්ටම අක්කර අඩි 4500 ක ධාරිතාවක් ඇති බව පැවසීය.

පරාක්‍රම සමුද්‍රය

(ඡායාරූප - ක.ග. කරුණාරත්න)

 

 

 

තබ්බෝව ජලාශය

(ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ)



අදහස් (1)

පරාක්‍රම සමුද්‍රය - තබ්බෝව වාන් දොරටු අරී

sam Sunday, 10 January 2021 08:24 AM

මාසයක් පායපුවාම ඔක්කොම ඉවරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 21 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 17 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 732 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site