
(අමදෝරු අමරජීව)
නැගෙහිර මුහුදේ සංගමන් කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38 ක් ඔබ්බෙන් මුහුදෙන් ගමන් කරමින් තිබූ ලිහිසි තෙල් රැගත් නෞකාවක අද (3) ගින්නක් හටගෙන ඇතැයි සමුද්‍රීය ආරක්ෂණ අධිකාරිය කියයි.
මෙම නෞකාව කුවේට් රාජ්‍යයේ සිට ඉන්දියාවට ලිහිසි තෙල් මෙට්‍රික් ටොන් ලක්ෂ 3 ක් රැගෙන යද්දී මෙම අනතුරට මුහුණ පා ඇති බව අධිකාරියේ නැගෙනහිර පළාත් සහකාර අධ්‍යක්ෂ ටී.ශ්‍රීපති මහතා පැවසීය.
අනතුරට පත් නෞකාවේ ගින්න එන්ජින් කාමරයක හටගෙන ඇති අතර එහි කාර්ය මණ්ඩලයේ සිටින 23 දෙනෙකු නාවික නෞකා දෙකකින් බේරාගෙන තිබේ.
දැනට නෞකාවේ ගින්න හේතුවෙන් ලිහිසි තෙල් මුහුදට මිශ්‍ර වීම සිදුවී නැති අතර ඒ සම්බන්ධයෙන් නීරික්ෂණයක යෙදී සිටින බව වැඩිදුරටත් ශ්‍රීපති මහතා කීය.
(ඡායාරූප - ගුවන් හමුදා මාධ්‍ය අංශයෙනි)









2025 දෙසැම්බර් මස 18
165
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
151
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
958
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නැ’හිර මුහුදේ ගිනි ගනිමින් තිබෙන නෞකාවේ 23 ක් බේරාගනිති
de silva Thursday, 03 September 2020 02:11 PM
අපට තිබෙන කරදර මදිවාට තවත් එකක්.
rasika Friday, 04 September 2020 07:02 AM
තෙල් වතුරට වැටුණොත්?