IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


නිවිතිගල බස්නැවතුම්පොළ අගමැති අතින් විවෘත කෙරේ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (16) දින නිවිතිගල නගරයේ ඉදිකරන ලද බස් නැවතුම්පොළ සහ වෙළෙදපොළ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි විය.


එම අවස්ථාවට අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ, ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. ඒ. විජේතුංග, සබරගමුව පළාත් ආණ්‌ඩුකාර ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා යන මහත්ම මහත්මින් ප්‍රමුඛ දේශපාලනඥයින් හා රාජ්‍ය නිලධාරීහූ ඇතුළු විශාල පිරිසක් සහභාගීවී සිටියහ.

(ඡායාරූප :  අගමැති මාධ්‍ය ඒකකයෙනි)



අදහස් (7)

නිවිතිගල බස්නැවතුම්පොළ අගමැති අතින් විවෘත කෙරේ

Priyantha Saturday, 16 December 2017 06:13 PM

අඩු වියදම් බස් නැවතුම්පළක්...

:       0       2

වත්සලා සේනාධීර Sunday, 17 December 2017 12:10 AM

ඡන්ද කාලේ විවෘත්ත කිරීම හොඳ නෑ නේද?

:       1       26

ලුම්බිණි Sunday, 17 December 2017 01:13 AM

අගමැති කෙනෙක් බස් නැවතුම් පොලක් විවෘත්ත කරනවා කියන්නේ මෙතුමාට වෙන වැඩ නැද්ද?

:       1       36

මංගල Sunday, 17 December 2017 05:30 AM

තහඩු ටිකක් ගහලා සිමෙන්තියෙන් බංකු ටිකක් හදලා ඒක විවෘත්ත කරන්න රටේ අගමැති ඇවිත්. අනේ කවදා මේ රට හැදෙයිද? මේ උත්සවයට කීයක් වියදම් කරන්න ඇද්ද? රජයේ සේවකයෝ කීදෙනෙක් තමන්ගේ රාජකාරි අතපහු කරගෙන මෙතනට එන්න ඇද්ද? පාරවල් දිගේ පොලීසිය දාගෙන, පොලිස් පොඩ්ඩන්ට මොනතරම් කට්ටක් කවන්න ඇද්ද? මේ ඔක්කොම පැති දිහා බැලුවම සාමාන්‍ය ජනතාවට වෙන සේවය මේ වගේ වැඩ වලින් අඩුවෙනවා මිස සෙතක් නම් නැහැ.

:       0       58

anura Sunday, 17 December 2017 09:16 AM

මේවා ඡන්ද නීති උල්ලංඝනය කරන වැඩ. ඡන්ද කොමසාරිස් නිහඬ ඇයි?

:       1       15

Raveendra Sunday, 17 December 2017 10:16 AM

පාට, පක්ෂ කෙසේ වෙතත් අප රටේ සිටින බලය සඳහා පොරකන " බල හිඟන්නන් " සැමවිටම මහජන මුදල්වලින් ඒ අයට අදාල නම විශාල අකුරෙන් ලියන ලද නාමපුවරුව සමග මුල්ගල් තැබීම, විවෘත්ත කිරීම් වලට පුදුමාකාර " පහත් ආශාවන් " තියන බව ඔබ අප පසුගිය කාලය පුරාවටම ලබන අත්දැකීම්වලින් පේනවා. එබැවින් ඒ සඳහා මෙයත් හොඳම උදාහරණයකි. මොනතරම් මුදල් කාබාසිනියා කිරීමක්ද?

:       0       42

Bamunuarachchi Wednesday, 20 December 2017 04:00 AM

රවීන්ද්‍ර, මේවා බලන්න එන මෝඩ මිනිසුන් ඉන්න නිසා මේ සංදර්ශන පවත්වනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 395 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 556 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site