(එස් .ඩි. කොඩිකාර )
දෙනියාය ප්‍රදේශයට නොකඩවා ඇදහැලුණු අධික වර්ෂාව සමග ගලා ආ රළපහරට අසුව ගිංගඟ අයිනේ ඉදි කර තිබූ දෙමහල් ගොඩනැගිල්ලක් ගිං ගගට කඩා වැටී ඇතැයි කොටපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදාකළමනාකරණ ඒකකය සදහන් කරයි.
ගිංගඟ පිටාර මට්ටමට පැමිණීම හේතුවෙන් නිවාස 52 ක් ජලයෙන් යට වී ඇතැයි ආපදාකළමනාකරණ ඒකකය කියයි.
දෙනියාය ,දෙනියාය බටහිර ,පල්ලෙගම උතුර ,පල්ලෙගම දකුණ ,කොළවෙනිගම,පුස්සවෙල , ,බෙලිඅත්තකුඹුර ,ඉහළගම යන ආදී ග්‍රාම නිලධාරී වසම වලට අයත් නිවාස බවද ආපදා කළමණාකරණ ඒකකය වැඩිදුරටත් සදහන් කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගඟ රක්ෂිතයේ ගෙවල් හදන්න අවසර දුන්න අය වග කිව යුතුයි.
ජීවිත හානි නැති එක ලොකු දෙයක්.