IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නාගවිහාරාධිපති හිමිගේ අවසන් කටයුතු යාපනය දී

(රොමේෂ් මධුෂංඛ)

යාපනය නාගවිහාරයේ විහාරාධිපති උතුරු පළාත් ප්‍රධාන සංඝනායක මීගහජඳුරේ ඥානරතන නාහිමිපානනන්ගේ ආදාහන පූජෝත්සවය යාපනය මුත්තවේලී ක්‍රීඩාංගනයේදී රාජ්‍ය ගෞරව සහිතව අද (22) සිදු වෙයි.

යාපනය වීරසිංහම් ශාලාව ඉදිරිපිට ඇති මුත්තවේලී ක්‍රීඩාංගනයේදී ඉදිකොට ඇති ආදාහනාගාරයේදී යාපනය නාගවිහාරාධිපති නාහිමියන්ගේ අවසන් කටයුතු සිදු කිරීමට අවශ්‍ය සියල්ලක්ම යුද හමුදාව හා උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය මගින් සිදු කොට ඇත.

පසුගිය 19 වනදා නාගවිහාරාධිපති හිමියන් රෝගාතුරව සිටියදී අපවත් විය.

නාගාවිහාරාධීපති හිමියන්ගේ ආදාහන පූජෝත්සවයට උතුරු පලාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ්කුරේ, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ජනරාල් මහේෂ් සේනානායක යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි,උතුරු පලාත් නියෝජ්‍ය පොලිස්පති රෝෂාන් ප්‍රනාන්දු ඇතුලු රාජ්‍ය නිලධාරීන් රැසක් මෙන්ම ආරක්ෂක අංශ මෙන්ම සාමාන්‍ය වැසියන් විශාල පිරිසක්ද සහභාගී වී සිටියහ.



අදහස් (2)

නාගවිහාරාධිපති හිමිගේ අවසන් කටයුතු යාපනය දී

Gihan Saturday, 23 December 2017 04:17 AM

ඔබ වහන්සේට නිවන් සුව අපේ හාමුදුරුවනේ...

:       1       295

erdi Sunday, 24 December 2017 01:44 PM

කෝ එතකොට ද්‍රවිඩ දේශපාලකයෝ... සහජීවනය කියන්නේ මේකටද? නාහිමිපාණන්ට අමා මහ නිවන් සුව.... !!!

:       0       34

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 99 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site