
(පී.ශාන්ත බණ්ඩාර, සමන් විජය බණ්ඩාර සහ බණ්ඩාර ජයරත්න)
පියෙකු අරණායක පොල්අඹේගොඩ ගොඩිගමුව අම්බලමකදී තම සය හැවිරිදි පුතු සහ නව හැවිරිදි දියණිය ඝාතනය කර, ඔහු ද දිවි නසාගෙන සිටියදී සොයාගත් බව අරණායක පොලිසිය කියයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ ත්‍රිත්මි කරුණාරච්චි (9) නම් දියනිය සහ දෙනුවන් කරුණාරච්චි (6) නම් පුතු වන අතර, දරුවන් ඝාතනය කිරීමෙන් පසු ගෙළවැලලා මියගොස් ඇත්තේ වසන්ත කරුණාරච්චි නමැති 33 හැවිරිදි පියාය.
අරණායක පොලිස් බල ප්‍රදේශයේ පොල්අඹේගොඩ ගොඩිගමුව වෙල්යාය මැද ඇති ඉපැරණි අම්බලම තුළ මෙම සිද්ධිය සිදුව ඇති අතර, මෙම ඝාතන පෙරේදා (5) මධ්‍යම රාත්‍රීයේ හෝ ඊයේ (6) අලුයම් කාලයේ සිදුවන්නට ඇති බවට පොලිසිය සැකකරයි.
පාසල් දරුවකු අම්බලමේ ඇති මළසිරුරු දැක ඒ බව වැඩිහිටියන්ට දැනුම්දීමෙන් පසු ඔවුන් ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුම්වත් කර ඇත.
පියා විසින් මුලින්ම දරුවන් දෙදෙනා එල්ලා මරා ඇති බවට දැනට ලැබුණු සාක්කි අනුව අනාවරණය වන්නේ යැයි පොලිසිය සඳහන් කරයි.
බාල්කයේ ලණු දෙකක් ගැට ගසා පසුව ඒවා කපා ඇතැයි පෙනෙන්නට ඇති අතර, ඒ අනුව පියා පළමුව දරුවන් දෙදෙනා ඝාතනය කර ඔහු ද ගෙළවැලලා ගන්නට ඇති බවට පොලිසිය සැකකරයි.
පියාගේ සිරුර අම්බලමේ ප්‍රධාන බාල්කයේ එල්ලෙමින් තිබූ අතර දරුවන් දෙදෙනාගේ සිරුරු පියා එල්ලි සිටි ස්ථානයේ බිම තිබෙනු දැක ගත හැකි විය.
පියා එල්ලී සිටි ලණුව ආසන්නයේ තවත් ලණු දෙකක් ඇති බවත්, අතර එම ලණු කැඩි ගොස් ඇති බවත්, මිය ගිය දියණියගේ පාදය ආසන්යේ ලණුවක් තිබූ බව පොලීසිය කියයි. දරුවන්ගේ සහ පියාගේ පාවහන් එකම ස්ථානයේ තබා තිබු අතර පියාගේ සිරුර තිබූ ස්ථානයේ කොන්ක්‍රීට් ලෑල්ලක් මත ඔහුගේ ජංගම දුරකථනය ද දැක ගත හැකි විය.
මිය දරුවන්ගේ සීයා (මවගේ පියා) වන 61 හැවිරිදි නිමල් විමලසුරිය මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය.
“මිය ගොස් සිටින්නේ මගේ බෑනා සහ දුවගේ දරුවන් දෙදෙනායි. දැනට මාස දෙකට කලින් දරුවන් පාසල් ගියේ අපේ අරණායක ගොඩිගමුවේ ගෙදර සිටයි. පසුව බෑනා දරුවන් පාසල්වලින් අස් කරගෙන දුවත් එක්කම ඔහුගේ අම්මාගේ මහ ගෙවල් ඇති ගිරිඋල්ලට එක්ක ගියා. එහේදි දෙන්නා ආරවුලක් ඇති කරගෙන මාගේ දුව අපිට කතා කරලා බෑණා කඩුවක් අරන් මරන්න පන්නන බව කීවා. පස්සේ අපි ත්‍රීවිල් එකක් අරන් ගිහින් දුව එක්ක ආවා. ඒ ගැන 5 වැනිදා උදේ අරණායක පොලිසියේ පැමිණිල්ලක් දැම්මා. ඒ පැමිණිල්ල විභාග කරන්න තිබුණේ අද (6) උදේ 10 ටයි. 5 වැනිදා හවස බෑනා දරුවන් එක්ක බයිසිකලයෙන් ගොඩිගමුවේ අපේ ගෙදරට ආවා.
දරුවන් අපේ ගෙදරින් කෑම කාලා අයිස් ඉල්ලුවා. මම ෆ්‍රිජ් එකේ ඇති කන්න කීවාම ඒවාත් කාලා සතුටින් හිටියා. හවස බෑනා දරුවන් එක්ක යන්න ලෑස්ති වුනාම දැන් දරුවන් අරන් දැන් යන්න ඕනෑ නැහැ. හෙට නැවත එන්නත් තියනවනේ කියා මම කීවා. ඒත් දරුවන් පාසල් යවන්නත් ඔනෑ නිසා එක්ක යන්නම් කියලා ඔහු කීවා. එයාගේ ළමයිනේ මට බල කරන්නත් බෑනේ. ඒ අනුව ඔවුන් හවස 5 ට විතර ගියා. රාත්‍රී 12.15 ට විතර බෑනා කොල් කර බයිසිකලය කැඩුණු නිසා එය දමා පයින් යන බව කීවා. මම එවේලේත් පයින් ගියාට කමක් නැහැ බොහෝම පරිස්සමින් ළමයි දෙන්නා එක්ක යන්න දරුවන්ට නිදිමතත් ඇති කියා කිව්වා. ඊට පසුව තමයි මේ සිද්ධිය වේලා තිබුණේ”
සිද්ධීය සම්බන්ධයෙන් අදහස් දැක්වු විලානගම චන්ද්‍රරතන හිමියන් පැවසුවේ ගැටලුවක් ඇත්නම් සාකච්ජා කර විසදාගත යුතුව තිබූ බවත්, අහිංසක දරුවන් බිල්ලට නොගෙන ඔවුන්ගේ අනාගතය ගැන සිතන්නට තිබූ බවත්ය.
හදිසි තීරණ මත අහිසංක දරුවන් බිල්ලක් කර ගැනීම වරදක් බව ද උන්වහන්සේ පැවසූහ.
අරණායක පොලිසිය වෙත සිද්ධිය වාර්තා වු සැණින් එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂණ රාහුල කන්දේවත්ත මහතා ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් ප්‍රදේශවාසීන්ගෙන් සහ ඥාතීන්ගෙන් සාක්ෂි සටහන් කර ගත් අතර, මාවනැල්ල වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියන්ත දිවෙල්ගම මහතා ස්ථානීය මූලික පරික්ෂණ සිදු කළේය. කෑගල්ල මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී ආර්.එම්.එස්.ඩී ගුණසේකර ද එම අවස්ථාවට එක් විය.
මූලික පරික්ෂණ පැවැත් වූ මහේස්ත්‍රාත්වරයා මරණ සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ පවත්වා එහි වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.
දරුවන් දෙනාගේ සිරුරු දරුවන්ගේ මව විසින් බාර ගැනීමට කැමැත්ත පළ කළත්, ඇය වසන්තගේ සිරුරු බාර ගැනීම ප්‍රතික්‍ෂේප කර ඇති අතර, ඔහුගේ මළ සිරුර ඔහුගේ ඥාතීන් විසින් බාරගෙන ඇත.
සිද්ධිය දැක ගැනීම සඳහා ප්‍රදේශවාසීන් බොහෝ පිරිසක් ඇඩු කදුලින් යුතුව එම ස්ථානයට එක් රොක් වී සිටිනු දක්නට ලැබිණි.
මෙම සිද්ධිය සිදුව තිබුණේ දරුවන්ගේ මවගේ නිවසට කිලොමිටරයක් පමණ දුරකිනි.
කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වයි.එල් ලීලවංශ සහකාර පොලිස් අධිකාරි ප්‍රදිප් විරසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත අරණායක පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරික්ෂ රාහුල බණ්ඩාර කන්දේවත්ත මහතාගේ මෙහෙයවීමෙන්, ප්‍රධාන පොලිස් පරික්ෂක එදිරිසිංහ, උප පොලිස් පරික්ෂකවරුන් වන හරිස්චන්ද්‍ර, චන්ද්‍රතිලක, අබේසුන්දර, සමරතුංග, දයානන්ද, පොලිස් සැරයන්වරුන් වන (35754) මුනසිංහ, (12436) ඒකනායක, පොලිස් කොස්තාපල් වරුන් වන (70940) එරංග, (10010) මධුවන්ත යන මහත්වරු වැඩිදුර පරික්ෂණ සිදුකරති.
2025 දෙසැම්බර් මස 18
195
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
162
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දරු දෙදෙනා මැරුවේ මවගෙන් පළිගන්නද?
Jayalath Monday, 06 February 2023 08:21 PM
අහිංසක ළමයි පව්... !
චන්දන Monday, 06 February 2023 09:17 PM
ලංකාවෙ මිනිස්සුන්ගෙ ආකල්ප කොනක ඉඳලා හදන්න වෙනවා . අධ්‍යාපනය කොයිබටද. පුතාගෙ පලිය ගන්නෙ අම්මා මරලා . අම්මත් එක්ක තරහ පිරිමහන්න දරුවන් මරලා .මේවත් චේන්ජ් වෙන්න ඕන .