(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල සහ ඒ අවට ප්‍රදේශ වලට දින කිහිපයක සිට නොනවත්වා ඇද හැලෙන වර්ෂාවෙන් මේ වන විට ප්‍රදේශයේ වැව් අමුණු ඇළ දොළ පිටාර ගැලීම තත්ත්වයක් ඇති වී තිබේ.
අද (20) උදෑසන වන විට දඹුල්ල නගරයේ මධ්‍ය තම්මන්ඇල ,මිරිස්ගෝනියා ඔය, දඹුලු ඔය ,හා ප්‍රධාන ඇළ මාර්ග සියල්ල පිටාර ගලමින් පවතී.
එමෙන්ම කණ්ඩලම ජලාශය දෙවැනි වතාවටත් වාන් දැමීම හේතුවෙන් දඹුල්ල වෑවල වැව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී තිබිණි.
බස් රථ ඉතා අවදානම් තත්ත්වයේ මගින්ද සහිතව ජලය මතින් ගමන් කරන අයුරු දකින්නට හැකිය.
දඹුල්ල ඉබ්බන්කටුව ජලාශය වාන් දොරටු 5ක් මේ වනවිට විවෘත කර තත්පරයට ඝන අඩි 6447 ජල කඳක් දඹුළු ඔය ඇල මාර්ගය හරහා කලා වැවට මුදා හැරේ. මේ හේතුවෙන් පහත බිම් රැසක් ජලයෙන් යටවී තිබේ .
දඹුල්ල ප්‍රදේශයේ මාර්ග කිහිපයක් ද ජලයෙන් යට වී පවතී. එමෙන්ම දඹුල්ල පහලවැව, රත්මල්ගහ වැව , සළු අපුල්ලන වැව ,පන්සලේ වැව, ආදී නගර ආසන්නයේ වැව් සියල්ලම පිරී ඉතිරි මාර්ග හා නිවාස පවා ජලයෙන් යටවී තිබේ.
දඹුල්ල, සීගිරිය, කණ්ඩලම ,නාඋල ,ගලේවෙල, ආදී ප්‍රදේශවලද ගොවිබිම් රැසක් ජලයෙන් යට වී තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දඹුල්ලේ ගොවිබිම්- ගම්මාන රැසක් ජලයෙන් යට වෙයි