සුජිත් හේවාජුලිගේ
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අද (25) ජනාධිපති කාර්යාලයේදී පැවති උත්සවයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඇගයීමට ලක්වූහ.
විශිෂ්ට දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පිරිසකට මෙහිදී ජනාධිපතිවරයා විශේෂ සම්මාන හා තිළිණ ප්‍රධානය කෙරිණි.මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරුවෝද ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක්වූහ.
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉතිහාසයේ වැඩිම පදක්කම් ප්‍රමාණයක් දිනා ගනිමින් ශ්‍රීලංකාවට විශිෂ්ට ගෞරවයක් පත් කර දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙහිදී ස්තූතිය පිරිනැමු ජනාධිපතිවරයා ඔවුන්ගේ ඉදිරි කටයුතු වෙනුවෙන් සහයෝගය දෙන බවද ප්‍රකාශ කළේය.
අමාත්‍ය ෆයිසර් මුස්තාෆා , හිටපු ක්‍රීඩා අමාත්‍ය දායාසිරි ජයසේකර මහතා , ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත විජේරත්න ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය

2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ජනපතිගේ ඇගයීමට
Raveendra Wednesday, 25 April 2018 02:24 PM
දුවේ, පුතේ නුඹලාට අපගේ හදවතින්ම උණුසුම් සුබ පතන්නෙමු. ඔබලාට තව තවත් මෙවන් ජයග්‍රහණයන් ලබාගෙන ඔබලාගේ මාතෘභූමියට කීර්තිය ගෙනඒමට ශක්තිය ධෛර්යය ලැබේවා.!!! එමෙන්ම ඔබලාගේ මෙම ජයග්‍රහණයන් පිටුපසින් සිටි ඔබලාගේ ආදරණීය දෙමවුපින්ටත්, පුහුණුවීම් සඳහා දායක වූ සියල්ලන්ටමත් ජයෙන් ජයම වේවා !!!
chris Wednesday, 25 April 2018 09:40 PM
මෙන්න ශ්‍රී ලංකීක අභිමානය ජයවේවා!.දේශපාලකයන් පසුපස යන්න නම් පුරුදුවෙන්න එපා.එහෙම වුණොත් එදාට ඔය අභිමානය ඉවරයි.මීට කලින් ජාත්‍යයන්තරයට ගිය ක්‍රීඩිකාවන්ට ක්‍රීඩකයන්ට වුණ දේ දැක්කනෙ. ජයවේවා.