IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඩෙන්සිල් කොබ්බෑකඩුව ගුණ සැමරේ

(ඡායාරූප - දයාරත්න ඇඹෝගම)

(ඡායාරූප - තුසිත කුමාර ද සිල්වා)

(දයාරත්න ඇඹෝගම සහ තුසිත කුමාර ද සිල්වා )
 
ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ 27 වැනි ගුණසැමරුම් උත්සවය අද(08) අනුරාධපුර ශික්ෂණ රෝහල් වට රවුමේ පිහිටි ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ පිළිරුව අභියසදි පැවැත්විණි.
 
ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා 1992 වසරේ අගෝස්තු මස 08 වැනි දින පෙ.ව.10.08ට යාපනය අරාලි තුඩුවේදි එල්ටීටීඊ ත්‍රස්වාදීන් අටවන ලද බිම් බෝම්බයට හසුවී මියගොස්  අදට(08) වසර 27 ක් ගතව ඇත.
 
ආගමික වතාවත් කොළඹ, කළුතර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක කදුරුදුව සුගතවංශ නා හිමියන් විසින් සිදුකළ අතර මෙම අවස්ථාවට අභාවප්‍රාප්ත ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ බිරිදි ලිලී කොබ්බෑකඩුව මහත්මිය, පවුලේ ඥාතීහු, මධ්‍යම පළාතේ හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා, ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වෙච්ජා බලසේනාවේ සේනාවිධායක මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා ඇතුළු යුද හමුදාවේ උසස් නිලධාරීහු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

එසේම ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ ගුණානුස්මරණ උත්සවයක් අලුත්ගම, කලුවාමෝදර පිහිටි ඩෙන්සිල් කොබ්බෑකඩුව පිළිරුව අබියසදී  ද අද(08)පැවැත්විණි.

මෙම උත්සවය මොරගල්ල සංචාරක ව්‍යාපාරික සංගමය විසින් සංවිධානය කර තිබූ අතර යෝඝාශ්‍රම ආරණ්‍ය සේනාසනයේ ස්වාමින් වහන්සේලා ආගමික වතාවත් ඉටුකිරීමෙන් අනතුරුව, මොරගල්ල සංචාරක පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුලු  නිලධාරීහු, සංචාරක ව්‍යාපාරක සංගමයේ සාමාජිකවරු කොබ්බෑකඩුව පිළිරුවට පුෂ්පෝපහාර පැවැත්වූහ.



අදහස් (3)

ඩෙන්සිල් කොබ්බෑකඩුව ගුණ සැමරේ

amith Thursday, 08 August 2019 07:15 AM

මෙතුමාව මැරුවේ කවුද කියලා රටම දන්නවා. ඔබ ජාතියේ වීරයෙක්!!!.

:       0       151

abaran Thursday, 08 August 2019 09:42 AM

මෑත යුද ඉතිහාසයේ අපිට පහළ වූ එකම රණශූර, අභීත, දේශප්‍රේමී සෙන්පතිතුමා. ජාති ද්‍රෝහී පිරිසක් නිසා අපිට අහිමි වුණා.. එතුමා සිටියානම් යුද්ධය තිස් වසරක් දික් ගැස්සෙන්නේ නැතිවා මෙන්ම තිස් දහසක් හමුදා සෙබළු අප හට අහිමි වන්නේද නැත. යුද උපක්‍රම ගැන දැන සිටි එකම සෙන්පතියා මෙතුමා විය.. වඳුරාට දැලිපිහිය දුන්නාක් මෙන් තමනුත් කපාගෙන අනුන්ද කපාගන්නට ගියේ නැත.

:       0       114

sarath kuru Saturday, 10 August 2019 12:53 AM

ඔබතුමා වීර රණවිරුවෙක්.. මගේ ප්‍රණාමය!!

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 178 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site