IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


පමුණුව නිමි ඇඳුම් වෙළඳපොල ජනතාවගෙන් පිරෙයි

එලැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් මහජනතාව ඒ වෙනුවෙන් සුදානම් වන අයුරු මේ දින වල දැකිය හැකි සුලබ දසුනක් වන අතර තම නෑදෑ හිත මිතුරන්ට තෑගි දීම සඳහා නිමි ඇඳුම් මිලට ගැනීම ඉන් ප්‍රධාන තැනක් ගනී. නිමි ඇඳුම් සඳහා ඉතා ජනප්‍රිය වෙළඳ ප්‍රදේශයක් වන මහරගම පමුණුව එසේ නිමි ඇඳුම්  මිලට ගැනීමට පැමිණි ජනතාවගෙන් පිරි ඉතිරි ගිය ලංකාදීප කැමරා කාචයේ සටහන් වූ අයුරු.

ඡායාරූප- ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (14)

පමුණුව නිමි ඇඳුම් වෙළඳපොල ජනතාවගෙන් පිරෙයි

Priyantha Tuesday, 10 April 2018 02:46 PM

මේ මගින් හැගෙන්නේ ජනතාව කරකියාගන්න විදියක් නැතිව ලොකු ලොකු සාප්පු වලට නොයා අඩුවට බාල ඇදුම් මිලදී ගන්න පමුනුවට යන බවයි. සුඛිත මුදිත කරන්න ආපු කට්ටිය පොර කකා වාහන ගන්න අතරේ ජනතාව හිඟමනට වැටී ඇති බව පේනවා නේද?

:       602       537

pjWednesday, 11 April 2018 02:55 AM

පව්.... නේද අනේ..?

:       0       10

සිරි Tuesday, 10 April 2018 04:02 PM

පාංකඩ පමුණුව මෙච්චර ජනප්‍රියද? නැත්නම් මිනිස්සු මේ වසරෙ පමුණුවේ යන තත්වෙට වැටිලද ?

:       525       263

lal Tuesday, 10 April 2018 04:10 PM

මමත් වෙනත් උවමනාවකට ඊයේ පෙරේදා මහරගම ගිය වෙලාවක මේක දැක්කා..

:       2       34

ලක්දිව් Wednesday, 11 April 2018 02:40 AM

සිරි නිකන් මෝඩ කතා කියන්න එපා. අවුරුදු නත්තල් කාලෙට පමුණුව කොහොමත් මේ වගේ තමයි.

:       91       130

jerry Wednesday, 11 April 2018 03:10 AM

පමුණුවට ගිහින් බලන්න.. බාල ඇඳුම් නෙවේ ඒවා කුඩා පරිමාණ නිමි ඇඳුම් නිපදවන පුද්ගලයින් නිෂ්පාදනය කර වෙළඳපලට ඉදිරිපත් කරන භාණ්ඩ.. ඔය ලොකුයි කියා ගන්නා සාප්පුවලට ලේබල් අලවලා එවන්නෙත් මේ කුඩා නිෂ්පාදකයින්ගේ ඇඳුම් තමයි... බාල බඩු කියන එක වැරදියි.

:       0       214

සෙන්ජී Wednesday, 11 April 2018 04:56 AM

බොරු සෝබන ඕනේ නැහැ. මමත් පමුණුවෙන් බඩු ගන්නවා. ලොකු සාප්පු වලිනුත්, නිතරම ගන්නවා. සමහර විට පමුණුවේ බඩු ඉතා හොඳයී. මහරගම වැසියෙක් ලෙස මම දන්නවා ලොකු සාප්පු වලට දෙන්නෙත්, පමුණුවට දෙන්නෙත් හුඟක් වෙලාවට එකම තැනින්. නමුත් සාප්පු මිල ඉහල දමා ඇත්තේ වැඩි වියදම් පියවා ගැනීමට සහ ඉහල ආකර්ෂණයක් ප්‍රයෝගකාරීව නිර්මාණය කිරීමට. අපිත් රැවටෙමු ද? මේත් එක විදිහක පංචිකාවත්තක්.

:       0       78

rama Wednesday, 11 April 2018 05:23 AM

සුපිරි ජනතාව මේවට එන්නේ නෑ. ඒත් දුප්පත් අපි නම් රෙදි ගන්නේ මේ කඩවලින් තමයි. ලංකාවේ මිනිසුන්ගේ නැති බැරීකම නොතේරෙන පාලකයන් පිරිසක් රට පාලනය කරන කොට මෙහෙම තමයි

:       74       14

Upali Wednesday, 11 April 2018 06:19 AM

මේ පමුණුව රෙදි කඩ නිසා මහරගම ජනතාව විඳින හිරිහැර කිව නොහැකි තරම්. පරණ පාර, පමුණුව පාර, පන්සල පාර දෙපැත්තෙම වාහන නවත්තගෙන පාරවල් හොඳටම අවහිර වෙලා. ඉතාමත් පටු මාවත් වූ දුම්රිය පටුමගේ දෙපැත්තෙම කඩ දාගෙන සැමන් පැක් වෙලා. මේ වෙළඳුන්ට වගේම ප‍්‍රදේශවාසීන්ටත් සහනයක් ලබා දෙන විසඳුමක් ගේන බවට නගර සභාව නොයෙක් විට පැවසූවත් මෙතෙක් කිසිදු විසඳුමක් ගෙන නෑ. බලමුකො බඩල්ගම නගර සභාව වත් මේකට විසඳුමක් දේවිද කියල.

:       0       35

ජයන්ත Wednesday, 11 April 2018 09:04 AM

කලකට ඉහත පමුණුව යනු ඉතා සුන්දර ගමකි. දැන් එහි නටඹුන් වත් නැත. රෙදි පිළි වෙළඳුන් අතර තරඟය ඉතා අශෝභනයි. පමුණුවෙහි දියුණුවක් නැත. ඇත්තේ ජනාකීර්ණ බව පමණයි. පමුණුව දැකීමත් දුකකි.

:       0       26

Ranasinghe Thursday, 12 April 2018 05:33 AM

මමත් නිතරම මේ මාර්ගය පාවිච්චි කරන කෙනෙක්, ගොඩක් දුරට මේ පාරේ තදබදයට හේතුව වෙළදුන් පාර අවහිර වෙන විදිහට තමන්ගේ වෙලදාම් කටයුතු කිරිම සහ වාහන ගාල් කිරිමට නිසි ක්‍රමවේදයක් පමුණුව අවට නොතිබිමයි.

:       0       2

Siri Thursday, 12 April 2018 06:26 AM

ඇයි ඔයාලට ඕනි සුපිරි සාප්පු තවත් පොහොසත් කරන්නද ? මෙහෙ සුපිරි කියාගන්න සාප්පු පාරිභෝගිකයන්ව නොයෙක් ප්‍රචාර දීලා රවට්ටනවා. නම්කළ වෙළඳ නාමයන් 4ක් එක්ක ලොකු බිලක් දැම්මම තෑගි වව්චරයක් දෙනවා කියනවා. මිනිස්සුත් අර විකුනගන්න බැරුව තියෙන බඩුත් එක්ක බඩු ගත්තහම බිල දාලා කියනවා වවුචර ඉවරවෙලා, SMS කරනවා කියල. මොන SMS එකක්වත් නැහැ දින පහු වෙනකන් .

:       0       15

nalin Thursday, 12 April 2018 11:39 AM

ප්‍රියන්ත, සිරි, ඒ මිනිස්සුන්ට එහෙම කතා කරන්න එපා. එකෙන් පේන්නේ ඔබලාගේ පහත් තත්වයයි. පමුණුවේ ඇඳුම් කුඩා පරිමාන වෙළඳුන්ගේ බව වටහාගන්න. ඒ මිනිස්සුන්ට අතක් දෙන්න කවුරුවත් නෑ. අව්ව වැස්ස නැතිව ඔහේ කාගේ හරි අගු පිලක් ඉස්සරහ ඒ කඩේ අරිනකම් හරි නැත්නම් පාරේ හරි උදේ 4 විතර ඉඳන් වෙළඳාම් කරනවා. මේ ඔක්කොම ජීවත් වෙන්න කරන දේවල්. හොඳ කියන සාප්පු වලට යන්නේ ජනගහනයෙන් කී දෙනෙක්ද? 75% ක් විතරම රෙදි තෝරාගන්නේ මේ වගේ තැන් වලින්. මේ අයටත් දෙල්කඳ පොලට දීපු වගේ ඉඩක් දුන්නනම් පාරේ තදබදය අඩුවෙනවා. නාවින්නේ ආර්පිකෝ එක ඉස්සරහ ඉඩම මේ වැඩේට හොඳයි.

:       0       106

jerryFriday, 13 April 2018 03:44 AM

නලින්, නාවින්නෙ ආර්පිකෝ එක ඉස්සරහා අලුත් බස් නැවතුම හදන්නලු යන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 394 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 112 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 794 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site