IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම් දිනා එති

(කටුනායක ටී.කේ.ජී.කපිල )

ගෝල්ඩ් කෝස්ට් හි පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගි වූ බොක්සිං කණ්ඩායමක් , ලෝකඩ පදක්කම් තුනක් දිනාගෙන ඊයේ (15 වැනිදා) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළින් යළි ශ්‍රී ලංකාවට පැමිණියේය.

අනූෂා කොඩිතුවක්කු, ඉෂාන් බණ්ඩාර සහ තිවංක රණසිංහ පදක්කම් දිනාගත් ක්‍රීඩකයෝ සහ ක්‍රීඩිකාව වෙති.

ඔවුන් පිළිගැනීම සදහා විශේෂ උත්සවයක් ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරියේ පැවැත්වුනි. ඒ සඳහා හිටපු අමාත්‍ය සී.බී.රත්නායක , ශ්‍රී ලංකාවේ බොක්සිං ක්ෂේත්‍රයේ මෙන්ම , ක්‍රීඩා අමාත්‍යංශයේ උසස් නිලධාරීන් පිරිසක් සහ ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපිය , නෑදෑ හිතවතුන් පිරිසක් ද පැමිණ සිටියහ.

‘‘මම කිලෝ ග්රෑම් 48-51 බර පංතිය යටතේ ලයිට් ප්ලයිවේට් ඉසව්වෙන් තරග වැදුනා.ඒක තියුණු , ඒ වගේම ශ්‍රී ලංකාවට සුවිශේෂි තරගයක්. මම ඒ තරගයෙන් ලෝකඩ පදක්කම දිනා ගනිමින් , ශ්‍රී ලංකාවේ බොක්සිං ක්ෂේත්‍රයට පළමු පදක්කම දිනා දුන් කාන්තාව බවට ද පත් වුනා. පසුගිය  තරගාවලියක දී මට හිතා මතාම හිංසා පීඩා වන ආකාරයට ක්‍රීඩා කළ ඉන්දීය ක්‍රීඩිකා මේරි මුණ ගැසීම ද විශේෂත්වයක්...මට මේ ජයග්‍රහණයන්ට ශක්තිය ,ධෛර්යය ලබා දුන් මාස් ආයතනයට, ජාතික ඔලිම්පික් කමිටුවට සහ ශ්‍රී ලංකා බොක්සිං සංගමයටත් ස්තුති වන්ත වෙනවා. මගේ මීළඟ බලාපොරොත්තුව ආසියානු ක්‍රීඩා උළෙලයි.‘‘ යැයි අනූෂා කොඩිතුවක්කු පැවසුවාය.

තව වසර දෙකකට වඩා ක්‍රීඩා නොකරන බව පැවසූ අනූෂා , පන්නල බටපොත ප්‍රදේශයේ පදිංචිව සිටින අතර , ස්ලිම්ලයින් ආයතනයේ සේවය කරන්නීය.

දෙවන ලෝකඩ පදක්කම දිනා ගත්තේ පොළොන්නරුව මින්නේරිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි ඉෂාන් බණ්ඩාරයි. ඉෂාන් ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ සේවය කරයි.

‘‘මම කිලෝ ග්රෑම් 49 - 52 බර පංතිය යටතේ ප්ලයිවේට් ඉසව්වෙන් තරග වැදුනා . ඒක තියුණු තරගයක්. අවසාන තරගයට මා සමග ඉන්දීය ක්‍රීඩකයෙක් ඉදිරිපත් වුනා. මම ශ්‍රී ලංකා යුධ හමුදාපති තුමාටත් , මගේ දෙමාපියන් සහ බිරිඳටත් ස්තුතිය මේ අවස්ථාවේ පුද කරනවා‘‘ යැයි ඉෂාන් බණ්ඩා පැවසීය.

තුන් වන ලෝකඩ පදක්කම දිනා ගත්තේ මහනුවර ප්‍රදේශයේ පදිංචි , හෙළ ක්ලෝතින් ආයතනයේ සේවයේ නියුතු 24 හැවිරිදි තිවංක රණසිංහයි.

ඔහු කිලෝ ග්රෑම් 46 - 49 බර පංතිය යටතේ ලයිට් ප්ලයි වේට් අංශයෙන් තරග වැදුණේය.

මෙහිදී අදහස් දැක්වූ තිවංක, ‘‘මම තරග කළේ මේ මාසේ 13 වෙනි දා. මගේ බලාපොරොත්තුව වුනේ රන් පදක්කම. ඒ සෙල්ලම් කර්පු දවස ගැන මම පසු තැවෙනවා. මම හොඳ තරගයක් දෙන්න උත්සාහ කළා. මම මේ තරගාවලියේ දී දකුණු අප්‍රිකානු සහ වනවාටු රාජ්‍ය නියෝජනය කළ ක්‍රීඩකයින් පරාජයට පත් කළා. මගේ මීළඟ බළාපොරොත්තුව 2020 වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි.‘‘ යැයි පැවසීය.

මම බොක්සිං ක්‍රීඩාවට පිවිසි දා සිටම මට උදව් කළ සියලු පුහුණුකරුවන්ට , මගේ දෙමාපියන් ට සහ මා ඉගෙනුම ලැබූ විද්‍යාර්ථ විද්‍යාලයටත් මගේ ප්‍රණාමය හිමි වෙනවා යැයි පැවසීය.



අදහස් (6)

පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම් දිනා එති

surath Monday, 16 April 2018 11:48 AM

ශ්‍රී ලාංකික ධජය ජාත්‍යන්තරයේ එසවූ ඔබ සැමට සුභ පැතුම් !!!

:       0       138

Raveendra Monday, 16 April 2018 12:10 PM

දරුවනේ, නුඹලාට අපගේ උණුසුම් සුබ පැතුම් !!!

:       0       131

ලුම්බිණි Monday, 16 April 2018 01:26 PM

ලබන වතාවේ බර්මින්ග්හැම්වල මේ පදක්කම් ගණන තුන් ගුණයකින් වැඩි කරන්න පුළුවන් වේවා !!!

:       0       139

ROSHAN Monday, 16 April 2018 03:16 PM

සුබ පැතුම්!!! ලංකාව රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් හතරක් දිනුවා.. අනික් අය කොහෙද?

:       2       4

dhammika Tuesday, 17 April 2018 07:42 AM

සුබ පැතුම්!!! මෙවර කවරදාකවත් නැති පදක්කම් ගණනක් ලබා ගත්තා. අපි බොහෝ විට පදක්කම් ගන්නේ බොක්සිං සහ බර ඉසිලීම්වලින්. අනෙක් ක්‍රීඩා වලිනුත් ඉදිරියට යන්න පාසැල් ළමයින්ට ක්‍රීඩාවක් අනිවාර්ය කරන්න ඕනේ.

:       0       0

kristhu Monday, 23 April 2018 10:19 AM

ක්‍රීඩකයන්ගේ පින්තූර පමණකි මෙහි දමා ඇත්තේ, කෝ ක්‍රීඩිකාවගේ පින්තූර...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site