IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දඹුල්ලේ එළවළු ගොඩගැසෙයි

(ඡායාරූප - කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොවීන් විසින් ඇරගෙන ආ එළවළු කිලෝ ලක්ෂ තිහක පමණ ප්‍රමාණයක් අලෙවි කර ගැනීමට නොහැකිව ආර්ථික මධ්‍යස්ථානය තුළ ගොඩගැසී ඇති බව වෙළෙඳ සංගමයේ සභාපති ඡන්න  ඇරෑවුල මහතා අද 02  පැවසීය.


දිවයිනේ බොහෝ ආර්ථික මධ්‍යස්ථාන සතිපොළ සහ එළවළු අලෙවි කරන ස්ථාන වසා දැමීම, නගර රැසක් හුදෙකලා කිරීම, ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් එළවලු  මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන් බෙහෙවින් අවම තත්වයක පැවතීම නිසා එළවලු  තොග අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයක පත්ව ඇතැයි  ගොවීන් සහ ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිවයිනේ සෑම පළාතකින් ම ගොවීන් එළවළු තොග රැගෙන විත් ගොඩගසා ඇති අතර ඒවා සඳහා ඉතා අවම මිලකට  ප්‍රමාණයක් අලෙවි කළ ද එළවළු වලට මිල තක්සේරු කිරීමට හෝ නොහැකි තත්ත්වයක් පත්ව ඇති බව ගොවීහු පෙන්වා දෙති.

ඇතැම් එළවළු රැගෙන ආ ගොවීන් තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකි නිසා නැවතත් ඔවුන් නිවෙස් වලට අස්වැන්න රැගෙන යන ආකාරයද ආර්ථික මධ්‍යස්ථානයට ගිය අපට දැක ගැනීමට හැකියාව ලැබිණි.

උදෑසන සිටම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන පැමිණි ගොවීන් ඒවා මත වාඩිවී ඇතැම් අය නිදාගෙන  සිටින ආකාරයද ආර්ථික මධ්‍යස්ථානයේ සුලභව දැක ගැනීමට හැකි වීම විශේෂත්වයකි.

ඇතැම් එළවළු වර්ග රුපියල් 5සිට රුපියල්  20 දක්වා මිල ගණන් යටතේ සීමිත ප්‍රමාණයක් අලෙවි කළ බවත් ගොවීහු කියති.

තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකි වීම නිසා දැඩි අසීරුතාවයකට පත්ව තිබෙන බවත් එළවළු තොග අනෙකුත් ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීම හෝ ඒවා මිලදී ගැනීමට වැඩපිළිවෙළක්  ක්‍රියාත්මක කරන්නැයි ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති  චන්න  ඇරෑවුල මහතා කියා සිටියේ එළවළු කිලෝ ලක්ෂ තිහකට අධික ප්‍රමාණයක් මේ වන විට ගොඩ ගැසී තිබෙන බවත් ඉකුත් පළමුවන දින ඇතැම් වෙළෙන්දන් මිලදී ගත් එළවළු තොග මැනිං මාර්කට් වසා දැමීමත් සමග නැවතත් දඹුල්ලට රැගෙන ආ බවත් එම නිසා දින දෙකක එළවළු තොග මේ වන විට දඹුල්ලේ ගොඩගැසී ඇති බවය . මේ  සඳහා යම්කිසි වැඩ පිළිවෙළක් සාකච්ඡා කිරීමට කඩිනමින් පියවර ගන්නා බවද ඒ මහතා සඳහන් කළේය.

 



අදහස් (8)

දඹුල්ලේ එළවළු ගොඩගැසෙයි

බද්රානි Monday, 02 November 2020 09:09 AM

වැවෙනවා, විකුණා ගන්න පින නැහැ... සල්ලි තියනවා බඩු ගන්න පින නැහැ.... බඩු තියනවා කන්න පින නැහැ...ඒ උනාට, මැරි මැරී ජීවත් වෙන්න නම් පින තියනවා මදි නොකියන්නම ???

:       0       1

amila Monday, 02 November 2020 09:40 AM

ගෙවල්වල ඉන්න මිනිසුන්ට කන්න නැහැ, තව අයට එළවලු විකුනන්න විදියක් නැහැ. පුදුම රටක්.

:       0       1

rana Monday, 02 November 2020 09:56 AM

අනේ අපොයි අපට වූනු දෙයක් !

:       0       0

wije Monday, 02 November 2020 10:52 AM

20 වෙනි සංශෝදනයේ කොතැනවත් ඕවා නැහැනේ.

:       0       0

Pradeep Monday, 02 November 2020 12:46 PM

ඇයි මේවා අපනයනයට පියවර ගන්නේ නැත්තේ?? විශේෂයෙන්ම මාලදිවයිනේ මේ දවස්වල එළවළු වලට හොඳ ඉල්ලුමක් තියනවා. නමුත් සැපයුම අඩුයි. ලංකාවේ කඩවල් කීපයකුත් මෙහේ තියනවා. ඔවුන් කියන්නේ ලංකාවෙන් එළවළු එන්නේ නෑ කියලයි. ඇයි බලධාරීන් මේ ගැන උනන්දු වෙන්නේ නැත්තේ. දුප්පත් ගොවීන්ට මේ ගැන හරි වැටහීමක් නෑ. කවුරු හරි මැදිහත් වෙලා මේ නාස්තිය වලක්වන්න බලන්න.

:       0       0

හීන්මාමාWednesday, 04 November 2020 05:01 AM

මාලදිවයිනේ පමනක් නොවෙයි ලංකාවෙත් අපිට නම් එලවළු නැහැ. ආර්ථික මධ්‍යස්ථානවල සිට දුම්රියෙන් අවශ්‍ය ප්‍රදේශවලට යවා බෙදාහරින ක්‍රමයක් සකසන්න. රටේ බොහෝ ආදායම් මාර්ග වැසී ඇති නිසා ප්‍රදීප්ගේ අදහසත් ක්‍රියාත්මක කලොත් සුදුසුයි

:       0       0

kamal Tuesday, 03 November 2020 10:09 AM

නව පරිපාලනේ මහිම...

:       0       2

තෙන්නකෝන් Tuesday, 03 November 2020 11:53 PM

බැසිල්තුමා මේකට විසඳුමක් ඉදිරිපත් කළා. නමුත් මේ තොග වෙළඳුන් ඒ ගණන් වලට කැමති වුනේ නැහැනේ. දැන් ඉතින් එළවලු කුණු ගොඩට තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 183 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site