IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


දළදා පෙරහරේ දිය කැපීමේ මංගල්‍යය

චමිල් රුපසිංහ
 
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ මහා මංගල්‍යයයේ අවසන් රන්දෝලි පෙරහර ඊයේ (25) රාත්‍රී වීදි සංචාරය කෙරුණු අතර අද (26) අලුයම 1 පසු වී විනාඩි තුනට දිය කැපීමේ චාරිත්‍රය සිදු කළේය.


අද (26) අලුයම 1 පසු වී විනාඩි 03 ට උතුරු දිශාමුඛව ශ්‍රී දන්ත ධාතු මන්දිරයෙහි පෙරහර සිව් දේවාලයන් හි පෙරහරත් සමඟ පිටත්ව දළදා වීදිය (වෝඩ් වීදිය), ඩී.එස් සේනානායක විදිය (ත්‍රිකුණාමල වීදිය), ගොස් දළදා කරඬුව ගෙඩිගේ විහාරයේ (ආදාහන මඵව) සිරිත් ප්‍රකාරව එහි තැන්පත් කර සිව් දේවාලයන් හි පෙරහර ආපසු දේවාලවලට පැමිණ දේව පූජා පැවැත්වීමෙන් පසුව කටුකැලේ වීදිය දිගේ ගැටඹේ දියකපනා තොට ශ්‍රී රක්ඛංග විහාරය අසලින් ගොස් දිය කැපිමේ මංගලෝත්සවය සිදුකර ආපසු ගණ දෙවි කෝවිලට පැමිණ දේව පුජා ඉටු කිරිම සිදු කෙරිණි.


ගැටබේ තොටේ දියකැපිමේ චාරිත්‍රය සිදුකිරිමේදී එම කැපු ජල පහර මහත් ආශිර්වාදයක් බව ජනයා අතර භක්තියෙන් අති විශ්වාසය නිසා එම ජල පහරෙන් මිනිසුන් ස්නානය කිරිම සිදුවිය.


ගැටඹේ තොටේ දියකැපීමෙන් පසුව එහි රැස්ව සිටින අති විශාල ජනතාව එහි සියලුම පැමිණ සිටින්නන් සඳහා මුළුතැන්බත්,කිරිබත් ආදියෙන්ද සංග්‍රහ කළේය.
 



අදහස් (0)

දළදා පෙරහරේ දිය කැපීමේ මංගල්‍යය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1765 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1449 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 520 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site