IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජනපති ඉරණමඩු ජලාශයේ වාන් දොරටුවක් විවෘත කරයි

 

 

රොමේෂ් මධුෂංඛ සහ සිතුම් චතුරංග

 
ප්‍රතිසංස්කරණයෙන් පසු පළමුවරට කිලිනොච්චියේ ඉරණමඩු ජලාශය අද(07) වාන් දැමූ අතර ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරීමේ අවස්ථාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.       
                   
ඉරණමඩු ජලාශය අක්කර 21,000 ක භූමි ප්‍රමාණයකින් සමන්විතය.                              

මොරගහකන්ද ජලාශය ක්‍රියාවට නැංවීමෙන් පසුව දෙවැනි පියවර වශයෙන් උතුරේ විශාලතම ජලාශය වන කිලිනොච්චිය ඉරණමඩු ජලාශය රුපියල් මිලියන 2178 ක වියදමින් ප්‍රතිසංස්කරණය කිරීමට ජනාධිපතිතුමා විසින් පියවර ගෙන තිබුණි.                                                          
ප්‍රතිසංස්කරණය කිරීමට පෙර මුල් සමයේ ඉරණමඩු ජලාශය අඩි 34 කින් සමන්විත වූ අතර යුද සමයේ සිදු වූ හානි හේතුවෙන් ජලාශයේ වැව් බැම්ම හා වාන් දැඩි ලෙස අබලන් තත්ත්වයක පැවතිණි.  
                         
පසුගිය දිනවල ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමඟ ඉරණමඩු ජලාශය වාන් දැමීමට ආසන්නව තිබූ අතර එය උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට ලක් විය. ඒ බව ජනාධිපතිතුමන්ට දන්වා අද (07) ඉරණමඩු ජලාශය විවෘත කිරීමට පියවර ගන්නා ලදී.‍

මෙම අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා, හිටපු ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් වන නිමල් සිරිපාලද සිල්වා, ලසන්ත අලගියවන්න, සරත් අමුණුගම, එස්. බී. නාවින්න, අංගජනා රාමනාදන් යන අය ඇතුළු රාජ්‍ය නිලධාරීහු ද ආරක්ෂක අංශ සාමාජිකයෝ ද කිලිනොච්චිවාසීහු ද සහභාගී වූහ.



අදහස් (17)

ජනපති ඉරණමඩු ජලාශයේ වාන් දොරටුවක් විවෘත කරයි

Hemantha Friday, 07 December 2018 10:22 AM

ලෝකේ එකම රාජ්‍ය නායකයා වැවක වාන් දොරටු අරින්න ගියපු. මේකත් ලෝක වාර්තාවක්.

:       0       0

පෙරුමාල් Friday, 07 December 2018 10:55 AM

දැන් ඉතින් වාන් දොරටු වලින් වැඩක් නෑ. සුනාමි මට්ටමට ඇවිත් තියෙන්නේ...

:       0       0

de silva Friday, 07 December 2018 10:59 AM

ඔබතුමා මූලික වෙලා පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති කණ්ඩායමක් ආණ්ඩු පක්ෂය ලෙස නම් කර ඇතිකරපු දේශපාලන අර්බූධය නිසා රටේ ආර්ථිකය දිනෙන් දින විනාශ වෙනවා. දිනෙන් දින රුපියල පහළ වැටෙන කොට අපි ඩොලර් වලින් ණය ගෙවන්න ගියහම වෙන දේ ගැන ඔබතුමාට අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ? එ්කට විසඳුම් සෙවීම පසෙක දමලා ඔබතුමා වාන්දොරටු ඇර ඇර රටපුරා ඇවිදිනවා. මෙම උත්සවවලට වියදම් වෙන සල්ලි ගැන ඔබතුමා මොහොතකටවත් හිතුවද? ඕක අරින්න ඔබතුමා ඔතැනට යන්න ඕනේ නැහැනේ... ඕක ඔතන ඉන්න ඉංජිනේරුවෙකුට කරගන්න පුළුවන්නේ...

:       0       0

Raveendra Friday, 07 December 2018 11:01 AM

අම්මපා... අපේ මුල් පුරවැසියා පුදුම විදියට තමන්ගේ පුද්ගලික මුදල් වියදම් කරනවද මහජනතාවට සේවය කරන්න... බලන්න මොනතරම් පින්සිදු වෙන වැඩද කියල මේවා...? සෑහෙන තරම් ධනයක් විවෘත කිරීම සඳහා වියදම් කරලා තියෙනවා නම් වැඩේ කරන්න කොච්චර මුදලක් තමන්ගේ පුද්ගලික ධනයෙන් වැය වෙන්න ඇද්ද? අනේ වාසනාවන්..

:       0       0

හිරාන් Friday, 07 December 2018 11:09 AM

උතුරට කරන්නේ නැහැ කියලා කිව්වාට මේ කරලා තියෙන්නේ.. අනේ මන්දා දෙමළ සන්ධානයේ අපේ හිතවතුන්..

:       0       0

Asiri Friday, 07 December 2018 11:54 AM

නෑ ගන්න විජයකලා...

:       0       0

Buddika Friday, 07 December 2018 12:28 PM

රට අවුල් ජාලයක පටලවලා මෙයා දොරටු විවෘත කරනවා....ඉතිහාසයේ දුර්වලම සහ අසාර්ථකම රාජ්‍ය නායකයා...

:       0       0

anton Friday, 07 December 2018 12:59 PM

සිරිසේන වාන් දානවා බලබල ඉන්න. කොයිවෙලේ හරි ඔය ජලකද වගේ ජනතා ගඟට යටවෙනු නියතයි..

:       0       0

desha premi Friday, 07 December 2018 01:31 PM

ඔය ගමන් තල්ලු කරලා දාන්න ජලාශයට. අපේ රට කනවා.

:       0       0

sam Saturday, 08 December 2018 01:56 AM

සමනල පාට ටී ෂර්ට් එක ලස්සනේ බෑ...

:       1       220

ruchi Saturday, 08 December 2018 06:30 AM

ලොක්කගේ බඩ පොඩ්ඩක් වැඩිවෙලා. මේ දවස්වල ව්‍යායාම කරන්න බැරිවෙලා වගේ.

:       1       164

RaveendraSaturday, 08 December 2018 11:48 AM

හා හා ලොක්කයි කිව්වේ...ගබන් ලොක්කටද? නැත්නම් ...? අපිනම් ලොක්ක කියන්නේ අර 224 කින් සමන්විත " අම්බරුවන් රැහේ " නායකයාට...

:       2       23

NILANTHA Saturday, 08 December 2018 10:38 AM

වාන් දොරටු අරින්නේ හදිසියකදී වැව බේරගන්න නේද?

:       0       10

mf Saturday, 08 December 2018 11:17 AM

සමනලයෙක් අතින් වරදක් වූ පළමු ජනපති...

:       17       150

sandy123 Saturday, 08 December 2018 03:25 PM

ෆොටෝ ෂූට් ටික නියමයි...

:       14       51

de silva Saturday, 08 December 2018 08:35 PM

"නොදන්නා දෙමළෙට ගිහින් වරිගේ නසා ගත්ත" කියන ප්‍රස්ත පිරුලේ තේරුම ඔබතුම දන්නවද ?

:       8       140

P. de. Silva - North America Sunday, 09 December 2018 03:37 PM

ආ ... මේ පොළොන්නරුවේ මල්ගොමුවල මලට නොදැනෙන සේ රොන් ඉරූ සමනල සිරිසේනටත් දැන් මිතුරු මාරාගේ ලෙඩ නොහොත් රජ පිස්සුව ක්‍රමයෙන් බෝවී ඇත. ජලාශ විවෘත කොට එදෙස බලා සිටීම, කුඩා දරුවන් අතගෑම තමා සතු මුදල් මෙන් තමා ගැන ගුණදොස් කියන අයට රටේ මහජන මුදලෙන් නිවාස වැනිදේ කිරීම. එසේනම් එවැනි අඩුපාඩු ඇති හිසට සෙවනක්වත් නැති කප්පරක් ඇත, මේවා සාධාරණද? එද්දී කිව්වේ විධායක ජනාධිපති බලතල අයින් කරන බවත්, ධුර කාලය අඩුකරන බවත් සහ නැවත ජනපති අපේක්ෂකයකු නොවන බවත්ය. ඔතැනට පැමිණිවිට කියන කාහටත් තණ්හා, බල ලෝභී පෙරේතකම ඇතිවන්නේය. මාරට කොකා පෙන්නා මාරුවීම ගැන කවර කතාද? දැන් රනිල්ගේ පහනින් ලොව බලවත් සැම දැන හැඳින ඔහුටද වලකපමින් සිටියි... මොහුව කෙසේ විශ්වාස කළ හැකිද? මෙවන් පුද්ගලයින් බැටළු සම පොරවාගත් වෘකයින්ට එහාය. එබැවින් රටේ ජනතාව හොඳින් සහ ඥානබුද්ධියෙන් තීරණ ගත යුතුය. රට වැසියන් හට රට සහ අනාගතය භාරයි.. මේ ඔබ අප සැමගේ බැවිනි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site