IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


පුංචි ඡන්දයේ කාන්තා නියෝජනය වැඩි කරන්න ඉල්ලයි

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
 
ඉදිරියේදි පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා පළාත් මට්ටමින් සියයට 25 ක කාන්තා නියෝජනය තහවුරු කරන ලෙස ඉල්ලා පාගමනක් කොළඹ විහාරමහා දේවි උද්‍යානය අසලින් අද (14) ආරම්භ කෙරිණ.
 
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය එක්ව මෙය සංවිධානය කර තිබූ අතර ත්‍රිවිධ හමුදා සාමාජිකාවන් ඇතුළු විවිධ වෘත්තීන් නියෝජනය කරන කාන්තාවෝ විශාල පිරිසක් පාගමන සඳහා එක්ව සිටියහ. 
 
ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයාද , චන්ද්‍රානි බණ්ඩාර , සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ අනෝමා ගමගේ යන අමාත්‍යවරියන්ද මේ අවස්ථාවට එක්වුහ.  
 



අදහස් (9)

පුංචි ඡන්දයේ කාන්තා නියෝජනය වැඩි කරන්න ඉල්ලයි

kalpa Tuesday, 14 November 2017 01:09 PM

කාගෙන්ද ඉල්ලන්නේ, ඡන්දය දෙන්නේ ජනතාව. කාන්තාවෝ පක්ෂ අත් හැරලා එකතුවෙලා ඉදිරිපත් වෙන්න.

:       0       4

lal Wednesday, 15 November 2017 12:44 AM

"කලහමාරයි" කිව්වලු.

:       0       17

rama Wednesday, 15 November 2017 03:24 AM

ඉල්ලුම් පත්‍රයට නම් ටිකක් දන්නා විතරනේ තියෙන්නේ.....

:       0       7

Samarawickrama Wednesday, 15 November 2017 03:31 AM

මේ පින්තුරය වචන දහසක් කියනවා. කාන්තාවන් කණ්ඩායමක් තමන්ගේ ඓතිවාසිකම් ඉල්ලලා පෙළපාලි යනකොට. තවත් කාන්තාවක් තමන්ගේ සහ පවුලේ ජීවිත රැකගන්න කරත්තයක් ලග හිටගෙන ඉන්නවා.

:       0       119

manoj Wednesday, 15 November 2017 04:42 AM

කාන්තාවන්ගේ ප්‍රශ්න විසදන්න අනිවාර්යෙන් කාන්තාවෝ පාර්ලිමේන්තු එන්න ඕන. නමුත් දේශපාලනේ ගැන මෙලෝ සසරක් නොදන්නා ටේලි නාට්‍ය නිලියෝ නෙමේ. හොදින් ඉගෙන ගත්තු සමාජේ ගැන මෙන්ම පවූල් ජීවිතය ගැනත් පුළුල් අවබෝදයක් තියන අය විය යුතුයි.

:       62       59

gawus Wednesday, 15 November 2017 05:35 AM

කාන්තා බස් සේවාවක් දැම්මා. කාන්තාවෝ ඒකට නැග්ගේ නැහැ. බස් එක නැවැත්තුවා......... දුර ගමන් යන සමහර කෝච්චියේ කාන්තාවන්ට කියල පෙට්ටියක් තියනවා.... එකෙන් යන්න කාන්තාවෝ ගොඩක් ය අය කැමති නැහැනේ. එකෙන් යන්නේ පරක්කුවෙලා නැගිටලා කොන්ඩ පීරන්නැතිව ලිප්ස්ටික් ගාන්නේතුව කොච්චියෙන්ම ඒ ටික ඉටුකරන අය විතරයි. ඉතින් කාන්තාවෝ ඡන්ද දෙයිද එහෙම දුන්නොත් පාර්ලිමේන්තුව කොහොම වෙයිද? ඉවසල බලමු.....

:       0       2

Hafeel Wednesday, 15 November 2017 10:43 AM

අර දේශප්‍රේමීන්ගේ බිරින්දෑවරුන්ට පුළුවන් ආයතන දෙකකට තරඟකරන්න.

:       9       2

එම්. ඔසන් සලාම් Wednesday, 15 November 2017 03:55 PM

මෙම උද්ඝෝෂණයට සහභාගිවන අය දැක්කාම පුදුම හිතෙනවා. මොකද මෙම ඉල්ලීම ඉටුකරන්න යැයි බල කරන්නේ කාගෙන්ද? පලාත්පාලන ඇමතිවරයා සහ රජය නියෝජනය කරන සියළු පාක්ෂිකයින් නොවේද මේ ඉල්ලීම ඉටුකරන්නැයි බල කරන්නේ? මෙය තනිකරම "ඌ මට ගහනවා...මට ඌ ගහනවා" කියන බර්ටිගේ දෙබස වගේ නොවෙයිද?

:       0       6

darshana Thursday, 16 November 2017 07:24 AM

ඕකට පෙළපාලි ගිහින් වැඩක් තියෙනවද? මේ වගේ නිවුස් දැක්කම වහ කන්න තමයි හිතෙන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 400 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 112 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 796 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site