IMG-LOGO

නැගෙනහිර පොලිස් නිලධාරින් ඝාතනයේ 30 වැනි සැමරුම

(අම්පාර වසන්ත චන්ද්‍රපාල)

කොටි ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාරවලින් 1990 වසරේ ජුලි 11 වැනිදා නැගෙනහිර පළාතේ පොලිස් නිලධාරිහු  600 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්වූහ.

එම පොලිස් නිලධාරින් සිහිකිරීමේ 30 වැනි සැමරුම අම්පාර පොලිස් අධිකාරි කාර්යාලය ඉදිරිපිට පොලිස් රණවිරු ස්මාරකය අසලදී අද (11) පවත්වනු ලැබීය.

මෙම සැමරුමේ ප්‍රධාන ආරධිතයා ලෙස අම්පාර කොට්ඨාශ භාර වැඩ බලන පොලිස් අධිකාරි ප්‍රියදර්ශන හේරත් මහතා සහභාගි විය. පොලිස් අධිකාරි ප්‍රියදර්ශන හේරත් මහතා විසින් පළමුව පොලිස් කොඩිය අඩකුඹු කළ අතර පසුව මල්දමක් තබා පොලිස් රණවිරු ස්මාරකයට ආචාර කළේය.

පසුව සහකාර පොලිස් අධිකාරිවරයකු වන ජයරත්න සහ අම්පාර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත දඩැල්ලගේ යන මහත්වරු සහ අනෙකුත් පොලිස් නිලධාරිහු මල්දම් තබා ස්මාරකයට උපහාර දැක්වූහ.

කොරෝනා අවදානම හේතුවෙන් නිරොධායන නීතිවලට යටත්ව මෙම සැමරුම පැවැත්විණි.  




අදහස් (20)

නැගෙනහිර පොලිස් නිලධාරින් ඝාතනයේ 30 වැනි සැමරුම

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 11 June 2020 10:10 AM

රුදුරු මිනීමරු ත්‍රස්තවාදී මස් වැද්දන්ගේ පීඩාවන්ට ලක්වී රට, ජාතිය වෙනුවෙන් දිවි පිදූ අභීත පොලිස් විරුවන් හට අපගේ උපහාරය !!!

:       4       407

kule Thursday, 11 June 2020 10:40 AM

එදා ඒ පොලිස් නිලධාරීන්ට ත්‍රස්තවාදීන් හමුවේ යටත් වෙන්න අණදීපු රාජ්‍ය නායකයින්ටත් මල්වඩමක් තියන්න අමතක වෙන්න ඇති.

:       0       437

kap Thursday, 11 June 2020 11:11 AM

ප්‍රධාන අමුත්තා හැටියට ගෙන්න ගන්න තිබ්බේ... ඔය මිනීමරු වැඩේට අණකරපු, දැන් ආන්ඩුවේ කුක්කු බබා වගේ ඉන්න ජාතික වීරයාව....

:       394       221

nihalThursday, 11 June 2020 11:58 AM

එසේ වුවත් එදා පේ‍්‍රමදාස රජය සිරුරු ගොඩගෙන පශ්චාත් පරීක්‍ෂණයක් පැවැත්වූයේ නැත. ඒ් වෙනුවට අම්පාර ප‍්‍රදේශයේ සිට බැකෝ යන්ත‍්‍රයක් ගෙන්වා සිරුරු මතට පස් දමා වසා දැමීමට ක‍්‍රියා කළේය. පොලිස් භටයින් ඝාතනය වීමේ සිද්ධියෙන් මාස කීපයකට පසු මෙරට ජනතාවගෙන් වසන් වූ තවත් සිද්ධියක් හෙළි විය. ඒ පොලිස් භටයන් කොටි ප‍්‍රාණඇපකරුවන් බවට පත්වන අවස්ථාවේ කොටි පණිවිඩ ජාලයේ ප‍්‍රධානී ජූඞ් සහ තවත් කොටි සංඥාකරුවන් දෙදෙනෙක් කොළඹ හිල්ටන් හෝටලයේ රැඳීසිටි බවයි.

:       0       408

PereraThursday, 11 June 2020 01:06 PM

කොටින්ට යටත් වෙන්න කියල එදා පොලිස් නිලධාරින්ට අණ කලේ ප්‍රේමදාස උන්නැහේ. තමුන් ඉපදුනේ මොන වසරේද? අපිට තාම වගේ මතකයි. නිරායුධ පොලිස් නිලධාරීන් කොටින් අත්අඩංගුවට පත් වුණු හැටි.

:       0       308

dilanThursday, 11 June 2020 01:32 PM

කවුද ලොක්කා? කිසිම සටනක් නොකර කොටින්ට ආයුධත් බාරදීලා යටත් වෙන්න කියපු, හිටපු පොලිස්පති "අර්නස්ට් සිල්වාද?", නැත්නම් සාමය සහ සජීවනේ කඩවෙයි කියන බයට ඒ නියෝගය දෙන්න කියපු "පුතාණෝගේ පියාණෝද?" නැත්නම් ඒ අහිංසක පොලිස් නිලධාරීන් තමන්ව කොටි වටලලා හමුදා ආධාර ඉල්ලද්දී "අනේ අපිට එළියටවත් බහින්න එපා කියලා තියෙන්නේ" කියලා ඒ ජීවිත කොටිය බිලිගනිද්දී අහක බලපු "වෙල්විදානේ" ද?, එහෙමත් නැත්නම් දවස් 11 කට පස්සේ ඒ තිබුණු මිනී සොයගත්තු STF එක ආපසු කඳවුරට කැඳවලා අර මිනී හයසීය බැකෝ කරලා දාපු UNP ඇමති "අමීර්" ද? එහෙමත් නැත්නම් අර "මුවා ගොයම් කාපුහම ගෙදර මුව හමට තලන" මෝඩ ගැමියන්ගේ තියරියෙන් යුද්ධය ගහලම ඉවර කරපු " ගෝඨා" වද්ද? නැත්නම් යුද්ධය දිනන්න කොටින්ගේ රහස් අපේ හමුදාවන්ට දීලා, සෑහෙන යුධ මෙහෙවරක් කරපු, අද සාමකාමී දේශපාලනයක නිරතවෙන "කරුණාවද්ද?". ඉතින් අගේ කරන්නේ නැතුව කියන්නකෝ ඔයාගේ "පාට" අපිට බලාගන්නත් එක්කම...

:       214       515

කමල්Thursday, 11 June 2020 04:03 PM

ඔයාගේ පාට මොකක්ද?

:       35       10

kanchana Friday, 12 June 2020 05:37 PM

හරවත් යමක් කියන්න. ඔබ චෝදනා කරන අයගෙන් කීදෙනෙක් මීට සම්බන්ධ නැති අය බව ඔබ දන්නවද..? ඔබ මේ කරන්නේ ජාතිවාදී අදහස් වැපිරීමක්... ඔබට රෙදි කෑල්ලක්වත් ලැබුණාද අරයගෙන්..

:       0       54

BamunuarachchiThursday, 11 June 2020 01:47 PM

හලෝ කොයිකාලේද ඉපදුනේ..? මේ අයට යටත් වෙන්න අණකරපු හාදයත් ගියා...

:       41       110

ChampaThursday, 11 June 2020 02:24 PM

මේ මිනීමරු වැඩේට අණ කලේ, පස්සේ අවි ආයුධ අත ඇරපු, නැගෙනහිර කොටි නායක කරුණා අම්මාන්. ඊළඟ පාර රටේ නායකයා ජිනීවා ගිහින් වැඩක් නැහැ. යවන්න ඕනේ කරුණා අම්මාන් සහ කවුද අර මහින්ද කැලෙන් එලියට ගත්ත ළමා කොටියා, නම මතක නැහැ, මේ දෙන්නව තමයි.

:       29       23

චමත්Sunday, 14 June 2020 02:59 PM

කරුණා ඉස්සර ත්‍රස්තවැඩ කරාට පස්සේ හැදිලා රජයට උදව් කළා... ඒ නිසයි යුද්ධය දිනන්න පුලුවන් වුනේ. ඒ මනුෂ්‍යයා එංගලන්තේ හිරෙත් හිටියනේ. ඉතින් තවත් ඒ මනුෂ්‍යයාට බැනලා වැඩක් නෑ. දැන් තියෙන ප්‍රධානතම ප්‍රශ්නය තමයි අන්තර්ජාතික කොටි හවුල. මේ අය තාම ටිවුටර් එකේ ඉන්නවා.

:       0       0

NIHAL Thursday, 11 June 2020 11:56 AM

භටයන් හා නිලධාරීන් 600 ක් දෑත් බැඳ රූපස්කුලම් කැලෑවට ගෙන යද්දී එවකට බලයේ සිටි ආර්. පේ‍්‍රමදාස රජය බලා සිටියේය. මේ සමයේ නැගෙනහිර හමුදා භට පිරිස් කඳවුරුවලට සීමාකර තිබිණි. එදා විදේශ ඇමැතිව සිටි ඒ. සී. එස්. හමීඞ් මහතාගේ මෙහෙයවීමෙන් පැවැති කොටි සාම සාකච්ඡා නිසා හමුදාවට කඳවුරුවලින් දොට්ට බැසීම තහනම් විය. මෙවන් පසුබිමක් මැද කොටි නැගෙනහිර පොලිස් ස්ථානවලට කඩාවැදීමට සැලසුම් කරන බවට තොරතුරු ලැබී තිබිණි. 1990 ජුනි 31 කලවංචිකුඩි පොලිසියේ සිට අපට ඇමතුමක් ලැබිණි. බම්බලපිටිය පොලිසියේ සිට කලවංචිකුඩි පොලිිසියට මාරුවීමක් ලැබූ අප හිතවත් පොලිස් පරීක්‍ෂකවරයකුගෙන් ලත් එම පණිවිඩයෙන් කියැවුණේ කොටි එක්වරම පොලිස් ස්ථානවලට කඩාවැදීමට ළඟම එන බවයි. මෙදින රාත‍්‍රියේ 8.30 ට පමණ ඔහු දුක්මුසු ස්වරයකින් අපව ඇමතුවෙමි. ‘කොටි කලවන්චිකුඩි පොලිසිය වැටලූවා. අපට අවි බිම තබා යටත් වන ලෙස නියෝග කළා. අපේ දිවි බේරා ගැනීමට හමුදාවේ සහාය හෝ ලබාදෙන්න යැයි එම පොලිස් නිලධාරියා ආයාචනා කළේය. නැගෙනහිරදී පොලිස් භටයන් 600 ක් අල්ලා ගැනීමේ සිද්ධිය එකල රජය ජනතාවට වසන් කළේය...

:       0       191

විජිත් Thursday, 11 June 2020 12:03 PM

මියගිය සියලුම පොලිස් නිලධාරී මහත්වරුනේ, මතු ඉපදෙන කිසිම ආත්මයක ඔබලාට මෙවැනි රුදුරු විපතක් නොවේවා. සසරේ මතුයම් දවසක බුදුන් දැක නිවන් දකින්නට හේතු වසනාවේවා කියලා මම ඔබලාට පින් දෙන්නම්..

:       0       216

Champa Thursday, 11 June 2020 01:38 PM

මේ තමයි නියම යුධ අපරාධ. හැබැයි කිසිම ආණ්ඩුවක් LTTE යුද අපරාධ ගැන නිවැරදි සවිස්තර වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට දීලා නැහැ මම දන්නා විදිහට... සැසිවාරවල කතා කරන එකයි වාර්තාවක් සභාගත කරන එකයි දෙකක්. කොච්චර පෙන්නලා දුන්නත් බොහෝ රටවල් ගන්නේ දෙමළ කොටි ඩයස්පෝරාව පැත්ත කියලා කෙනෙක් උකටලී වෙන්න පුළුවන්. ඇත්ත පෙනිපෙනීත් බොහෝ රටවල් එහෙම කරන්නේ ඒ රටවල ඉන්න විශාල දෙමල ඡන්ද දායකයින් ප්‍රමාණය නිසා සහ කොටි ඩයස්පෝරාව ඡන්ද වැඩවලට විශාල වශයෙන් මුදල් වියදම් කරන නිසා... ලංකාවට එරෙහි ජාත්‍යන්තර රාජ්‍ය නොවෙන සංවිධාන යැපෙන්නේ කොටි අරමුදල් වලින්... ඊට අමතරව කලින් හිටපු මානව හිමිකම් කොමසාරිස් කාලේ කොමිසමේ නිලධාරීන්ට අල්ලසුත් දීල‍ා තියෙනවා. ඒ වගේම විවිධ ජාත්‍යන්තර සංවිධාන සහ විවිධ රටවල දේශපාලකයින්ට කිට්ටු පිරිස් අතරේ කොටි සංවිධානයට හිතවත් දෙමළ ජාතිකයන් සේවය කරනවා. ඔවුනුත් ලංකාවට එරෙහි වෙන්න විවිධ බලපෑම් කරනවා. විවිධ රටවල් වලට මානව හිමිකම් චෝදනා කරන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම, එම රටවලටම සහ ත්‍රස්තවාදී සංවිධාන වලට අවි ආයුධ විකුණන ආයුධ වෙළෙන්දන්ට එරෙහි නොවීමෙන් පෙන්වන්නේ ඔවුන්ගේ දෙබිඩි ප්‍රතිපත්තියයි.

:       6       357

Champa Thursday, 11 June 2020 02:06 PM

ලෝකයේ රුදුරුතම ත්‍රස්තවාදී සංවිධානය පරාජය කරලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මුළු ලෝකයාටම කලේ සෙතක්... හැබැයි බලවත් රටවල් කලේ ඔවුන්ගේ බලපෑම් වලට යටත් නොවී කොටි පරාජය කරලා ලංකාව ගොඩ ගත්ත මහින්දව බලයෙන් පහකිරීම... කොටි සංවිධානයට නවීන අවිආයුධ හා සන්නිවේදන උපකරණ විකුණමින්, පුහුණු වීමේ පහසුකම් සපයමින් සහ අරමුදල් එකතු කරන්න ඉඩදෙමින් ඩොලර් බිලියන් ගණන් ආදායම් උපයපු ඉන්දියාව, ඇමරිකාව, බ්‍රිතාන්‍ය වැනි රටවල්, LTTE පරාජය කරලා ඔවුන්ගේ ආදායම් අහිමි කරපු මහින්දට එරෙහි වීම පුදුමයක් නෙමෙයි. අද එම රටවල්ම, විශේෂයෙන් ඇමරිකාව, ලංකාව බිල්ලට ගන්න හදන්නේ ඇමරිකන් ගැති ලංකාවේ ජනාධිපති සහ ඇමරිකන් ජාතික පොහොට්ටුවේ නිර්මාතෘ මගින් අපේ ඉඩම් අයිති කරගනිමින්. MCC අත්සන් කලොත් නම් ජනාධිපතිව තනතුරෙන් නෙරපිය යුතුයි. විදේශිකයන් විශාල වශයෙන් අපේ ඉඩම් මිලට අරන් තියෙනවා. ඉන්දියාවේ ඉන්න බෝරා කාරයෝ ලංකාවට එන්න අහන්නේ බණ්ඩාරවෙල තියෙන ඔවුන්ට අයත් ගොඩනැගිල්ලේ ඉන්නලු. ඒක හින්දා අවසර දුන්නලු. කොහොමද ඒක?

:       9       34

samanathaFriday, 12 June 2020 03:02 AM

එදා ඔය යුද්ධේ ඉවර කරන්න ප්‍රධානතම දායකත්වය දුන්නේ ඔය ජනාධිපති පුටුවෙයි, හමුදාපති පුටුවෙයි, ආරක්ෂක ලේකම් පුටුවෙයි ඉන්න මිනිස්සු තමයි.

:       30       100

ChampaFriday, 12 June 2020 10:56 AM

හැමෝම හිතා හිටියේ එහෙම තමයි. හැබැයි ඔබේ වර්තමාන ජනාධිපතිතුමාම ඒ කතාව නිෂ්ක්‍රීය කළානේ. මතක නැත්ද? 2019 ඔක්තෝබර් 15 ජනාධිපතිවරණ අපේක්ෂකයා විදිහට ශැංග්‍රිලා හෝටලේ තිබ්බ ඔහුගේ පළවෙනි මාධ්‍ය හමුවේදී කිව්වා "මම හෝ මගේ සහෝදරයා නෙමෙයි එවකට හිටපු හමුදාපති (සරත් ෆොන්සේකා) තමයි යුද්ධයේ සියලු තීරණ ගත්තේ" කියලා. ඔහු බය වුනා තමන්ට යුධ අපරාධ චෝදනා එයි කියලා. තමන්ගේ සැබෑ මුහුණ ඔහු එදා රටටම පෙන්නුවා. එවන් පුද්ගලයෙක්ව බය කරගෙන MCC ගිවිසුම අත්සන් කරවා ගන්න එක ඇමරිකාවට සුළු දෙයක්...

:       1       10

Siva Thursday, 11 June 2020 03:03 PM

කවුරු කවුරුත් තම තමන්ගේ පක්ෂ, පාට කණ්නාඩි වලින් හිතලා බලලා සිද්ධිය ගැන කමෙන්ට් දාලා තියෙනවා...

:       0       83

ranaFriday, 12 June 2020 05:55 AM

නියම අදහස්, සියලු දෙනා තමන් ගේ පක්ෂය සහ දේශපාලකයන් බෙරා ගැනීමට මිය වර්තමානය හෝ අනගතය නොවේ.

:       0       75

Prabha Wednesday, 17 June 2020 11:47 AM

උපහාර පිදීමට කළින් මේ නිරායුධකර ඝාතනය කළ තම පොලිස් නිලධාරින්ට නීතිය පැත්තෙන් සාධාරණය කරන්න. ඒ දේ කරන්න බැරිනම් පොලිසියෙන් ඇති වැඩේ මොකක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 205 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 716 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1124 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site