IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


තලවිල දේවස්ථානයේ මංගල්‍යය ඇරඹෙයි

(පද්මා කුමාරී කංකානම්ගේ)

කතෝලික බැතිමතුන්ගේ මුදුන් මල් කඩක් බඳු, තලවිල ශාන්ත ආනා ජාතික දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය ආරම්හ කරමින්, සාම්ප්‍රදායික කොඩි ගස එසවීම අද (01) දින සවස දේවස්ථාන පරිශ්‍රවයේ දී  සිදුවිය. ධීවර ප්‍රජාව උදෙසා වෙනකළ මෙම මංගල්‍යය ඔරු මංගල්‍යය ලෙසද හැඳින්වේ.

එම අවස්ථාවේ සිය දෙසුම පවත්වමින්, තලවිල මීසම් පාලක ගරු ලයිලි ප්‍රනාන්දු පියතුමන් ප්‍රකාශ කර සිටියේ, අදින් ඇරඹෙන වන්දනා සමයේ පුදබිම එකම යාඥා කඳවුරක් කොට ගෙන, අපේ  රට සහ සමස්ථ ලෝකවාසී ප්‍රජාව වෙත සුවපත් භාවය ප්‍රාර්ථනා කරන ලෙසයි.

"මිනිසා කෙලෙසුන් පිනවීමට වඩාත් නැඹුරුවීම, දේව වචනයට පිටුපෑම අද ලෝකය ගොදුරු වී ඇති වසංගතයන්ට හේතුවයි. අපි කවුරුත් එක්සිත්ව අපේ රටේ මෙන් ලෝකයේම කොරෝනා වසංගතයෙන් පීඩා ලබන්නන්ට සුවපත් භාවයත්, මියගිය සැමට ස්වර්ග සැපතත් ඉල්ලා සිටිමු. අද අදම මෙම වසංගතය පහවී ගොස්, ශ්‍රී ලංකාවාසී ජනතාවට මෙන්ම  ලෝකවාසී ජනතාවට සැනසුම් හුස්ම බිඳක් හෙලීමේ අවස්ථාව දෙව් පියාණන්ගෙන් ඉල්ලා සිටිමු." යැයි ආශීර්වාද කළේය.
 
කොඩිගස එසවීමත් සමග සවස දේව මෙහෙයන් අදින් ඇරඹේ. මාර්තු 7 දින වෙස්පර්ස් දේව මෙහෙය පැවැත්වෙන අතර රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කෙරෙන මහා මංගල්‍ය දේව මෙහෙය මාර්තු 8වෙනි දින පස්වරු 7ට පැවැත්වීමට නියමිත ය. හලාවත රදගුරු අති උතුම් දේව ධර්මාචාර්ය වැලන්ස් මෙන්දිස් සහ මඩකළපුව රදගුරු අති උතුම් දේව ධර්මාචාර්ය  පොන්නයියා ජෝෂප් යන රදගුරුන් විස්න් මංගල්‍ය දේව මෙහෙය පවත්වනු ඇත.
 
දිවයිනේ නන්දෙසින් පැමිණි බැතිමත්හු දැනටමත් පුද බ්මේ කඳවුරු ලා සිටිති. නාවුක, යුද හමුදා සහ පොලිසියේ විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් ද ක්‍රියාත්මකය.



අදහස් (0)

තලවිල දේවස්ථානයේ මංගල්‍යය ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site