IMG-LOGO

දැදුරු ඔයේ වැලි ජාවාරම නැවතත්

දැදුරු ඔය මුහුදට වැටෙන හලාවත මෝයකට ආසන්නයේ සිදු කෙරෙන වැලි ජාවාරමක් හේතුවෙන් දැවැන්ත විනාශයකට දැදුරු ඔය යළි ගොදුරු වී ඇතැයි පරිසර සංවිධාන කියයි.

මාස කිපයකට ආසන්න කාලයක් පුරා මෝය කටේ සිට කිලෝ මිටරයක දුරින්  ගොඩබිම දෙසට වන්නට  වැලි ගොව්වකු යොදා ගනිමින්   මෙලෙස  නිතී විරෝධි ආකාරයෙන් වැලි ජාවාරම සිදුවන බව ඔවුහු පෙන්වා දෙති.

මෙම වැලි ජාවාරම දැනට මාස කිපයක සිට දැදුරු ඔයේ  සිදුවන බවත් ඔය පතුලේ ඇති වැලි දැවැන්ත වැලි ගොව්වා යන්ත්‍ර සුත්‍ර යොදා ගනිමින්  මිටර් 300 කට වැඩි දුරකින් වු ගොඩබිමේ පුද්ගලික ඉඩමකට පොම්ප කරන බවත් එම සංවිධානය කියයි.

ඉන් පසු ටිපර් යන්ත්‍ර යොදා ගනිමින් රාත්‍රියේදී ප්‍රවාහනය කරන බව ද එම සංවිධානය කියයි.

බංගදෙනිය මිහිසර පරිසර සංවිධානයේ ලේකම් එම් . ජේ. ඩයස් මහතා  පෙන්වා දෙන්නේ දේශපාලඥයින් පිරිසක් නැවතත් දැදුරු ඔය විනාශ කිරිම ආරම්භ කර ඇති බවත් මෙම ජාවාරම එළිපිට සිදුවන විටත් වග කිවයුතු රාජ්‍ය ආයතන නිහඩ විම බරපතල කරුණක් බවත් ය.
 
මෙම නිති විරෝධි වැලි ජාවාරම සිදු වන්නේ දැනට හලාවත මෝය කට පුළුල් කිරිමේ කටයුත්තට මුවාවෙන් බවත් වාර්තා වෙයි . නමුත්  කිසිම ආකාරයකින් මෙම නිති විරෝධි වැලි ජාවාරම මෝය කට පුළුල් කිරීමේ කටයුත්තට සම්බන්ධයක් නොමැති බවට සනාථ වි තිබේ .

මෙම ජාවාරම පිටුපස හලාවත ප්‍රබල දේශපලඥයකු සමග රටේ නම ගිය ඇමතිවරයකුගේ පුත්‍රයකුද සම්බන්ධව ඇති බවත් පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතන කිසිම ආකාරයකින් සොයා බැලිමක් තියා අදාල නිති විරෝධි කටයුත්ත සිදුවන ස්ථානයට පැමිණවත් නැතැයි ජනතාව චෝදනා කරති.
 
 මේ පිළිබදව වෙරළ සංරක්ෂණ අධිකාරියේ හලාවත සහකාර අධ්‍යක්ෂ වරියගෙන් කළ විමසීමකදී පවසා සිටියේ

“දැනට මේ සදහා කිසිදු අවසරයක් ලබා දී නැහැ . ඒ පිළිබදව අපි දැනුම්වත් වි නැහැ .අනික මෝය  කට පුළුල් කිරිම පමණයි කරන්නේ .දැදුරු ඔයට කිසිම සම්බන්ධයක් නැහැ“

මේ පිළිබදව හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ සැලසුම් ඩබ්ලියු .ආර් .වික්‍රමනායක මහතා පවසා සිටියේ

“මෙම ව්‍යාපෘතිය තුළ කිසිම ආකාරයකින් දැදුරු ඔය තුළ වැලි කැණිම් කරන්න අවසර ලබා දි නැහැ. එසේ කරනවානම් එය නිති විරෝධියි . අනික රාත්‍රි කාලයේ වැලි ප්‍රවාහනයටත් කිසිම අවසරයක් නැහැ ඒ නිසා කිසිදු නිත්‍යානුකුල තත්ත්වයක් මෙහි නැහැ “

 



අදහස් (8)

දැදුරු ඔයේ වැලි ජාවාරම නැවතත්

Janaka Wednesday, 27 September 2017 12:34 PM

හලාවත මාදම්පේ බිංගිරිය පනිරෙන්දව රක්ෂිතය ආශ්‍රිතව දැවැන්ත පාරිසරික විනාශ සංවිධානාත්මක පිරිස් විසින් ඉතාමත් ජයටම කරගෙන යනවා. කිසිම වගකිවයුතු පුද්ගලයෙක් හෝ ආයතනයක් කිසිඳු පියවරක් ගන්නේ නැත. දේශපාලන මැදිහත් වීමක් ඇතිබවද සිතිය හැක. පොලිසිය භූවිද්‍යා සහ පතල් කාර්යාංශය මධ්‍යම පරිසර අධිකාරිය මර නින්දේ. ඉතාමත් විශාල ටිපර් රථ යොදාගෙන මුළු ප්‍රදේශය පුරාම දැවැන්ත පාරිසරික හානියක් සිදු කරනවා. නල ළිං ව්‍යාපාරිකයන් ඉවක් බවක් නොමැතිව නළලින් සවි කරලා සල්ලි ගරනවා. එම ප්‍රදේශ වල ඇති දරුණු නියගය මෙම පාරිසරික හානිවල ප්‍රතිඵලයක් ද විය හැක.

:       0       15

Chandana Fernando Wednesday, 27 September 2017 02:25 PM

ජනාධිපති තුමනි ජාතියේ වගකීමක් ලෙස මේ විනාශයදෙස බලා, මේ වැලිගොඋවුවන්ට නිසි දඩුවම් දී දැදුරු ඔය බේරගන්න. ජනතාව හැටියට කියන්න වෙනකෙනෙක් නැහැ . රටත් , පරිසරයත් දෙකම විනාසවෙන කාලය බොහොම ලග වේවි . අනේ අපේ ශ්‍රී ලංකාව

:       0       103

ramanThursday, 28 September 2017 06:31 AM

මහවැලියේ වැලි හාරා විනාශ කළේ ජනාධිපතිතුමානේද, ඒ පිළිබඳ ඇමති කාලේ? ඒවා වුනේ තමුන් නොදැන නෙවෙයිනේ. ඒ නිසා දැදුරු ඔයත් ඔහේ හාරන්න අරීවි.

:       0       41

suran Thursday, 28 September 2017 03:06 AM

අමාත්‍යංශයක වගකීම ඉටුකළ නොහැකි අයෙක්ට රටක් වෙනුවෙන් වගකීම ඉටුකළ හැකිද යන්න විමසා බැලීමට කාලය එලබ ඇත. රටට අවශ්‍ය වන්නේ ක්‍රියාවෙන් වැඩ කළහැකි දේශපාලකයන් මිස වචනයෙන් ලොකු අහස මාලිගා හදන දේශපාලකයන් නොවේ. ජනාධිපති යටතේ ඇති අමාත්‍යංශයේ වගකීම පැහැර හැරෙනවා නම් අනෙකුත් අමාත්‍යංශ ගැන කුමන කතාද ?

:       0       218

sumith Thursday, 28 September 2017 10:22 AM

අනේ දෙවියනේ, මේවා දකිනකොට මගේ නම් පපුව හෝස් ගාලා දාලා යනවා. දෙවියෝම මේවා බලාගන්න ඕනෑ...

:       0       6

sudesThursday, 28 September 2017 11:59 AM

දෙවියෝ? දෙවියෝ නෙවේ අපේ රට දිහා දැන් බලන්නේ. යක්කු, කුම්භාණ්ඩයෝ, පෙරේතයෝ. ඇයි ඉන්න අයත් ඒ වගේනේ.... එ්කයි.

:       0       5

sudes Thursday, 28 September 2017 10:41 AM

හාරන්න හාරන්න. ඔය වගේම මේ රටේ ඉතිරි වෙලා තියෙන මහ රූස්ස ගස් ටිකත් කපලා ඉවර කරන්න. මැණික් ගරන්න පොළවත් හාරන්න. සල්ලි හොයන්න කැලේ ඉන්න අහිංසක අලි පැටව් ටිකත් අල්ලලා විකුණ ගන්න. නිදන් හොයන්න තව හාරන්න. පාර්ලිමේන්තුවේ ඉන්න සේරම මේ රට කෑලි කෑලි කපාගෙන එකපාර කාලා ඉවර කරන්න.

:       0       8

Roshan Saturday, 30 September 2017 12:57 PM

පරිසර ඇමැති සහ අනුබද්ධ දෙපාර්තමේන්තුවල වගකිව යුත්තෝ මර නින්දේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 128 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6702 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6303 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7702 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18384 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1335 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1409 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1611 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 419 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site