IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පන්දම් දල්වා ගෙන ධීවරයෝ විරෝධතාවයක

(කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත)
 
අය වැයෙන් සහන නොදීම ඇතුලු ගැටලු රැසක් මුල්කර ගනිමින් අද (28) රාත්‍රියේදී ධීවරයින් පිරිසක් පන්දම් දල්වාගෙන කොස්ගොඩ ගල්බොක්ක වෙරළ තීරයේ විරෝධතා ව්‍යාපාරයක නිරතවූහ.

                                                      
සිය ගැටලු පිළිබඳව දිවා කාලයේ අදාළ  බලධාරීන් දැනුවත් කළත් එයට  නිසි විසඳුම් නොලැබීම නිසා තමන් මෙසේ විසඳුම් ඉල්ලා රාත්‍රියේ විරෝධතාවේ යෙදෙන බවද මේ අවස්ථාවට සහභාගි වූ ධීවරයෝ පැවසූහ.
                                             
කොරෝනාවෙන් වැටී සිටින තමන් සඳහා මෙවර අයවැයෙන් කිසිදු සහනයක් ලැබී නැති බවද ඔවුහු කීහ.
                                                      
එමෙන්ම අදාළ බලධාරින්ගේ නොසැලකිල්ල නිසා සිය කර්මාන්තය දිනෙන් දිනම විනාශ වෙමින් පවතින බවද ධීවරයෝ කියති.
                                                         
දිවා කාලයේදී සිය ඉල්ලීම්වලට කන් නොදුන් බලධාරීන් රාත්‍රී කාලයේදීවත් ඊට කන් දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඔවුහු කියති.



අදහස් (4)

පන්දම් දල්වා ගෙන ධීවරයෝ විරෝධතාවයක

nimal Saturday, 28 November 2020 06:08 PM

ධීවරයින් පිරිසක් පන්දම් දල්වාගෙන කොස්ගොඩ ගල්බොක්ක වෙරළ තීරයේ විරෝධතා ව්‍යාපාරයක නිරත වූ පිරිසට දකුණෙන් කට්ටඩි මහත්මයකුත් ගෙන්නාගෙන වැඩේ මීට වඩා සාර්ථකව කළා නම් සිය ගැටලු පිළිබඳව නිසි විසඳුම් ලැබීමට සහ කොරෝනාවෙන් වැටී සිටින තමන් සඳහා මෙවර අයවැයෙන් සහනයක් ලබාගැනීමටත් එමෙන්ම අදාළ බලධාරින්ගේ සැලකිල්ල ලබාගෙන රජයේ ඇස් ඇරවීමටද හැකියාව තිබේ..

:       0       0

69lakshaya Saturday, 28 November 2020 06:21 PM

වෙන මොන සහනද ඕනෑ..? මේ රජය ඇතුළු අපේ සර් ඉන්නකොට?

:       0       1

Akila Sunday, 29 November 2020 03:10 AM

එක්කෙනයි මාස්ක් එකක් දාලා ඉන්නේ... ඉතින් මේ අයගෙන් මාළු ගන්න යන්නේ කවුද?

:       0       0

ඇමති Sunday, 29 November 2020 02:20 PM

වයඹ ස්කාගාරෙ එහෙම නැවත ඇරියේ නුඹලාට උදව් කරන්න තමයි. අපි දන්නවා නුඹලගේ ප්‍රශ්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 181 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site