(උපාලි රණවීර)
කොළඹ නගරයේ කසල නැවත වරක් දොම්පෙ කිරිඳිවැල ඒකාබද්ධ කසල කළමානාකරණ මධ්‍යස්ථානයට රැගෙන ඒමට එරෙහිව ප‍්‍රදේශවාසීහු අද(3) පෙරවරුවේදී විරෝධතාවයක නිරත වූහ.
කිරිඳිවැල, මාලිගාවත්ත කසල කළමනාකරණ මධ්‍යස්ථානයට පිවිසෙන මාර්ගය අසල පැවති මෙම විරෝධතාවයට මාලිගාවත්ත, ගුරුගම දියවාල, මැද්දෙගම, කිරිඳිවැල යන ප‍්‍රදේශවල ජනතාව සහභාගී වී සිටියහ.
සතියක පමණ කාලයක සිට කොළඹ නරග සභාව මගින් මෙම මධ්‍යස්ථානයට කසල ලොරි 54ක් පමණ රැගෙන ආ බව විරෝධතාකරුවෝ කියති.
පැයක පමණ කාලයක් පැවැති විරෝධතාවය සමකාමීව අවසන් කෙරිණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දොම්පෙට කසල ගෙනෙනවාට යළි විරෝධය
srimala Monday, 03 July 2017 08:33 AM
ශ්‍රී ලංකාව තනි රටක්ද නැත්නම් බෙදුණු ප්‍රාන්ත ඇති රටක්ද? ඇයි මේ විරෝධතා? කොළඹ කුණු ඇත්තටම කොහින්ද? දිනකට එළවලු , මාළු ලොරි කීයක් පිටපළාත් වලින් කොළඹට එනවද? මැනිං පොලේ කුණු ටොන් කීයක් එකතු වෙනවද? දිනකට කොළඹට ඇතුලුවෙන කීදෙනෙක් කෑම පාර්සල් අරන් එනවද? මිනිසුන් ලක්ෂ ගානක් දිනකට කොළඹට ඇතුළුවෙනවා. මේ අයගේ කුණු නේද මේ එකතු වෙන්නේ?
aravinda Monday, 03 July 2017 10:10 AM
කොළොඹ අවට ප්‍රදේශයේ එකතු වන කුණු මඩකලපුවට ප්‍රවාහනය කිරීමේ සැලසුම ක්‍රියාත්මක වෙන තෙක්, එම කසල දොම්පේ, මුතුරාජවෙල වැනි ප්‍රදේශ වල තැන්පත් කිරීම විනා වෙන විකල්පයක් දැනට නැහැ. කිසි කෙනෙක් තමන් ජීවත් වෙන පරිසරය අවට කුණු එකතු වෙනවාට අකමැති මෙන්ම, වර්තමානයේ ඇති යථාර්තය වටහාගෙන සියලු දෙනාම මඳක් ඉවසා සිටීම නුවණට හුරුයි.