IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


පුද්ගලයින් 6000 කට ආහාරයට ගත හැකි ස්ට්‍රෝබෙරි පීසාවක් නුවරඑළියෙන්

(රංජිත් රාජපක්ෂ)

නුවරඑළිය ග‍්‍රැන්ඩ් හෝටලයේ ප‍්‍රධාන සූපවේදීන් ඇතුලූ සේවක මණ්ඩලය එක්ව ස්ට්‍රෝබෙරි පළතුර යොදාගෙන සකස් කළ  විශාල ‘පීසාවක්‘ අතුරුපසක් ලෙස සකසා පිළිගැන්වීම අද (17) එම හෝටලයේදි සිදු කළේය.

මෙම ස්ට්‍රොබෙරි පීසාව සදහා ස්ට්‍රොබෙරි කිලෝ 200 උපයෝගි කරගෙන තිබු අතර එය නිපදවීම සඳහා උපයෝගි කරගත් අනෙකුත් අමුද්‍රව්‍ය  සමඟ එහි  මුළු බර කිලෝ 1400 කි.

මෙම ස්ට්‍රොබෙරි පීසාව පුද්ගලයින්  6000 ආහාරයට ගත හැකි බව මෙම පීසාව නිපදවු සූපවේදීහු පවසති.

එහි  විශ්කම්භය අඩි 25 හා උස අගල් 6 යුක්ත වේ’නුවරඑලිය ග‍්‍රැන්ඞ් හෝටලයේ ප‍්‍රධාන සූපවේදින් වන ප‍්‍රියන්ත වීරසිංහ සහ විරාජ් ජයරත්න යන මහත්වරුන් සහ සේවකයන් සිය දෙනෙකුගේ සහභාගිත්වයෙන් නිර්මාණය කරන ලද මෙහි  මුළු බර කිලො 1400කි

මෙය  එළිදැක්වීමෙ අවස්ථාවට සංචාරක මණ්ඩලයේ සභාපති කාවන් රත්නායක නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාලාල් මහතාද සහභාගී විය.

නුවරඑලිය ග‍්‍රැන්ඞ් හෝටලයේ සාමාන්‍යධිකාරී රිසාන් රසීම් මහතගේ උපදෙස් පරිදි මෙම පීසාව නිර්මාණය කර ඇත.

ශ‍්‍රි ලංකාවේ නුවර එළියේ පමණක් වැවෙන ස්ට්‍රොබෙරි වගාව ලොව පුරා ප‍්‍රචලිත කිරිමේ අරමුණින් හා නුවර එළිය ප‍්‍රදේශයේ ස්ට්‍රොබෙරි වගාකරුවන් දිරි ගැන්විමට මෙම පිසාව නිර්මාණය කිරිම තුළින් අවස්ථාව ලැබෙන බව නුවරඑළිය මහ නගර සභාවේ පුරපති චන්දන ලාල් කරුණරත්න මහතා  පැවසිය.

මෙය අද සිට දින 10 දහයක් එම හෝටලයේ ප‍්‍රදර්ශනය කිරිමට කටයුතු කර ඇත. මෙම හෝටලය මගින් මීට ප‍්‍රථම අර්තාපල් වලින් නිෂ්පාදනය කරන ලද  ලෝකයේ ලොකුම කෙක් ගෙඩියද නිර්මාණය කර එළි දක්වා ඇත.



අදහස් (8)

පුද්ගලයින් 6000 කට ආහාරයට ගත හැකි ස්ට්‍රෝබෙරි පීසාවක් නුවරඑළියෙන්

nuwan Friday, 17 August 2018 10:33 AM

ලෝකේ ලොකුම පාර්ලිමන්ට් ජෝක් එකත් ලංකාවේ තියෙන එකේ.... ලෝකෙන් ලොකුම පීසාව හැදුවම මොකද?

:       47       176

Chanak Los angelesSaturday, 18 August 2018 12:54 AM

ඇයි ලෝකයේ ලොකුම හොරකම ?

:       0       64

Marshall Wickramaratne Friday, 17 August 2018 12:02 PM

චෙෆ් !! ඔබට අපේ සුබ පැතුම්... !!!

:       2       33

adiri Friday, 17 August 2018 12:23 PM

දවස් 10ක් තියා ගන්න මොන තරම් විස දාල ඇතිද? කාටද මේක පස්සේ කන්න දෙන්න යන්නේ?

:       0       39

sumanapala Friday, 17 August 2018 02:03 PM

මේක කුඩා කරන්න. අපරාදේ කෑම විනාශ කරනවා.

:       17       21

same Friday, 17 August 2018 03:30 PM

වැඩක් නැති දේ මොලේ කළඳක් නෑ

:       10       87

අප්පුහාමි Friday, 17 August 2018 04:13 PM

අපේ රට ගැන මට ඇතිවෙන්නේ පුදුම ආඩම්බරයක්. වෙන මොනවද අපට ඕනේ? අපිට ගහන්න කවුරුවත් නෑ. නoගී මල්ලි යන්න නුවරඑළි, ගහන්න සෙල්පියක්

:       11       30

prasad Saturday, 18 August 2018 03:47 PM

පීසා වැඩිපුර කන රටවල ස්ට්‍රෝබෙරි දාන්නේ නැහැ. මේ පීසා එක දින 10ක් තියාගත්තට පස්සේ කන්න පුලුවන්ද? හෝටල් ගැන දන්නා කෙනෙක් කියන්නකෝ මෙච්චර ආහාර විනාසයක් නොකර මේක ප්‍රමෝට් කරන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද?(හදපු දවසෙම ප්‍රදර්ශනය කරලා, හවසට ලාබෙට වික්කා නම් ඉවරයිනේ )

:       2       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1765 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1449 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 520 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site