IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ධාවනය වෙමින් තිබූ බසයේ රෝදයක් ගැලවී විසිවෙයි


නිශාන්ත කුමාර
 
පාසල් දරුවන් ඇතුළු 80කට ආසන්න මගී පිරිසක් නංවාගෙන බදුල්ල මහියංගන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ බදුල්ල ඩිපෝවට අයත් බස් රථයක ඉදිරිපස රෝදයක් අද (10) මීගහකිවුල 15 කණූව ප්‍රදේශයේ දී හිටිහැටියේම ගැලවී ඉවතට විසිවීමෙන් සිදුවීමට ගිය අනතුරක් වැළකී තිබේ.


ධාවනය වෙමින් තිබූ බස් රථයේ දකුණු පස ඉදිරි රෝදය එහි ඇක්සලය හා තවත් යාන්ත්‍රික කොටස් කීපයක් ද සමඟ එක්වරම ගැලවී විසිවීමෙන් මෙම අනතුර සිදුවී ඇත.


බස් රථයේ මෙම කාර්මික දෝෂය  එක්වරම මතුවී ඇති අතර මෙම අනතුර මාර්ගය අතරතුර පිහිටි පල්ලම් සහිත මාර්ග කොටසකදී හෝ ජලාශයක් අසලදී සිදුවූවේ නම් අනතුරින් මහා විනාශයක් සිදුවීමට ඉඩ තිබූ බව මගීහු පැවසුහ. 



අදහස් (12)

ධාවනය වෙමින් තිබූ බසයේ රෝදයක් ගැලවී විසිවෙයි

praveen Tuesday, 10 July 2018 07:16 AM

ඉන්දියන් කබල්නේ

:       62       392

Kaarmikayaa Tuesday, 10 July 2018 07:22 AM

මෙය ගැලවීමට පෙර භාවිතයේදී රියදුරාට ශබ්දයෙන් දැනගැනීමට හැකියාවක් තිබිය යුතුයි...

:       149       55

manoj Tuesday, 10 July 2018 07:43 AM

ලංකාවේ මගී ප්‍රවාහනයේ දුක්ඛිත තත්වය මේක තමයි. මැති ඇමතිවරුන් අපෙන් ඡන්දේ අරන් අපේ බදු සල්ලි වලින් බෙන්ස් වල යනවා. ජනතාව ගෙවන්න තියන ඔක්කොම බදුත් ගෙවල ජීවිතේත් අනතුරේ දාගෙන මේවගේ ප්‍රවාහන ක්‍රම භාවිත කරනවා.

:       72       287

Ranjan Tuesday, 10 July 2018 07:59 AM

ලංකාව තුළ ධාවනය වන වැඩිම වාහන ප්‍රමාණයක තත්වය ඉතාම පහළය විශේෂයෙන් බස් සහ ලොරි ධාවනයට නුසුදුසු වාහන මාර්ගයෙන් ඉවත් නොකිරීම මෙයට හේතුව........

:       0       71

isurandi Tuesday, 10 July 2018 08:39 AM

කාටත් දොස් කීමෙන් පලක් නැහැ. වෙන්න ගිය විනාශයක් වැළකුණ එකම මදැයි.

:       53       52

rama Tuesday, 10 July 2018 08:44 AM

ඉස්සර ජර්මන් ටෙක් එකේ ළමයි මේවා කරද්දී මේවා ගොඩක් හොඳයි.......... දැන් පොලිටික්කෝ ආවම මේවා කඩ වැටෙනවා බලන්න කෙනෙක් නෑ.........

:       60       130

abaran Tuesday, 10 July 2018 09:31 AM

පින්තූර වල හැටියට නම් මෙම බස් රිය රෝදයක (බ්රේක්) අලුත්වැඩියාවක් කර ඇත........ බ්රේක් ලයිනර් අලුතෙන් ගසා ඇති නමුත් නියමාකාරව පිරිසිදු කර නැත........ රෝදය ගැලවී ගොස් ඇත්තේ හබ් නට් එක නිවැරදි ආතතියට තද කර නොමැති කම හෝ එහි පොට ගෙවී ගොස් ඇති නිසාය... පුහුණු කාර්මිකයින් සිටිය යුතු තැන වලට නුපුහුණු කම්කරුවන් දේශපාලන හේතු මත අනවශ්‍ය ආකාරයට පුරවනු ලබයි.. ලංගම ,වරාය, තෙල් සංස්ථාව ,අධ්‍යාපන දෙපාර්තමේන්තුව උදාහරණ කිහිපයක් පමණි... පාර්ලිමේන්තුවේ පටන් රටේ පවතින රජයේ ආයතන නුසුදුස්සන්ගෙන් පිරී විනාශ මුඛයට යාමට පුංචි උදාහරණයකි මේ....

:       0       214

EsalaTuesday, 10 July 2018 01:30 PM

නුපුහුණු කම්කරුවන් දේශපාලන හේතු මත අනවශ්‍ය ආකාරයට පුරවනු ලබයි. නුපුහුණු කම්කරුවන්ට පත්වීම් දෙන්නේ මේ රටේම සමහරක් කතිරේ ගහලා නුපුහුණු අය දියවන්නාවට පත් කරලා අරින නිසා නේද?

:       0       2

pissaWednesday, 11 July 2018 08:12 AM

කතිරේ නොගහ ගෙදර ඇරියම පස්ස දොරෙන් ඇතුළු වෙන එකට කව්ද වග කියන්නේ.

:       0       12

vipula Tuesday, 10 July 2018 10:47 AM

ඇත්තටම මේක කාර්මිකයකුගේ දෝෂයක්. එක්කෝ කනේ දුරකථනය තියාගෙන හරියට ඇන තද නොකර කරපු අනතුරක් .

:       0       5

kap Tuesday, 10 July 2018 12:38 PM

කරුණාකර වහාම ගොස් ගමනාගමන් මණ්ඩලයේ සභාපති පුටුවේ වාඩි වෙන්න.

:       0       1

pissa Wednesday, 11 July 2018 08:15 AM

කැප් - ඔබ එහෙමද ආස? කැමතිනම් ඔබ ගිහින් වාඩි වෙන්න අනික් අයට බන කියන්නේ නැතුව.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site