IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


දැදුරු ඔය රක්ෂිතයේත් වැලි ජාවාරමක්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

වාරියපොළ  දැදුරු ඔය ජලාශයේ ජලාශ රක්ෂිතයේ සිදුවන නීති විරෝධි වැලි ජාවාරම නිසා ජලාශය බරපතල අවදානමකට පත්ව ඇතැයි ජනතාව සහ පරිසර සංවිධාන චෝදනා කරති. 

වැලි ජාවාරම්කරුවන් ඉවක් බවක් නොමැතිව දැදුරු ඔය ජලාශ  රක්ෂිත වන පොල්ගම්මන ,මලගනේ, කිතුල්වැහැර , පොතුවැව, තඹරව, ඉපලව, නැටිය, ප්‍රදේශ තුළ   නීති විරෝධි අයුරින් දැවැන්ත වලවල් හාරමින් එම වලවල් තුළට ජලාශයේ ජලය පොම්ප කරමින් ඉන් පසුව වලවල් තුළ එකතු වන රොන් මඩ සහිත ජලය ජලාශයට ගලා යාමට ඉඩ හැරීම බරපතලම තත්වයක් බවට පත්ව තිබේ. 

ජලාශය ඉදිකිරීමේදි අක්කර 4000 කට ආසන්න ප්‍රමාණයක් ජලයෙන් යටවු අතර එයින් තවත් බිම් ප්‍රමානයක් ජලාශ රක්ෂිත ලෙස නම් කර කිසිවකුටත් එම භූමියට ඇතුළු වීම තහනම් කර ඇත්තේ  රක්ෂීත ආරක්ෂා විමේ නියමිත වාරි මාර්ග නීති ක්‍රියාවලිය  අනුව බව කියයි . 

ජලාශයට යටවු බිම් වල පදිංචිව සිටි පවුල් 640 ක සංඛ්‍යාවක් සදහා තෙළහැර , පොල්ගම්මන , නෙළුම්ගම ,හා පිටර්වැලිවත්ත ප්‍රදේශවල නව ගම්මාන ඉදිකර දීමට රජයන් කටයුතු කර පදිංචි කිරීමත් සිදුවු බව කියති. 

 දිනකට වැලි ලොරි 100 කට ආසන්න ප්‍රමානයක් වාරියපොළ  පොලිස්ථානය අසලින් ගමන් කිරීම සිදුවන්නේ නීතිය ක්‍රියාත්මක කරන පිරිස් බලා සිටියදිම  විම පුදුමය දනවන්නක් ව තිබේ. 

මේ තත්වය පිළිබදව කුරුණැගල කලාප වාරි මාර්ග අධ්‍යක්ෂ මාලනී කුලතුංග මහත්මිය මෙසේ කීවාය.“මේ නීති විරෝධි වැලි ජාවාරම පිළිබදව අපි අදාල අංශ විශේෂයෙන් පොලිසිය දැනුවත් කර තිබෙනවා . නමුත් ඒ අංශ ක්‍රීයාත්මක විම සැලකිය යුතු තත්වයක නොමැති බව  කියන්න පුළුවන්. මේ වැලි කැපිම සිදුවන ප්‍රදේශ ජලාශ රක්ෂීත ප්‍රදේශ එයින් ඉවත් වන රෝන් මඩ නිසා ජලාශය බරපතල අවදානමකට මේ වන විට පත්ව තිබෙනවා‘‘

 



අදහස් (7)

දැදුරු ඔය රක්ෂිතයේත් වැලි ජාවාරමක්

suran Friday, 30 June 2017 06:36 AM

පරිසර ඇමතිතුමා නිදාගෙනද ඉන්නේ? අද ආණ්ඩුවේ අසාර්ථකම අමාත්‍යාංශයක් හැටියට පරිසර අමාත්‍යාංශය කියන්න පුළුවන්..... කටින් බතල කොළ හිටවන කෙනෙකුගෙන් වැඩක් නැහැ...

:       0       53

ෆෙරෝස්Friday, 30 June 2017 09:20 AM

විධායක බලතල සහිත ලංකාවේ පළමු සහ එකම පරිසර ඇමතිතුමා තමයි...

:       0       37

නුමා Friday, 30 June 2017 08:23 AM

දැදුරුඔය කියන්නේ ඉතාමත් ශෝචනීය ලෙස වැලි ජාවාරමට හසුවූ වයඹ පළාතේ පිහිටි ඔයක්. අප කුඩා කාලයේ ඉතාමත් සිත්ගත් ඔයක්ව පවතී දැදුරුඔය අද දකින විට ඇතිවන්නේ කණගාටුදායක සිතිවිල්ලකි. පෙර වැල්ලෙන් වැසී තිබු ඔය අද පතුලේ පාෂාණ මතුව පෙනෙන, ජරාවාස වූ තැනක් බවට පත්ව ඇත. මෙයට දේශපාලකයින් සෘජුවම වගකිවයුතුය. සියලු වැලි ගොඩදැමීම් සිදුවන්නේ ඔවුන්ගේ අනුදැනුම මතය. මෙම ලිපියෙහි පවසා ඇති පරිදි, පොලිසිය බලා සිටින්නෙත් එම හේතුව නිසාවෙනි. විතිකුලිය ප්‍රදේශයේ මා දන්නා රජයේ වැලි ගොඩදැමීමේ ස්ථානයද, වැලි ගොඩ දැමීමෙන් සිදුවන ආදීනව නිසා නවත්වා දැමුවද පෞද්ගලික වැලි ගොඩ දමන්නන්, තම කාර්යයන් තව දුරටත් පුළුල් කරමින් අද නවත්වා ගැනීමට නොහැකි ව්‍යසනයක් බවට පත්ව ඇත. නීතිය ක්‍රියාත්මක කර අත්අඩංගුවට ගැනීම, එසේ අත්අඩංගුවට ගන්න සියලු වාහන රාජසන්තක කිරීම, පුද්ගලයින්ට අැප ලබා නොදීම සහ ජාවාරම්කාර මුදලාලිලාට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍යය. නැතිනම් සුන්දර පරිසරයේ විනාශයද, මිනිස් ජීවිත වලට ඇතිවන බලපෑමද අතිමහත් වනු ඇත. වෙනත් ඔයවල්, ගංගා වල තත්ත්වයද මෙයට නොදෙවෙනි බවද කිව යුතුය.

:       0       5

somaris Friday, 30 June 2017 09:03 AM

පරිසර ඇමතිතුමා දැන් මොකක් කරයිද දන්නෑ....

:       0       14

vipula Friday, 30 June 2017 09:11 AM

මදැයි, රටකට අපමණ යුගයක් ලබාදෙන්න අපෙන් ඡන්දේ ඉල්ලුවා. දැන් රට කනවා. ලබන මැතිවරණයට ඡන්දේ අඩුවන නිසා ඒවත් ගන්නවා. කලින් අය එෆ්. සී. අයි. ඩී. යන එන එක විතරක් වන නිසා ආණ්ඩුව පෙරළුනත් තමන්ට එක රුපියලකින්වත් පාඩුවක් සිදු නොවන බවත්, තමනුත් නීතියෙන් බේරගන්න බවත් මෙම දේශපාලකයන් දන්නවා.

:       0       15

Lapaya Saturday, 01 July 2017 01:57 AM

පොඩ්ඩක් ඉන්න මේක හෙට පත්තරේ කියවන කොට දැන ගනියි පරිසර ඇමතිතුමා.

:       1       10

anton Saturday, 01 July 2017 04:27 AM

පාරිසර කටයුතු බරව ඉන්න කෙනාගේ විසිල් විතරයි .බල්ටි නැහැ .දැන් එයාගේ අනිත් හැම වැඩක්ම එහෙම තමා.ලැජ්ජයි දැන් අපේ රටේ වෙන දේවල් ගැන .

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 42 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2003 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1556 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site