IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ටැබේබුයා මල් පිපිලා


 
පේරාදෙණිය උද්භිද උද්‍යානය තුළ ටැබේබුයා නැමැති ගස්වල මේ දිනවල අලංකාර ලෙස මල් පිපී තිබෙනු දක්නට ලැබේ.
 
උද්භිද උද්‍යානයේ ප්‍රධාන පිවිසුම් දොරටුව සමීපයේ පිහිටි ටැබේබුයා ගස් කීපයක ගස සම්පුර්ණයෙන්ම වැසී යන පරිද්දෙන් කහ පාට මල් ඉතාමත් අලංකාර ලෙස පිපී තිබේ.
 
විදේශීය ශාඛයක් වන ටැබේබුයා ගස්වල මෙම කාලයේදී කොළ වැටීගොස්  සම්පුර්ණයෙන්ම මල්වලින් පිරී යන බවත්, මෙසේ  මල් පිපී අලංකාර වී ඇති  ගස්  පේරාදෙණිය උද්භිද උද්‍යානය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ මෙන්ම මාර්ගයේ ගමන් ගන්නා පිරිස්වල විශේෂ අවධානය දිනා ගැනීමට සමත්ව ඇතැයි උද්‍යාන නිලධාරීන් පවසයි.

(ශාන්ත චන්ද්‍රසිරි)



අදහස් (3)

ටැබේබුයා මල් පිපිලා

sandy123 Monday, 11 February 2019 05:03 AM

මල් පිපුනම තියන සුන්දරත්වය මොනවට පැහැදිලි කරන්නද? ආසාවේ බැහැ. සිත සුවපත් කරනවා. ස්වභාව ධර්මය කෙතරම් පියකරුද?

:       108       351

ආනන්ද පිටබැද්දැ Monday, 11 February 2019 05:21 AM

මගේ මවුබිමේ අසිරිය සුන්දරත්වය දින දින වැඩිවේවා!

:       2       54

sirimal Monday, 11 February 2019 10:17 AM

ශාකය පුරාවට ඇසට ප්‍රිය මනාප දැකුම්කළු මල් දරන, ඉන්දීය කොදෙව් දුපත් සහ දකුණු සහ මධ්‍යම ඇමෙරිකාවට ආවේනික වූ ඉඩෝරයට ඔරොත්තු දෙන මෙම ශාඛයේ රෝසපාටින් යුතු මල් සහිත ප්‍රබේධයක්ද ලංකාවේ විවිධ ස්ථානවල රෝපණය කර තිබෙනු දක්නට ලැබෙනවා. "ටැබේබුයා ඉම්පර්ටිජිනෝසා" යන උද්භිද නාමයෙන් හැඳින්වෙන එම වෘක්ෂ කිහිපයක් මහනුවර ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රයේ සශ්‍රීකව වැඩී ඇති බවයි මගේ කල්පනාව. මෙම ශාඛා පවුලේ විවිධ වර්ග 100 යක් පමණ ඇති බවත් ඒවා අඩි 25 සිට අඩි 160 දක්වා උසට වැඩෙන බවත් මා අසා තියෙනවා. අතු පතර විහිදී යන මෙම ශාඛ බොහෝ මාර්ග දෙපස සෙවන ලබාදීම සඳහා රෝපණය කර තිබෙන බවත් දැකිය හැකියි.

:       0       51

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 153 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site