IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දුර්ලභ ඝනයේ හම්බාවෙක් නිකවැරටියෙන් සොයා ගනී

(ප්‍රියානි  මංගලිකා )

නිකවැරටිය වනජීවි කලාපයට අයත් ගෝනගම ප්‍රදේශයේ ගෙවත්තක අනතුරකට ලක්ව වැටී සිටි "හම්බාවෙකු" අද (13) නිකවැරටිය වනජීවි නිලධාරීන් විසින් බේරා ගෙන තිබේ.

අනතුරකට ලක්ව  සිටි  හම්බාවා ප්‍රතිකාර සඳහා නිකවැරටිය  පශු වෛද්‍ය ඒකකයට ඇතුළත් කළ බව නිකවැරටිය වනජීවි කලාප කාර්යාලය පැවසීය.

මෙම දුර්ලභ ඝනයේ හම්බාවාට පාදවල ඇති බැඳි පටක ආධාරයෙන් , උස් තුරු මුදුනක සිට වුවද , පියාඹන ආකාරයෙන් බිමට බැසීමට හැකි බව වනජීවි නිලධාරීහු  පවසති.

නිකවැරටිය වනජීවි පශු වෛද්‍ය ඒකකයේ පශුවෛද්‍ය එච්.කේ.ඉසුරු මහතා විසින් ප්‍රතිකාර ලබා දුන් බවද නිලධාරීහු පැවසූහ. නිකවැරටිය වනජීවි කලාප ප්‍රධානී අයි.එම්.ජී.සෙනවිරත්න  මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම හම්බාවා සොයා ගැනිණි.



අදහස් (3)

දුර්ලභ ඝනයේ හම්බාවෙක් නිකවැරටියෙන් සොයා ගනී

naradha Thursday, 13 September 2018 03:38 PM

මේ පින්තුරයේ සිටින හම්බාවා ඉතාමත් ගැඹුරු කල්පනාවක යෙදී සිටින බවකුයි පෙනෙන්නේ.

:       1       41

godfrey Friday, 14 September 2018 09:01 AM

ඒ කියන්නේ... අනේ මාව ඉතාමත් දරුණු ගණයේ සතුන් කොටසකට අහුවුණා කියලාවත්ද?

:       0       5

LCI Sunday, 16 September 2018 09:25 AM

අති දුර්ලභ වඳවී යන සත්වයෙක් වන හම්බාවා. ගස්වල ඉහළට නැග, පහළ ගස්වලට පියඹා යන අඳුර සමග සවස් කාලයේ කැලෑ සහිත ගම්බද ප්‍රදේශවල ඉතාමත් කලාතුරකින් දක්නට ලැබෙන සත්වයෙකි. දඬුලේනාට අතිශය සමානකමක් දක්වන මෙම සතා පලතුරු ආහාරයට ගනිමින් ජීවත්වේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 102 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site