අධික වර්ෂාව සමඟ මාතර දිස්ත්‍රික්කයේ ඇතිවු ගංවතුර හේතුවෙන් අද (29) වන විට විසි හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්ව පවුල් 43114ක 160702 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි මාතර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ලුතිනන් කර්නල් ප්‍රියංකර උභය සිරිවර්ධන මහතා පවසයි.
දිස්ත්‍රික්කයේ නිවාස 186ක් මුළුමණින්ම විනාශ වී තිබෙන අතර අර්ධ වශයෙන් හානියට පත් නිවාස සංඛ්‍යාව 2637ක් දක්වා ඉහළ ගොස් තිබේ.අවතැන් කදවුරු 26ක පවුල් 4000ක් පමණ තාවකාලිකව පදිංචි කර තිබේ.
නිල්වලා ගඟේ ඉහළ කොටසේ ගංවතුර තත්වය ක්‍රමයෙන් අඩු වෙමින් පැවතියද ටහි පහළ මාතර නගරය අවට ප්‍රදේශවලට මේ වන විට දැඩි හානියක් වී තිබේ.
මාතර සිට අකුරැස්ස, මාතර සිට හක්මන,මාතර සිට කඹුරුපිටිය ආදී ප්‍රධානමාර්ගවල සියලුම ගමනාගමන කටයුතු දැනට දින හතරක පමණ කාලයක සිට නතර වී ඇත.
(ඡායාරුප - ක්‍රිෂාන් ජීවක ජයරුක්)







2025 නොවැම්බර් මස 04
58
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2011
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දකුණ තවමත් සසලයි