IMG-LOGO

පත්වීම් ලද - රැකියා නොලද උපාධිධාරීහු විරෝධතා අරඹති

(ඩී.ජී.සුගතපාල)

 

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරි සංගමයේ ගාල්ල දිස්ත්‍රික්කයේ උපාධිධාරින් පිරිසක් රැකියා ලබාදෙන ලෙස ඉල්ලා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (10) පෙරවරුවේ විරෝධතාවයක් පවත්වන ලදී.

ඔවුන් කියා සිටියේ පසුගිය ජනාධිපතිවරණයට පෙර තමන්ට පත්විම් ලැබුණද මැතිවරණ කොමසාරිස්ගේ නියෝගයක් මත පත්විම් නතරකළ බවයි. මේ අතර අගමැතිවරයා ඉකුත් අප්‍රේල් 07 වන දින ප්‍රකාශයක් කරමින් නැවත උපාධිධාරින් රැකියා සඳහා කැඳවන බව ප්‍රකාශ කළත් එසේ සිදුවුයේ නැති බවද එනිසා උපාධිධාරින් රැකියාගත කිරීම සඳහා මැතිවරණ කොමිසම රජය හා සාකච්ඡාකර තීරණයකට එළඹිය යුතු බවත් විරෝධතාවට එක්වු උපාධිධාරිහු කියා සිටියහ.

පසුව විරෝධතාකරුවෝ ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා හමුවි සංදේශයක්ද බාර දුන්හ.

එහිදි දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මගින් අභ්‍යාසලාභි උපාධිධාරින් 1580ක් පමණ ගාල්ල දිස්ත්‍රික්කයට එවා තිබු නමුත් මැතිවරණ කොමසාරිස්වරයාගේ නියමය පරිදි එම පත්වීම්  නතර කළ බවය. කෙසේවෙතත් මෙම ඉල්ලීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට දන්වා යවන බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

 

 

--------------------------------------------------------------------------------------------------------------------------------

බදුල්ලේ විරෝධය සෞඛ්‍ය උපදෙස් අනුව

(බදුල්ලේ පාලිත ආරියවංශ) 

රැකියා ලබා දී මැතිවරණ නීතිවලට අනුව  එම රැකියා නතර කිරීමට ලක්වූ  උපාධිධාරින් පිරිසක් හා රැකියා විරහිත උපාධිධාරින් පිරිසක්  බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදරිපිටදි කොවිඩ් 19  නිරෝධායන  සෞඛ්‍ය  උපදෙස් වලට අනුව පුද්ගල දුරස්ථභාවය තබා ගනිමින්  අද (10)  දහවල් නිහඬ විරෝධතාවයකට එක්ව සිටියහ.

රැකියා අහිමිවූ ව්‍යපෘති සහකාර එකමුතුව හා ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමය විසින් මෙම විරෝධතාවයන් සංවිධානය කර තිබිණ.

 



අදහස් (20)

පත්වීම් ලද - රැකියා නොලද උපාධිධාරීහු විරෝධතා අරඹති

de silva Wednesday, 10 June 2020 08:40 AM

මේ කොරෝනා අස්සේ, රට බංකොලොත් වෙලා අගුලු දමලා තිබෙන අවස්ථාවේ මොන පත්වීම්ද?

:       278       226

janahitha Wednesday, 10 June 2020 09:05 AM

නොමිලේ උගන්නනත් ඕන ආණ්ඩුවේ නැති රස්සාවල් දෙන්නත් ඕන බෝර්ඩ් ලෑලි අල්ලන්න ඉගෙන ගත්තේ යුනිවර්සිටියෙන් වෙන වැඩක් නැහැ... කම්මැලි නොවී උගත්කමෙන් රටට වැඩක් කරන්න බැරි කමක් නැහැ. ඕක අල්ලාගෙන හිටියට රටේ ප්‍රශ්න විසදෙන්නේ නැහැ...

:       434       514

විජිත් Wednesday, 10 June 2020 09:09 AM

බලාගෙන මහත්වරුනේ... ආණ්ඩුවේ අලුගෝසුවන් අද ඔබලාව ගොදුරුකර ගත්තොත්...මට හොඳට තේරෙනවා ඔබලාගේ වේදනාව. ඒ වුණත් කවදාවත් රැවටෙන්න එපා දේශපාලුවන්ගේ (සමාවෙන්න ලංකාවේ දේශපාලුවන්ගේ පමණයි, සමහර දියුණු රටවල දේශපාලකයින් පොරොන්දු දෙන්නේ නැහැ... ඒ අයට කරන්න බැරිනම්. එහෙම පොරොන්දු දීලා නොකර හිටියොත් ඒ අයට නඩු වැටෙනවා.. කූඩුවටත් යන්න වෙනවා.) බොරු පොරොන්දු වලට... රටේ තිබෙන සෘන ආර්ථිකය හරහා රැකියා හදනවා කියන්නේ අපහසු දෙයක්. නමුත් කාටත් කලින් උගතුන් වන ඔබලාට හිමි රැකියා ඔබලාට නොලැබෙන්නේ ඇයි..? ඒ අවස්ථාවන් දේශපාලුවන්ට ගැතිකම් කරන සමහර විට පාසල් ගිහිල්ලවත් නැති කුකුල් හොරුන්ට ලබා දීලා.. ඉහළ තනතුරු දරන කීදාහක් ඉන්නවද මූලික උපාධියවත් නැති..? ඔබලාත් විශ්ව විද්‍යාලේ නොගිහින් දේශපාලුවන්ට.. කුලියට මිනීමැරුවා නම්.. කුඩු බිස්නස් එකට සපෝට් කළා නම්... කසිප්පු බිස්නස් එක මුර කළා නම්.. අද ලොක්කෙක්...!!! මොනවා වුණත් ඔබලාට සුදුසු රැකියාවක් ලබා ගැනීමේ අයිතිය වෙනුවෙන් මමත් පෙනීසිටිනවා. මේ කොමෙන්ට් එක ඔබලාට ශක්තියක් වේවා...!!!

:       271       1086

sunilWednesday, 10 June 2020 11:47 AM

නිකම් රටින් ගව් ගණනක් දුර ඉඳලා බෙරිහන් දෙන්නේ නැතිව, රටේ ප්‍රශ්නවලට රට තුළ සිට විසඳුම් සෙවිය යුතුයි...

:       555       68

karuWednesday, 10 June 2020 01:25 PM

සුනිල්, රටින් ගව්ගණන් දුර ඉඳලා හරි ඒ අය කියන දේවල් බොරුද..? ගව් ගණනක් දුර හිටියාට ඒ අයටත් මේ රට ගැන ලොකු කැක්කුමක් තියෙනවා.

:       54       680

ranjan pereraWednesday, 10 June 2020 02:34 PM

මේ දේශපාලුවන් මේවාට දෙන්න දන්නේ එකම විසඳුමයි. ඒ තමයි ආණ්ඩුවේ බත්බැල මිනීමරු පොලිසිය ලවා පහරදීමයි. ඊයේ දැක්කනේද..? සෞඛ්‍යය නීති පිළිපැද්දේ නැහැ කියලා තමයි පටන් ගත්තේ ගහන්න. ඇමෙරිකන් ගැති ඇමෙරිකාවට බය පාලකයින් දේශපාලනයෙන් පන්නා දැමිය යුතුයි.

:       60       817

සමිත සේනක අලුත්ගමගේ.Wednesday, 10 June 2020 06:06 PM

සුනිල් මයා, විජිත් කියන්නේ මේ රටට කීර්තියක් දෙන රටට ආදරය කරන උගත් බුද්ධිමතෙක්. කරුණාකර එතුමා වටහා ගන්න උත්සාහ කරන්න.

:       1       205

KoralageThursday, 11 June 2020 03:14 AM

ඔයාගේ කතාව සහතික ඇත්ත.එදා අර නීතිගරුකව සාමකාමිව විරෝධතා දැක්වූ අයට පොලිසිය ඇවිල්ලා දාමරිකයෝ වගේ හාමුදුරුවන්ට බැනලා විරෝධතාකරුවන්ව දරුණු විදියට ඇදගෙන ගිහිල්ලා පොලිස් වාහන වලට විසි කළ හැටි අපි ඉතාම පිළිකුලෙන් හෙළාදකිනවා.මේක පොලිස් ඉතිහාසයට වෙච්ච කළු පැල්ලමක්.මේවට උත්තර තියෙන්නේ මහජනතාව අතේ...මේවා ගැන බුද්ධිමත්ව හිතලා චන්දය පාවිච්චි කරන්න.

:       0       56

ravi Wednesday, 10 June 2020 11:26 AM

ආණ්ඩුව දුන්නු පොරොන්දු ඡන්දෙට කලින් ඉටු කළයුතුවේ. නැතිනම් අනිත් පැත්තට ඡන්දය දමන්න.

:       32       303

chthranjan Wednesday, 10 June 2020 11:27 AM

ඡන්ද ගුණ්ඩු වමාරන්න වෙනවා..

:       1       145

Champa Wednesday, 10 June 2020 01:43 PM

මේක නම් පොහොට්ටුවම කරපු වැඩක් වගේ.

:       0       70

ChampaWednesday, 10 June 2020 02:47 PM

මැතිවරණය ගැසට් කළාට පස්සේ විරෝධතා කරන එක විහිළුවක් විදිහටයි මට නම් පේන්නේ... රාජ්‍ය සේවයට එනවා නම් මැතිවරණ නීති ගැන දැන ඉන්න වෙනවා...

:       78       166

බද්රානි Wednesday, 10 June 2020 02:07 PM

උපාධියකුත් තියාගෙන පත්වීම් ගත්තාම ඔහොම වෙනවා. ඇත්තම කියනවා නම්, පවතින රජයකට මුට්ටි අල්ලන්නේ නැතිව රැකියාවක් ලබා ගන්න තරම් ඔය කියන උපාධියේ වටිනාකමක් නැහැ නේද? අනික ඉතින් විනයකින් තොරව ලබන අධ්‍යාපනයෙන් වගතුවක් සිදුවෙන්නේ නැහැ කවදාවත්..., පෞද්ගලික ක්ෂේත්‍රය වුණත් බොහෝවිට ඔවැනි උපාධිධාරීන්ව ප්‍රතික්ෂේප කරන්නේ විනයකින් තොර ලබපු අධ්‍යාපනයේ අනිටු විපාකය ඔවුන් හොඳින් දන්නා නිසයි. අර විශ්ව විද්‍යාලේදී කළා වගේ මේ ඉතිරි කාලයත් මහපාරේම ඉන්න. එය හරිම විනෝද ජනකයි...

:       346       263

chinthaka Wednesday, 10 June 2020 02:40 PM

උගතුන් ඕනෑ නැතිනම් මොන මගුලකටද විශ්ව විද්‍යාල තියෙන්නේ... හොරු ටිකක් පාලනය කරන රටක උගතුන්ට අවස්ථා නැතිබව මොනවට පැහැදිලි වේ. විශ්ව විද්‍යාල දරුවන් මේ තත්වය හොඳින්ම තේරුම් ගත යුතුයි. ඔබ ඔබේ උපාධිය ගත් වහාම රටෙන් පිටවන්න කොහොම හරි... ඔබේ සේවය වෙන රටකට ලබාදෙන්න.

:       287       324

udariWednesday, 10 June 2020 06:23 PM

චින්තක ඔබගේ අදහසට මමත් එකඟ වෙනවා. මගෙත් දරුවෝ දෙන්නෙක් විශ්ව විද්‍යාල 2ක ඉංජිනේරුවන් ලෙස ඉගෙන ගන්නවා .මමත් මගේ මහත්මයත් තීරණය කරලා තියෙන්නේ උපාධිය සම්පූර්ණ කරපු ගමන් ඒ දෙන්නවම රටෙන් පිටකරන්න... මෙහෙ අයට අනාගතයක් නැහැ.

:       171       209

nandanaMonday, 15 June 2020 03:12 PM

එහෙමනම් පිටරටක තමන්ගේ අධ්‍යාපනය කරගත්තොත් හොඳ නැද්ද? මොකද ලංකාවේ විශ්ව විද්‍යාල නඩත්තු වෙන්නේ ලංකාවේ විශ්ව විද්‍යාල නඩත්තු වෙන්නේ ලංකාවේ මිනිස්සු ගෙවන බදු මුදලින්...

:       0       0

sachith Thursday, 11 June 2020 06:07 AM

මෙයාල තාම මේ ලෝකේ ඉන්න අමුතුම මිනිස්සු, ආණ්ඩුවෙන් ඉගෙනගෙන අාණ්ඩුවෙන්ම රස්සාව දෙන්න ඕනෑ... මම දන්නා එක්කෙනෙක් හිටියා. උපාධිය අරගෙන ඉදිකිරීම් වැඩබිමක අත්උදව් වැඩ කළා.. මෙයාලා ගෙදරින් කකා ආණ්ඩුවෙන් පත්වීම දෙනකම් ඉන්නවා... පත්වීම ගත්තත් ඉතින් තමන්ට වැඩකුත් නෑ. රටට වැඩකුත් නෑ..

:       289       294

ChampaThursday, 11 June 2020 04:30 PM

එතකොට පිටරට උපාධි අරන් ලංකාවේ රස්සාවලට එන උපාධිදාරීන් හොඳයිද? ඇයි ඔබ ඒ අයට කියන්නේ නැත්තේ, ලංකාවේ ඉගෙන ගත්ත දරුවන්ට තියෙන රස්සා ටික ඩහැගන්න එන්නේ නැතුව, උපාධිය ගත්ත රටවලටම වෙලා එහෙ තියෙන ඉඳිකිරීම් වැඩ බිමක රස්සාවක් හොයාගෙන කරන්න කියලා?

:       21       25

isuru Thursday, 11 June 2020 06:53 AM

ආණ්ඩුවේ පැලැස්තර විසඳුම්...

:       0       30

Bamunuarachchi Friday, 19 June 2020 03:37 AM

මොවුන්ට උපාධි කඩදාසිය ලැබුණාට මොලේ ලැබිලා නැත. කොරෝනාව නිසා ස්ථිර රැකියා කරන අයත් රැකියාවලට ගෙන්වන්නේ කොටස් වශයෙන්. සමහරු ගෙවල්වල සිට රැකියාවේ යෙදෙනවා සමහරුන්ට රැකියා නැහැ. මොවුනට තවම පුහුණුවක්වත් ලැබිලා නැති කොට මොන රැකියාද? ඉන්න ටිකක් රට සන්සුන් වෙනකන්. ජෙප්පෝ මොනවා ඉගැන්නුවේ නැතත් බෝඩ් අල්ලාගෙන පාරේ ඉන්න උගන්වලා තිබෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 205 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 713 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1124 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site