IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දරුවන් පාසලට පැමිණීම අදත් සාර්ථක නැහැ

ප්‍රාථමික  ශ්‍රේණි දරුවන් සඳහා අද (13) පාසල් දෙවැනි වාරය ඇරැඹිණි.

නමුත් රටේ පවතින තත්ත්වය හේතුවෙන්  දිවයින පුරා කිසිදු පාසලක දරුවන්ගේ පැමිණීම සාර්ථක ලෙස දකින්නට නොලැබිණි.

පාසල් අවට දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙන අයුරු සහ  ඇතැම් පාසල් හි සිසුන්ගේ පැමිණීම ඉතා අඩුමට්ටමක දක්නට ලැබුණි. 

 

(කාංචන කුමාර ආරියදාස-දඹුල්ල)

 

(පාලිත ආරියවංශ -බදුල්ල)

(ඔගස්ටීන් ප්‍රනාන්දු -හලාවත)

( චමිල් රූපසිංහ-මහනුවර)

(ජවුෆර්ඛාන්-මඩකලපුව)

 (ප්‍රින්ස් රත්නායක -බෙලිහුල්ඔය)

(අජිත්ලාල් ශාන්තඋදය)


(ජායාරූප සහ ප්‍රවෘත්ති - කාංචන කුමාර ආරියදාස, පාලිත ආරියවංශ, බිමල් ශ්‍යාමන් ජයසිංහ, නිශාන්ත කුමාර, ඔගස්ටීන් ප්‍රනාන්දු, තරංග ගුණරත්න, මහේෂ් කීර්තිරත්න, හේමපාල ලියනගේ, චමිල් රූපසිංහ, සනත් ගමගේ, ඉන්දික අරුණ කුමාර, එස් ඩී තොඩිකාර, ශාන්ත චන්ද්‍රසිරි, තුසිත ද සිල්වා,ජවුෆර් ඛාන්, ප්‍රින්ස් රත්නායක,අජිත්ලාල් ශාන්තඋදය)



අදහස් (9)

දරුවන් පාසලට පැමිණීම අදත් සාර්ථක නැහැ

ලුම්බිණි Monday, 13 May 2019 04:57 AM

තමන්ගේ වාසියට ඕන එකටයි එපා එකටයි හැම දේටම කට දාන කට්ටිය කියන කතා ඇහුවම කවුද ළමයි පාසල් වලට එවන්නේ?

:       0       44

sampath pathirana Monday, 13 May 2019 05:28 AM

පෞද්ගලික පන්ති වලට ළමයි යවන දෙමුපියෝ පාසලට ළමයි එවන්නේ නෑ... අවුරුදු 30 ක යුද්දේ යන දවස්වලවත් මෙහෙමෙ උනේ නෑ... මේකෙට හේතු හොයා බලන්න ඕනි... බෝම්බ වලින් අපේම මිනිස්සු මැරුණට වඩා බරපතලයි මේ තත්වය... මේ විදිහට රටේ අධ්‍යාපනේ බිද වැටෙන එකේ ප්‍රතිඵලය බොහොම භයානකයි.....

:       7       57

සංජීව Monday, 13 May 2019 05:57 AM

අධ්‍යාපනය කඩාකප්පල් වීම මත අපේ රටේ ඉදිරිගමන තීරණය වෙනවා. දේශපාලකයන්ට ඕනේ අධ්‍යාපනය නොලබා ඔවුන් පිටුපස යන මිනිස්සු ටිකක්. මේ රට අපහු ගල් යුගයට ගෙනයන්න දැන් මේ අන්තවාදය ඇවිල්ල. යන්තම් එකකකින් ගැලවිලා අවුරුදු 10 ගියේ.

:       0       146

රජින්ද Monday, 13 May 2019 07:23 AM

රජය සහ වත්මන් පාලකයින් ගැන ඇති ජනතා අප්‍රසාදය හා අවිශ්වාසය මින් මොනවට පිළිබිබු වේ.

:       1       105

isurandi Monday, 13 May 2019 09:01 AM

මේ පරික්ෂා කිරීමත් තව කොච්චර කාලයකට පවතීවිද කියලා කියන්න පුළුවන් කාටද? නවීන තාක්ෂණයේ පිහිට (පරික්ෂා කිරීම වෙනුවෙන් සැකසුනු ස්කෑන් යන්ත්‍ර ) මේ අවස්ථාවේදී ප්‍රයෝජනයට ගන්නවානම් මේවට යොදන ශ්‍රමය හා කාලය නාස්ති කිරීම අවම කරගන්න පුළුවන් නේද . ඒ වගේම මෙය දිගුකාලින ව්‍යාපෘතියක් සේ රටට හදුන්වා දුන්නොත් නරකද ?

:       0       13

nandana Monday, 13 May 2019 09:52 AM

අනේ මන්දා. ඔය කිසිම ආරක්ෂාවක් නැති ටිව්ෂන් පන්තිවලට නම් ළමයි තොග ගණනේ යනවා.

:       9       136

liyanage Monday, 13 May 2019 10:52 AM

නමුත් රටේ පවතින තත්ත්වය හේතුවෙන් දිවයින පුරා කිසිදු පාසලක දරුවන්ගේ පැමිණීම සාර්ථක ලෙස දකින්නට නොලැබිමත් දහස් ගණනින් පුද්ගලික පන්තිවලට සහභාගි විමට හේතුව සොයා බැලිය යුතුය

:       1       64

ravi Monday, 13 May 2019 10:56 AM

ඇමෙරිකාවේ සහ යුරෝපයේ ... මීට වැඩිය හුඟක් දරුණු දේවල් සිද්දවෙලත් ... මේ වගේ නරි නාඩගම් සහ විකාර අහන්න දකින්න තබුනේ නැහැ .... ළමුන් පාසල් නොයන්නේ කුමන්ත්‍රණ නිසා නොවේද ???

:       6       76

nandana Tuesday, 14 May 2019 12:38 PM

පාසල්වලට සිසුන් නොගියත්, ටියුෂන් පන්තිවලට නම් සිසුන් ප්‍රශ්නයක් නැතිව යනවා. මෙයින් පෙනීයන්නේ අද සිසුන්ට සහ දෙමව්පියන්ට පාසලේ උගන්වන දෙයට වඩා, ටියුෂන් පන්තියේ උගන්වන දෙය කෙරෙහි ඇති විශ්වාසය වැඩි බවයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site