ක.ග කරුණාරත්න
පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගය පුළුල් කිරීම සඳහා බැකෝ යන්ත්‍රයකින් හැරීමේදී ඉපැරණි දීප උයන ඉදිරිපිට මාර්ගයෙන් පුරාවස්තු හමුවූ ස්ථානයේ විධිමත් පුරාවිද්‍යා කැණීමක් සිදු කරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී මණ්ඩාවල මහතාගේ උපදෙස් පරිදි එම කටයුතු සිදු කිරීමට නියමිත බව ප්‍රාදේශිය විද්‍යා සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.එච්.ඒ සුමනදාස මහතා පැවසීය.
පුරාවිද්‍යා ස්මාරක හමුවූ ස්ථානයේ මැනුම් කටයුතු සිදුකර අදාල සිතියම් ගත කිරීමේ මූලික කටයුතු දැනට සිදු කෙරෙමින් පවතින බවද ඒ මහතා කීය.
ඉපැරණි දීප උයන ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ බැකෝ යන්ත්‍රයකින් හැරීමේ කටයුතු සිදු කරද්දී ඊයේ (22) දහවල් මෙම පුරා විද්‍යා ස්මාරක මතුවිණි.
එම ස්ථානයේ තිබී ඉපැරණි ගල්කණු 22 ක් මේ වන විට මතුවී ඇතැයි පුරා පුරාවිද්‍යා නිලධාරීන් සඳහන් කළ අතර එම ස්මාරක හමුවූ ප්‍රදේශය සහ ඒ අවට මාර්ගය සංවර්ධනය කිරීමේ කටයුතු තාවකාලිකව නතර කරන ලෙස අදාළ ඉදිකිරීම් කටයුතු සිදුකරන පෞද්ගලික සමාගමට උපදෙස් දී ඇති බවද සඳහන් කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දීප උයන අසලින් ගල් කණු 22 ක්
janatha anura Saturday, 24 March 2018 03:25 AM
මෙම ඉපැරණි ගල් කණු මාර්ගය ඉදිකිරීමේදී බ්‍රිතාන්‍ය පාලන කාලයේ දමන්නට ඇත. මෙය වෙනත් තැනකින් ගෙනැවිත් දමන්නට ඇත. පසු කාලයක මෙම පුරා වස්තු විදේශික පාලනය ඉතා ආරක්ෂා කර ගවේෂණය කෙරුණත් අද එවැන්නක් දක්නට ඇත.
kapla Saturday, 24 March 2018 07:55 AM
කාපට් කරන කොට මේවා හම්බ වුනේ නැද්ද? ඒ කියන්නේ හොරට කාපට් කරලා තියෙන්නේ...
Thusitha Saturday, 24 March 2018 01:36 PM
ලංකාව කියන්නේ සිංහල බෞද්ධයින්ගේ රට... කයිවාරු ගැහුවට වැඩක් නැහැ. මේ සොයා ගැනීමෙනුත් පේන්නේ එ්කම තමයි.