IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


දළඹුවෝ කල්පිටියේ වගාබිම් වනසති

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

බෝග වගාවන්ට තර්ජනයක් වී ඇති සේනා දළඹුවාට සමාන කම් ඇති දළඹු විශේෂයක් මේ වන විට කල්පිටිය වගා බිම් ආක්‍රමණය කර ඇති බව වගා කරුවෝ පවසති.

මීට පෙර මෙම සේනා දළඹුවා ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක ගණනාවක වාර්තා වුවද පුත්තලම දිස්ත්‍රික්කයේ වාර්තා නොවූ අතර දැනට සතියක පමණ කාලයක සිට මෙම දළඹුවා ගෝවා සහ බිට් රුට් වගාවන්ට දැඩි හානි එල්ල කරමින් වගාවන් වනසමින් ඇති බව වගාකරුවෝ කියති.රාත්‍රී කාලයේ වගා බිම් වල සැරි සරමින් දැවැන්ත හානියක් සිදු කිරීමට හැකියාව ඇති මෙම දළඹුවා සේනා දළඹුවාට සමාන බවත් තවමත් කිසිදු නිලධාරියකු පැමිණ මේ ගැන සොයා බැලීමක් සිදු කර නැති බවත් ඔවුහු කියති.

ගෝවා ගසේ පත්‍ර කා දමන බවත් එම දළඹුවා මර්දනයට කෘමිනාශක ඉසිම් කලත් දළඹුවා මර්ධනය කළ නොහැකි වී ඇත.

මේ පිළිබඳව කල්පිටිය ඉලන්තඩිය ප්‍රදේශයේ ගෝවා වගාකරුවකු වන ශෂික පුෂ්පකුමාර මහතා මෙසේ පැවැසීය.

      “මේ දළඹු විශේෂය දැනට ලංකාවේ පළාත් කිහිපයකින් වාර්තා වී තිබෙන සේනා දළඹුවා විය හැකි බවයි.මොකද ඒ සමාන කම් සියල්ලම මේ දළඹුවාට තිබෙනවා. අපි දන්න කෘෂි රසායන වෙළෙද සැල්වලට කතා කරලා බැලුවම ඔය කියන දළඹුවා විනාශ කරන්න යොදන කෘමි නාශකවලින් තවම මර්ධනයක් සිදුව නැහැ . අපි රාත්‍රී කාලයට තමා රසායනික ඉසිම් කළේ මොකද රාත්‍රීයට තමා මේ දළඹුවා වගාවන් වලට හානි කරන්නේ. මේ වන විට මගේ ගෝවා වගාවේ අක්කර 10 ක් විතර විනාශ කරලා .

ඒ ආසන්න වගා බිම් වලටත් හානි කරලා තිබෙනවා. අපි ඉල්ලන්නේ අදාල අංශ මැදිහත් වෙලා කඩිනමින් මේ සඳහා පිළියම් ලබා දෙන්න කියලා‘‘ යැයි ඔහු පැවැසීය.

 මේ පිළිබඳව කළ විමසීමේදී පුත්තලම නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩබ්ලිව් .එම්.එස්. වන්නිනායක මහතා මෙසේ පැවැසීය.

    “ඔය කියන දළඹුවා සේනා දළඹු විශේෂයද කියලා අපිට තවම තොරතුරක් ලැබිලා නැහැ.මොකද මීට කලින් පුත්තලම දිස්ත්‍රික්කයේ සේනා දළඹුවා වාර්ථා වී නොතිබීම නිසා. නමුත් මම අදාල නිලධාරීන්ට දන්වන්නම් වහාම මේ ගැන සොයා බලන්න කියලා‘‘ යැයි ඔහු පැවසිය.



අදහස් (5)

දළඹුවෝ කල්පිටියේ වගාබිම් වනසති

ලසන්ත Thursday, 22 November 2018 11:12 PM

දළඹුවෝ කරන්නේ බඩ වඩා ගැනීමට ආහාර ලබා ගැනීම . අපේ පාලකයෝ කරන්නේත් ඒකමනේද දළඹුවන්ගෙන් වගාව හැනිවෙනවා. පාලකයින්ගෙන් රටම විනාශවෙනවා.දෙගොල්ලම එකවගේ.

:       0       18

Bandara Friday, 23 November 2018 12:48 AM

රටම කයිද දන්නේ නැහැ.

:       0       9

ජයසුරිය Friday, 23 November 2018 04:31 AM

සේනා දලඹුවෝ සේරම එකයි. පේනවනේ ඒ පැත්තට පනිනවා, මේ පැත්තට පනිනවා, ආයිත් ඒ පැත්තට පනිනවා, ආයිත් මේ පැත්තට පනිනවා. අන්තිමට කොහේ පැනලා කෙලවර වෙයිද දන්නේ නෑ. හැබැයි ඡන්දෙදි මේ ගොල්ලන්ට උත්තර දෙන්න වෙනවා රිදෙන්නම.

:       0       15

kuma Friday, 23 November 2018 08:37 AM

දළඹුවා පැමිණ වාර්තා කරන ලදී... අනේ කෘෂි උපදේශකතුමෝ, මාව මර්ධනය කරන්න.. ස්තුතියි

:       4       33

Kamal Gamage Friday, 23 November 2018 02:23 PM

දැලඹුව විනාශ කරන්නේ පැළෑටි විතරයි. අපේ අය සියල්ලම විනාශ කරනවා.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 341 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site