
(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
වැව්වල ජලය සිඳීයාමත් සමග ගොඩට ආ දැවැන්ත කිඹුලෙකුට කිසියම් පිරිසක් විසින් පහර දී හිස ප්‍රදේශයට බරපතල තුවාල සිදුව තිබියදී අද (22) සීගිරිය වනජීවී නිලධාරීන්ට කිඹුලාගේ ජීවිතය බේරා ගැනීමට හැකිවිය.
දඹුල්ල බුලාගල වැව ආසන්නයේ හිසේ දැඩි තුවාල සහිතව සිටි මෙම කිඹුලා පිළිබඳව දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාට ලැබුණු තොරතුරක් මත දඹුල්ල පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ ස්ථානාධිපති පොලිස් සැරයන් සුනිල් විජේසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට යවා ඒ පිළිබඳව සොයා බලා පසුව සීගිරිය වනජීවී නිලධාරීන්ට මෙම කිඹුලාගේ තත්ත්වය පිළිබඳව දැනුම් දී තිබිණි.
මේ දිනවල වනජීවී නිලධාරීහු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹ පැය අටේ සේවයේ නිරතව සිටින නමුත් සෙනසුරාදා නිවාඩු දින ඒ ඔවුන් මෙම කිඹුලාගේ ජීවිතය බේරා ගැනීම සඳහා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය මඳකට අමතක කර එම ස්ථානයට පැමිණ තුවාල වී අසරණව සිටී කිඹුලා අල්ලාගෙන ප්‍රරතිකාර කිරීම සඳහා ඇරගෙන යන්නට වූහ.
සීගිරිය වනජීවී නිලධාරීහු කියා සිටියේ මෙම කිඹුලා මින්නේරිය වනජීවි කාර්යාලයට රැගෙන ගොස් ප්‍රතිකාර කිරීමෙන් පසු වනයට මුදා හැරීමට නියමිත බව ය.


2025 දෙසැම්බර් මස 18
30
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජලය සිඳී කිඹුල්ලු ගොඩට එති