






‘නව කොරෝනා’ හෙවත් ‘කොවිඩ් 19’ වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය නගරයේ බස් නැවතුම් පොළ විෂබීජ හරණ කළේය.
‘කොවිඩ් 19’ වෛරසය ශ්‍රී ලංකාවේ පාලනය කිරීම සඳහා රජය විසින් විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, වෛරසය ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව වැඩිවීමත් සමඟ රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීමට සහ මගීන්ගේ ආරක්ෂාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා මහතාගේ උපදෙස් මත නැගෙනහිර නාවික විධානයේ නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
ත්‍රිකුණාමලය බස්නැවතුම්පොලෙහි සියලුම ස්ථාන, බස් රථ ඇතුලත විසබීජ හරණය කිරීම මෙහිදී සිදු කෙරිණි.
(නාවික හමුදා මාධ්‍ය අංශය)
2025 දෙසැම්බර් මස 18
21
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාවික හමුදාව ත්‍රිකුණාමලයේ බස් නැවතුම්පොළ-බස් රථ විෂබීජ හරණය කරයි