IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


නිදහස් වෙළඳ කලාපයේ ආයතනයක සේවකයෝ උද්ඝෝෂණයේ

කටුනායක නිදහස් වෙළද කලාපයේ  පෞද්ගලික  ආයතනක සේවක සේවිකාවන්ගේ  ගැටළු  හා ඉල්ලීම්  වහා විසඳා දෙන්නැයි  පවසමින් ,  අන්තර් සමාගම් සේවක සංගමය සංවිධනය කරන ලද උද්ඝෝෂණයක් අද  (26)  කොටුව ලෝක වෙළද මධ්‍යස්ථානය ඉදිරිපිටදී පැවැත්විණි.

ඔවුහු  පාලනාධිකාරිය සමඟ  සිදු කළ  සියලු සාකච්ඡා අසාර්ථක වීම හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අවධානය යොමු නොකිරීම හා අහිමිකළ සේවක ඉපයීම රුපියල් 20000 හා සේවක වැටුප් සියට 16.5 හා රුපියල් පන්සීය වහා ලබාදෙන ලෙස බලකරමින්   එහිදී සේවක සේවිකාවෝ විරෝධතාවය දැක්වුහ.

(ඡායාරූප - ශාන්ත රත්නායක)

 


 



අදහස් (5)

නිදහස් වෙළඳ කලාපයේ ආයතනයක සේවකයෝ උද්ඝෝෂණයේ

Chathu Tuesday, 26 February 2019 03:43 PM

ජය වේවා....

:       1       22

Dayal Tuesday, 26 February 2019 04:04 PM

එතනත් දේශපාලනය

:       2       28

sarath Wednesday, 27 February 2019 04:29 AM

රටේ නායකයෝ වැඩි එතකොට ඉතින් කොහොමත් අවුල්...... මුන්ට පුළුවන් ඉතින් ඇරලා තියෙන එකක් වහන්න මිසක් අලුතින් එකක් අරින්න නෙවි නේ. ට්‍රාන්ස්ෆොර්මර් පුපුරවල රටේ පාලනය වෙනස් කරන්න හදපු ගොබ්බයි නේ

:       0       0

ruchi Wednesday, 27 February 2019 06:58 AM

පෞද්ගලික සේවකයන්ගේ වැටුප් ගැන කිසිම රජයකින් සොයල බැලුවේ නැහැ. ඕනෑම බජෙට් එකකින් කතා කලේ රජයේ සේවකයා ගැන විතරයි. නමුත් රටට විදේශ විනිමය ගෙනෙන්නේ පෞද්ගලික සේවකයන්ගේ ශ්‍රමයෙනි.

:       0       148

himalWednesday, 27 February 2019 10:52 AM

ලංකාවට එන ආයෝජකයින්ගේ එක් මැසිවිල්ලක් වන්නේ අධික කම්කරු නීති හා ශ්‍රමික හිතවාදී තත්ත්වයන්. සේවක අර්ථසාධක අරමුදල්, සේවක භාරකාර අරමුදල්, පාරි‍තෝෂික දීමනා, ප්‍රසූත නිවාඩු, ස්ත්‍රීන් හා ළමුන් සේවයේ යෙදවීම පිළිබඳ නීති, කම්කරු විනිශ්චය සභා මේ හැම දෙයක්ම රටේ විවිධ වකවානුවල රජය විසින් කරපු දේවල්. පුද්ගලික අංශයට රජය නොමැතිව පවතින්න බෑ. අනෙක් අතට රජයේ සේවකයින්ගේ ස්වාමියා වෙන්නේ රජය. ස්වාමියා සේවකයා ගැන බලනවා. පුද්ගලික අංශයේ ස්වාමියන් සේවකයෝ ගැන බලන විදිහේ ප්‍රශ්නයක් තමයි මෙතන තියෙන්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 289 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 93 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 785 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site