IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


නුවර ඇසල පෙරහරට කප් සිටුවයි

( චමිල් රුපසිංහ)

 
 



මහනුවර ඓතිහාසික ඇසල පෙරහර මංගල්‍ය ආරම්භ කිරීම සඳහා සතර මහා දෙවාලයන්හි කප්සිටුවීමේ මංගල්‍ය අද (12) උදෑසන හය පසුවි මිනිත්තු දෙකට යෙදුණු සුබ මොහොතින් මහනුවර සතර මහා දේවාල වලදී සිදුවිය.

මේ අවස්ථාව සදහා මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාද සහභාගි විය.

අලුත් නුවර ශ්‍රි දැඩිමුණ්ඩ දෙවාල භුමියේ හටගත් “කප “ ( ඵල නොදැරු කොස් පැලය ) පුරාණ චාරිත්‍ර සිදුකර වන්නකුරාල විසින් කපා ගත් ‘කප ‘ සකසා අලුත්නුවර ශ්‍රි දැඩිමුණ්ඩ දෙවාලයට ගෙනවිත් වතාවත් සිදුකර මහනුවර ශ්‍රි විෂ්ණුදේවාලය දක්වා කප් වැඩවීම ( “ කල්ප වෘක්ෂ පෙරහර “ ) නමින් හදුන්වනු ලබයි.

එම පෙරහැර ඊයේ (11) උදැසන 6 ට පමණ මාවනැල්ල ඓතිහාසික අලුත් නුවර ශ්‍රි දැඩිමුණ්ඩ දේවාලයෙන් අරඹා මහනුවර  විෂ්ණුදේවාලය දක්වා ගමන් කිරිම වසර සියයකට පමණ පසුව පුරාණ චාරිත්‍ර විධි අනුව උත්සවාකාරයෙන් අලි ඇතුන්ගෙන් සපිරි පෙරහර තුන්වැනි වරට පැවැත්විණි.

මහනුවර ශ්‍රි විෂ්ණුදේවාලයේ පල්ලේ දේවාලයට ගෙවදුනු කප   පුද පූඡා පවත්වා ශ්‍රි විෂ්ණුදේවාලයේ බස්නායක නිලමේගේ උපදෙස් පරිදි “කප “ 11 වැනිදා සවස 4.22 ට කොටස් 4 කට කපා ඉන් කොටස් 3 ක් නාථ, කතරගම සහ පත්තිනි දේවාල වල බස්නායක නිලමේවරුන් හා රාඡකාරිකරුවන් වෙත භාරදෙයි. ඔවුන් එම “ කප “ තම දේවාල වලට ගෙන ගොස් අද අලුයම  කප් සිටුවීමේ මංගල්‍ය උදේ 6.02 සිදු කළේය.

අද(12)   සවස සතර මහා දේවාල වල අභ්‍යන්තර පෙරහර ආරම්භ කරන අතර එය (15) වනදා දක්වා පැවැත්වේ. සිටුවා ගත්  “ කප “ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගා පෙරහැර අවසානයේ දිය කපනා මොහොතේදී ඒවා ගැටබේ දිය කපනා තොටේදි  දියේ පා කර හරි.



අදහස් (6)

නුවර ඇසල පෙරහරට කප් සිටුවයි

kumar (gulf) Sunday, 12 August 2018 07:36 AM

මේ මහා ධනස්කන්ධයක් හා මහ ශ්‍රමයක් වැයවෙන මේ පෙරහැර දේවාල පූජාවලින් රටට කිසිම ආධ්‍යාත්මික සුගතියක් සිදුවෙලා තිබෙනවාද? ටුවරිසම් වලින් සල්ලි නම් හොයයි.

:       1166       680

විමලාවතී Sunday, 12 August 2018 10:26 PM

අරාබියේ ඉන්න අයට ඕවා තේරෙන්නේ නෑ.

:       112       2

abaranMonday, 13 August 2018 09:05 AM

ඕනෑම රටක සංස්කෘතියක් කියලා දෙයක් තියෙනවා ඉතිහාසය සමග බැඳුණු... ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල් තමන්ට සංස්කෘතික අංග හොයා ගන්නට බැරිව අපහසුවෙන් ඉන්නවා... එයට ආර්ථික ප්‍රතිලාභ තිබිය යුතුම නැහැ.

:       109       3

Chandana Monday, 13 August 2018 03:20 AM

සංස්කෘතියක් සභ්‍යත්වයක් තුළ ගොඩනොනැගෙන කෙනෙකුට මෙවැනි දෑ දකින්නේ හර සුං දේවල් වශයෙනි. ශ්‍රී ලාංකේය ශිෂ්ඨාචාරයේ අනන්‍යතා ලකුණු වන මෙවැනි සංස්කෘතිකාංග ඉදිරි පරපුර වෙත ආරක්ෂා කරගත යුතුය. ඹබේ මතය අතිශ්‍යයින් වැරදිය.

:       0       10

සමන්ත Monday, 13 August 2018 03:42 AM

සෙතක් වෙනවද, නැද්ද කියන්න අපි නම් දන්නේ නෑ. හැබැයි නුවර මිනිස්සු විදියට අපේ මුතුන් මිත්තන්ගේ ඉඳලා කරගෙන ආපුවා, ඔබලා කැමැති වුනත්, අකමැති වුනත් අපි ඊයෙත් , අදත්, ඒ වගේම හෙටත් කරගෙන යනවා. මතු වටත් කරනවා.

:       0       136

jayasekara Monday, 13 August 2018 04:48 AM

ගල්ෆ් වල ඉපදිච්ච අය ඔය වගේ බහුබූත කතා කියන එක අරුමයක් නොවෙයි... අපි ලාංකිකයෝ විදියට ආඩම්බර විය යුතු අපේ රටේ ප්‍රෞඩ සංස්කෘතිය ගැන.

:       126       229

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1765 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1449 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 520 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site