IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


‘‘ජනපතිගේ වැඩපිළිවෙළට හැමෝම ආශිර්වාද කළ යුතුයි‘‘

නොදන්නා වසංගතයකිනුත් රටවැසියන් බේරා ගෙන ජනතාවට ජීවත්වීමට දෙවතාවක් නිදහස උදා කර දුන් ජනාධිපතිගේ ඉදිරි වැඩපිළිවෙළට සහාය වීම සැම දෙනාගේ යුතුකමක් සහ වගකීමක් බව මිරිසවැටිය විහාරාධිකාරී රජරට විශ්වවිද්‍යාලයේ කුලපති, ආචාර්ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමියෝ පවසති.

රට විශාල ණය බරකට මුහුණ දී තිබේ. එහෙත් ඒ සියල්ල කළමනාකරණය කරමින් ජනතාවට වසංගත බියෙන් තොරව නිදහසේ ජීවත් වීමට අවකාශය ලබා දීම ලෝකයේ සෙසු රටවලට ආදර්ශයක් බව උන්වහන්සේ පෙන්වා දුන්හ. නව සාමාන්‍යකරණය යටතේ ජන ජීවිතය පවත්වා ගෙන යාමට ජනාධිපතිගේ එම වැඩපිළිවෙළ ආත්ම ශක්තියක් ලබා දී ඇති බව ඥානතිලක හිමියෝ පැවසූහ.

නැවත රට වැසීමට ඉඩ නොතබා ස්වයං විනයක් පනවා ගෙන ජීවත් විය යුතුය. එමෙන්ම ආර්ථිකය කළමනාකරණය කර ගනිමින් පවතින අර්බුදකාරී තත්ත්වයෙන් මිදී රට ඉදිරියට ගෙන යාමට ජනාධිපති ගෙන යන වැඩපිළිවෙළට සහාය වීම සියලු දෙනාගේ යුතුකමක් සහ වගකීමක් බව ද උන්වහන්සේ අවධාරණය කළහ.

අනුරාධපුර අටමස්ථානය වන්දනා කරගැනිමට ගිය ජනපතිවරයාට ආශිර්වාද කරමින් උන්වහස්සේ මේ බව කියා සිටියේය.

මිරිසවැටිය,ලංකාරාමය, ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය ඇතුළු විහාරස්ථනවලට ගොස් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තේය.

කාබනික පොහොර වගාවන්ට ගොවි ජනතාව දිරි ගැන්වීමට ගත් ක්‍රියාමාර්ග පිළිබඳව ද ජනාධිපතිවරයා මහා සංඝයා වහන්සේලාට පැහැදිලි කළේය. 



අදහස් (15)

‘‘ජනපතිගේ වැඩපිළිවෙළට හැමෝම ආශිර්වාද කළ යුතුයි‘‘

Anura Sunday, 09 January 2022 09:11 AM

රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී ,ඒවා විසදන්නේ නැතිව , මල්වට්ටි අරන් පන්සල් ගානේ ගිහින් හිතවත් හාමුදුරුවරු ලවා වර්ණනා කරගනන්නවා, අයිය වෙන්න ඇති කියල දෙන්න ඇත්තේ.

:       7       125

kamal Sunday, 09 January 2022 09:17 AM

එහෙම නොකරන අයට පොලිසිය සහ හමුදාව යොදා ආශීර්වාද කල යුතුයි.

:       4       94

lalSunday, 09 January 2022 02:22 PM

ලස්සනම කමෙන්ට් එක...

:       3       33

sena Sunday, 09 January 2022 10:26 AM

ඔව් ඉතින් හාමුදුරුවන්ට ඇති ප්‍රශ්නයක් නැහැනේ... ජීවත් වෙන්න කන කට්ට දන්නේ අපිනේ..

:       3       89

කමල්Sunday, 09 January 2022 01:04 PM

ඔච්චර හිතන්න එපා. මාත් එකඟයි හාමුදුරුවෝ එක්ක. හාමුදුරුවෝ මේ කියන්නේ බාර් ලයිසන් 150ක් එක අවුරුද්දක් ඇතුළත දීලා කරපු මහා පිංකම ගැන හිතලා... ඒවාගේ වැඩපිළිවෙලකට සහාය නෙමෙයි, විවෘත කරන වාරයක් වාරයක් ගානේ පිරිතක් කළා නම් තමයි වටින්නේ...!

:       3       52

gamage Sunday, 09 January 2022 11:19 AM

මේ දවස්වල ගෑස් පෝලිම්, කිරිපිටි පෝලිම් වල හිටගෙන ඉන්න ගමන් අපි එතුමාටත්, එතුමාගේ දෙමව්පියන්ටත් නිතරම ආශීර්වාද කරනවා.

:       4       88

PradeepSunday, 09 January 2022 12:42 PM

හොඳ ප්‍රකාශයක්...

:       1       33

Shan Sunday, 09 January 2022 01:50 PM

ආශිර්වාද කරන්නත් වැඩ පිළිවෙළක් තියෙන්න එපැයි...

:       1       42

Prabha Sunday, 09 January 2022 01:56 PM

හාමුදුරුවන්ට විතරයි තේරුණේ කවුද හරියටම කරේ කියලා...

:       2       37

Mali Sunday, 09 January 2022 03:54 PM

කවුරු කොහොම මොනවා කීවත් ලබන සැරෙත් දිනන්නේ මේ ගොල්ලෝමයි. ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරලයි තියෙන්නේ. රටේ ආර්ථිකය අනාගත්තාට මොළ හත හරියට කරන්න දන්නේ ඒවගේ දේවල් විතරයි. මතකයිනේ පාස්කු ප්‍රහාරය. මතු යම් දවසක අවශ්‍ය වන සියලු දේ ඉටුකර දෙන්න දැනටමත් සියලුම වැදගත් මර්මස්ථාන වලට විශ්‍රාමික හමුදා නිලධාරීන් පත් කරලයි තියෙන්නේ. ඒ අය ඉතාම පක්ෂපාතී, කියන දෙයක් ඉටුකර දෙන ජාතියේ අය. දාසයින් කිව්වත් වැරැද්දක් නැහැ. මාධ්‍ය සියල්ලමත් දැන් නැමිලා අවසන්... ඉතින් මේ සම්මත ජාතියට අපේ රටේ " සාධාරණ මැතිවරණයක් " කෙරෙයි කියලා හිතන එක මහා විහිළුවක් විතරයි. ඉතින් එහෙම වුණුදාට විරෝධතා පාන්න සිය දහස් ගණනෙන් මහ පාරට බහින අයට තිරුපති වෙන්කටේශ්වර ශ්‍රී විෂ්ණු දෙවි හාමුදුරුවන් වහන්සේගේම පිහිටයි.

:       4       26

ගමේ එකාලා Sunday, 09 January 2022 08:14 PM

වැඩ පිළිවෙලේ හොඳකම පේනවා පෝලිම්වල ඉන්න සෙනග කියන කතා ඇහැව්වම . හූ සන්ග්‍රහයෙන් ආසිර්වාද කරපු බවක් නම් පේනවා.

:       1       16

sharm warn Monday, 10 January 2022 11:51 AM

ඔව් ඔව් ආශීර්වාද තමයි කරන්න ඕනේ.මල ගිය අම්මා අප්පාටත් එක්කම.මේ වගේ පුත්තු වැදුවට.අනේ හාමුදුරුවනේ අපි තවමත් ඔබ වහන්සේලාට ගෞරව කර්ලවා.ඒක තුට්ටුවට දාලා නැති කරගන්න එපා

:       1       9

fairoos Tuesday, 11 January 2022 12:48 PM

ඔව් අපේ හාමුදුරුවනේ සර් තමයි හොඳටම කරලා තියෙන්නේ

:       1       4

jagath Wednesday, 12 January 2022 06:28 AM

මේ රට මේ තරම් ප්‍රපාතයට යනවා දවසින් දවස.

:       0       4

Bunny Preena Wednesday, 12 January 2022 09:23 AM

යතාර්ථය හොඳින් තේරුම් ගත්තු හොඳ සිල්වත්, පින්වත්, කිසිම කට්ටියගේ මෙත්සිත් පහන්වෙන කාරුණික දැක්කාම මට අදහසක් පහළ වෙන්නේ නැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 48 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 436 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 873 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site