කොළඹ මහ නගර සභාව සහ ලෝක බැංකුව එක්ව ශ්‍රී ලංකා ශ්‍රම බලකාය සඳහා කාන්තාවන් දිරිගැන්වීමේ අරමුණින් සංවිධානය කළ ඡායාරූප තරඟයෙන් ජයග්‍රහණය කළ ජායාරූප ශිල්පිණියන් වෙත සම්මාන පිරිනැමීම කොළඹ නව නගර ශාලා පරිශ්‍රයේදී අද (15) පැවැත්විණි.
මෙම අවස්ථාවට කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක, ලෝක බැංකුවේ දකුණු ආසියානු කළාපයේ උප සභාපති හර්ටිවින් ෂෙෆර් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මෙහිදී වයස අවුරුදු 35 ට ඉහළ සහ වයස අවුරුදු 35 ට පහළ කාණ්ඩ දෙක යටතේ සම්මාන පිරිනැමුන අතර වයස අවුරුදු 35 ට ඉහළ කාණ්ඩයේ ප්‍රථම ස්ථානය අයේෂා බුලත්ගම,දෙවැනි ස්ථානය රංජනී පෙරේරා, තුන්වන ස්ථානය ඉඳුනිල් උස්ගොඩආරච්චි යන මහත්මීන් හිමි කරගත් අතර
වයස අවුරුදු 35ට අඩු කාණ්ඩය යටතේ ප්‍රථම ස්ථානය නයෝමී තෝමස්, දෙවැනි ස්ථානය සහන්යා පෙරේරා,තුන් වන ස්ථානය නෙත්මි රණසිංහ යන මහත්මීන් හිමිකරගත් අතර නගරාධිපතිනිය විසින් සම්මාන පිරිනැමීම සිදුකෙරිණි.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර




2025 දෙසැම්බර් මස 18
152
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජායාරූප ශිල්පිණියන්ට සම්මාන පිරිනැමේ