IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නිදහස් චතුරස්‍රය නත්තලට සැරසේ

ශාන්ත රත්නායක

කොළඹ නිදහස් චතුරස්‍රයේ ආකේඩ් සංකීර්ණය නත්තල් විදුලි ආලෝකයෙන් ඒකාලෝක කිරීම අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) සිදු විය.
 
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ,  ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (13)

නිදහස් චතුරස්‍රය නත්තලට සැරසේ

Ranjith Silva Thursday, 21 December 2017 12:26 AM

ගියපාර වගේ ලෝකෙන් ලොකුම එක මේ පාර නැත්ද සහෝ. බොරුවට ආයුෂ නැහැ කියන්නේ නිකමටද.?

:       5       19

Sathyayaa Thursday, 21 December 2017 12:45 AM

යේසුස් වහන්සේ අද හිටියා නම් මේ කරන මුදල් නාස්තිය ගැන හොඳටම උරණ වෙනවා. එතුමා දිළින්දෙක් ලෙස ගව ලෙනක ඉපදුනත් ආධ්‍යාත්මික වශයෙන් ඉතාමත් පොහොසත් අයෙක් ලෙසින් මිය ගියා. ක්‍රිස්තියානි අයට පමණක් නොව බෞද්ධයින්ටත් එතුමාව වන්දනා කරන්න පුළුවන්. නමුත් යම් කෙනෙක් එතුමාගේ නමින් නත්තල් රාත්‍රියට මත් පැනින් නාමින් අහිංසක සතුන් ගේ මස් බුදිමින් ප්‍රීති වන්නේ නම්, එතුමා සියලු සතුන් වෙනුවෙන් දැක්වූ කරුණා පෙරදැරි මෛත්‍රියට කරන සරදමක්.

:       0       149

NimalThursday, 21 December 2017 10:03 AM

සත්‍යා ඔබගේ මසුරන් වටිනා සත්‍ය කියමනට මාගේ උපහාරය පිළිගන්න!

:       0       152

SathyayaaThursday, 21 December 2017 10:18 PM

නිමල් සොයුර, මම ඔබ ගැන නිහතමානීව ආඩම්බර වෙනවා. ඔබේ ඇගයුමට තුති!

:       0       1

anura Thursday, 21 December 2017 02:59 AM

තේ කොළ ආදායමත් නැතේ! හම්බන්තොටත් නැතේ! හාලුත් නැතේ ! පොලුත් නැතේ !නමුත් නත්තල් ජයටම කන්න සල්ලි නම් ඇතේ!

:       89       162

janatha anuara Thursday, 21 December 2017 03:14 AM

වෙසක් වලටත් මේ ආලෝක පුජාව පැවැත්වෙනු ඇති බවට ප්‍රර්ථනා කරමු......... බුදු සරණ වේවා!!!!!!!!!!

:       204       166

janahitha Thursday, 21 December 2017 03:33 AM

ගෝඨාගේ කලර්ස් තමයි මේවා. මෙය පරණ විගණකාධිපති ගොඩනැගිල්ල. පරදේශිකයන්ගේ කාලේ නම් මේක පිස්සන් කොටුවලු.

:       17       234

ruchi Thursday, 21 December 2017 05:19 AM

නත්තල් පප්පත් ඉන්නවද කොහෙද පැත්තකින් වාඩිවෙලා.

:       38       151

kodi Thursday, 21 December 2017 07:46 AM

වැඩේ නම් හොදයි. එත් වයර් ඇදල තියෙන විදිය බයානකයි.......කරුණාකර අවදානය යොමුකරන්න. බිම දිගේ දාලා තියෙන්නේ හැම තැනම ජෝඉන්ට්..........

:       0       1

Nimal Thursday, 21 December 2017 10:01 AM

ක්‍රිස්තුස් වහන්සේගේ දහම අනුව සැබවින්ම ඇත්තේ කුමක්ද? මෙහි උන්වහන්සේ හෝ උන්වහන්සේ දහම පිළිබිඹු වන්නේද? නැත. නත්තලේ සැබෑ අරුත මෙහි ඇතිද?. සැබවින්ම නැත. ලයිට් වැල් අනුන්ගේය, ඒවා පත්තුවෙන්නේ අනුන්ගේ වියදමෙන්ය, මෙහි ඇත්තේ නායකයින් කීප දෙනෙක් නත්තලේ නාමෙන් ජනතාව ඉදිරියේ ගාම්භීරව පෙනී සිටීම පමණි.!

:       76       73

SathyayaaThursday, 21 December 2017 10:31 PM

බුදුන් වහන්සේ වදහළ දෙසුමට අනුව නිවන සාක්ෂාත් කරගැනීම මෙන්ම කිතු දහමේ ඉගැන්වෙන ස්වර්ගයට යාම හෝ තනිව සිදුවන දෙයක් වුනත් එම ඉලක්ක ලඟා කර ගන්නා තෙක් මිනිසුන් වශයෙන් අපට එක්ව බොහෝ දුරක් යා යුතුව ඇත. ලංකාදීප පුවත් පත හරහා හෝ අප හමුවීම මෙන්ම අදහස් අතින් පෑහීම මේ නත්තලේ එක් අසිරියක් කියා මා හිතනවා. ඔබටත්, ලංකාදීප පුවත් පතේ කාර්ය මණ්ඩලයටත් ලක් වැසියන්ටත් සුබ නත්තලක් වේවා!

:       0       20

ප්‍රේමවතී Thursday, 21 December 2017 01:16 PM

මේ උද්යානයේත් ගල් ටික ගලවයිද නොදනිමි

:       0       9

Darshana Friday, 22 December 2017 03:21 AM

මේකත් හොඳ ගානකට විකුණන්න පුළුවන් වෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 99 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site