IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නිකරවැරටියේ කුඹුරු අක්කර 5000 ක් කීඩෑ-දිලීර රෝගයන්ට ගොදුරුවෙලා

(ප්‍රියාණි මංගලිකා )
             
නිකවැරටිය රිඳීබැඳි ඇළ ව්‍යාපාර යටතේ  මෙවර වගා කර ඇති පීදුන කුඹුරු අක්කර 5000 ක්  පමණ කීඩෑ උවදුරට සහ දිලීර රෝගයකට ලක්ව ඇති බව ව්‍යාපාර ඒකාබද්ධ ගොවි සංවිධානය  අද (26) පැවසීය.

මාගල්ල ව්‍යාපාරය යටතේ මේ වන විට කිරට නැවී ඇති  කුඹුරු අක්කර හාර දහසකට අධික සංඛ්‍යාවක්ද ,රිදී බැඳි ඇල ව්‍යාපාරය යටතේ අක්කර දහසකට අධික සංඛ්‍යාවක්ද ,මෙලෙස කීඩෑ උවදුරට සහ දිලීර රෝග තත්වයට ගොදුරු වී ඇති බවද ,මාගල්ල ව්‍යාපාර ඒකාබද්ධ  ඒකාබද්ධ ගොවි සංවිධානයේ  සභාපති රත්නතිලක  හේරත් මහතා පැවසීය.

තම කුඹුරු වලට කීඩෑ උවදුර  හෝ දිලීර රෝග තත්වය පවතී නම්  එය මර්ධනය සඳහා හිතුමතේ කෘමිනාශක හෝ රසායනික යෙදීමෙන් වලකින ලෙසත් ,කෘෂිකර්ම නිලධාරීන් ගේ උපදෙස් අනුවම නිර්දේශිත කෘමිනාශක සහ රසායනික පමණක්ම යොදන ලෙසද සභාපති වරයා සඳහන් කලේය.

ඇතැම් ගොවි මහතුන් කෘෂි නිලධාරීන්ගේ උපදෙස් හෝ  කිසිඳු නිර්දේශයක් නොමැතිව අධික මිල ගනන් යටතේ වන අධික  සැර සහිත  විවිධ කෘමිනාශක සහ රසායනික වර්ග කුඹුරු වලට යෙදීම සිදු කරණ බවද. ඉන් වගාවන්ට හිතකර සතුන් පවා විනාශ වන අතර පවතින තත්වයන්ද  මර්ධනය නොවන බවද සභාපති වරයා සඳහන් කලේය .

මේ වන විට පවතින තත්වය මත  අස්වනු විනාශ වීමෙන් ,මෙවර අපේක්ෂිත අස්වනු ලබා ගැණීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවද , අපේක්ෂිත අස්වැන්නද අහිමි වීම ගොවීන්ට අවාසිදායක තත්වයක් බවද විශේෂයෙන් කීඩෑ උවදුරට ලක් වන කුඹුරු වල අස්වැන්න නිසි මිලට අලවි කිරීමට නොහැකි තත්වයක් උදා වන බවද  සභාපති වරයා වැඩිදුරටත් සඳහන් කලේය .

බොහෝ ගොවීන් පැවසුයේ රටපුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා  වෛරස් වසංගත තත්වය මත  විවිධ ආර්ථික ගැටලු වලට මුහුණ දෙමින් ණය තුරුස් වී මෙවර කුඹුරු වගා කටයුතු සිදු කල බවද , පවතින තත්වය මත තමන්ට යම් සහනයක් අවැසි බවය.



අදහස් (0)

නිකරවැරටියේ කුඹුරු අක්කර 5000 ක් කීඩෑ-දිලීර රෝගයන්ට ගොදුරුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 965 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site