(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
අනුරාධපුර යුගයට අයත් බව පැවසෙන හලාවත ආරියගම පුරාණ චෛත්‍ය නිධන් හොරු නැවතත් විනාශ කර තිබේ.
මෙම චෛත්‍ය අවස්ථා ගණනාවකදී නිධන් සොරුන් බිදමින් විනාශ කරමින් පැවති යද ඒ පිළිබදව පුරාවිද්‍යා අංශ නිසි සැලකිල්ලක් නොදැක්විමෙන් අනාගතය වෙනුවෙන් සංරක්ෂණය කළ යුතු අතිතයේ දැවැන්තම චෛත්‍ය මෙසේ විනාශ කිරිමට ඉඩ දි තිබේ.
හලාවත ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් මුගුනුවටවන ග්‍රාම නිළධාරි වසමේ දැදුරු ඔයට මායින්ව මෙම දැවැන්ත චෛත්‍ය ආරියගම ගම්මානයේ පිහිටා තිබේ.
මෙම චෛත්‍ය මේ වන විට ආරියගම විහාරස්ථාන භුමියට අයත් සිමාවේ පිහිටා ඇති අතර චෛත්‍ය පිහිටි භුමිය පුරාවිද්‍යා නිළධාරින් වෙන්කර ඇත්තේ මිට වසර කිපයකට පෙර බවද ජනතාව පවසයි.
මෙරට බුදු දහමේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් ආගමික පුනරුදය ගොඩනැගිමට රාජ්‍ය අනුග්‍රහයෙන් දුටු ගැමුණු රජුගේ සමයේ රජුගේ යුධ සේනාවේ දසමහ යෝධයින් යොදා ගනිමින් රට පුරා වෙහෙර විහාර ඉදිකළ බව කියැවේ.
එසේ ඉදිකල වෙහෙර විහාර වලින් ගංගා දෑලක ඉදිකල පුරාණම චෛත්‍ය ලෙසත් එකම චෛත්‍ය ලෙසටත් මෙය පැවසෙයි .
පුරා විද්‍ය තොරතුරු අනුව පැවසෙන්නේ මෙම දැදුරු ඔය ගංගා දෑල ආසන්නයේ පිහිටි මෙම චෛත්‍ය වට මිටර් 90 ට ආසන්න වපසරියකින් යුත්තව තිබේන්නට ඇති බවයි.
නිදන් සොරුන් විසින් අවස්ථා කිපයකදි මෙම චෛත්‍ය බිදමින් සිදුකරන දැවැන්ත හානිය හේතුවෙන් එහි ගර්ඝයට එල්ල වෙමින් පවතින හානිය සුළු පටු නැති බවත් ජනතාව චෝදනා එල්ල කරති .
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
නිධන් හොරු ආරියගම පුරාණ චෛත්‍ය වනසති
Kumari Wednesday, 18 November 2020 08:53 AM
නිධන් හොරු කියද්දී මට මතක් වුණේ්... එක්කෝ ඕනෑ නැහැ..
කල්පනා Thursday, 19 November 2020 01:28 AM
කලකට පෙර කාලයේ කොළඹ පිහිටි දැඩි ආරක්ෂක තත්වයේ තිබුණු කෞතුකාගාරයත් කඩා කඩු, කස්ථාන හොරාගත් රටේ කැලෑබදව තියෙන විහාරගැන කවරකථාද? අයවැයෙන් රකිනවා කියනවා කැඩූ එකාගේ මයිල් ගහකටවත් අත තියන්න දෙන්නේ නැහැ කියලා ගෝලයෝ කියනවා...
jagath Thursday, 19 November 2020 02:24 PM
ජිවිතාන්තය දක්වා සිරදඬුවම් දිය යුතුයි.
kamal Koyrala Saturday, 21 November 2020 02:44 PM
මේවා ආරක්ෂා කරන්න ඉන්න බලධාරීන් සහ සංගම් මේවා රැක ගන්න බලන්න.