
(රෝවන් පෙරේරා පුත්තලම)
පුත්තලමෙන් හමුවූ අඩි 12 පමන දිගින් යුත් විශාල පිඹුරකු තබ්බෝව අභය භූමියට මුදා හැරීමට කටයුතු කල බව වනජීවී පාලන ඒකකය කියයි.
27 වන දින රාත්‍රියේ නවයට පමන මුන්දලම අක්කර සියය ප්‍රදේශයේ ගම්මානයකට පැමිණි මෙම පිඹුරා ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගෙන මුන්දලම පොලිසියට දැණුවත් කිරීමෙන් පසුව පොලිසිය මැදිහත් වීමෙන් පුත්තලම වන ජීවී පාලන ඒකකයේ නිළධාරින් දැනුවත් කර පිඹුරා වන ජීවී නිළධාරීන්ට ලබා දීම සිදුවීය.
වන ජීවී නිළධාරීන් පිඹුරා මුන්දලම අක්කර සියය ප්‍රදේශයේ සිට කිලෝ මීටර 40 පමන දුරින් පිහිටි කරුවලගස්වැව තබ්බෝව අභය භූමියට මුදා හැරීම අද (28) අලුයම සිදුවිය.
පුත්තලම වනජීවී පාලන ඒකකයේ වනජීවී අඩවි ආරක්ෂක ඩබ්ලිව් එම් කේ වී නවරත්න බන්ඩාර මහතා පැවසුවේ පුත්තලම දිස්ත්‍රික්කයේ හමවූ විශාලතම පිඹුරා බවයි.







2025 දෙසැම්බර් මස 18
142
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුත්තලමෙන් අඩි 12 ක පිඹුරෙක්
KANDEPOLA Saturday, 28 April 2018 08:28 AM
ඔයිට වඩා දිග එවුන් ඉන්නවා දියවන්නාවේ...
de silva Saturday, 28 April 2018 05:54 PM
මෙවැනි දෙයක් කරන්න ඕනේ වැඩි කලබලයක් නැතිව සතාට ඇතිවන බිය අඩුම වන ආකාරයටයි. මෙතන මිනිස්සු 100ක් විතර එකතුවෙලා සතා අත්පත ගාමින් ෆොටෝගහමින් කරන්නේ විශාල වැරැද්දක්...
de silva Saturday, 28 April 2018 06:58 PM
දියවන්නාවේ වැඩිපුර ඉන්නේ දෙපත් නයින් සහ ලේමාපිලුන්...
rocky Sunday, 29 April 2018 01:55 AM
මෙයාට නාම යෝජනා දීලා පළාත් සභා ඡන්දෙට ඉදිරිපත් කරමු. ජාතියට නියම සේවයක් බලාපොරොත්තු වෙන්න පුළුවනි.