(අනීෂා මානගේ)
හිටපු උප කථානායකවරයකු වන දිවංගත ඩී.ඒ.රාජපක්ෂ මහතාගේ 52 වැනි ගුණසමරු උත්සවය අද (6) හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් තංගල්ලේ දී සිදු කෙරිණි.
තංගල්ල නගරයේ මහවෙල මාර්ගයේ ඉදිකර ඇති ඩී.ඒ.රාජපක්ෂ මහතාගේ පිළිරුව අසලදී මෙම උත්සවය පැවැත්විණි.
එම අවස්ථාවට හිටපු කතානායක චමල් රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ මහත්මිය, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, ඩී.වී.චානක මහත්වරු ද හිටපු පළාත් සභා මන්ත්‍රීවරු රැසක් ද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සහ ප්‍රදේශවාසීහු ද පාසල් දරු දැරියෝ ද සහභාගී වූහ.
හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ඩී.ඒ.රාජපක්ෂ මහතාගේ පිළිරුව අසළ මල් කළඹක් බැගින් තබා ඩී.ඒ.රාජපක්ෂ මහතාගේ ගුණ සිහි කළ අතර දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ, හිටපු පළාත් සභා මන්ත්‍රී කපිල දිසානායක සහ ඩී.ඒ.රාජපක්ෂ ගුණ සමරු කමිටුවේ ලේකම් උපුල් දිසානායක මහත්වරුන් කුරහන් පැහැති මල් මාලයක් ඩී.ඒ.රාජපක්ෂ මහතාගේ පිළිරුවට පළන්දනු ලැබීය.




2025 දෙසැම්බර් මස 18
203
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩී.ඒ.රාජපක්ෂ 52 වැනි ගුණසමරුව තංගල්ලේ
kamal Wednesday, 06 November 2019 09:57 AM
උප කතානයනේ. අපි හිතුවේ හිටපු අගමැති කෙනෙක් කියලයි...
Mahee Wednesday, 06 November 2019 12:49 PM
ළමයිනේ, මං කාගෙන්වත් වචනයක් අහන්නේ නැතුව සිංහයා වගේ බොහොම ගරු ගාම්භීරව ජීවත් වුණු කෙනෙක්. උඹලා දැන් මම හින්දා නඩුහබ වලට පැටලෙන එක බොහොම වැරදියි.