IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ජනාධිපතිට බංග්ලාදේශයෙන් උණුසුම් පිළිගැනීමක්

බංග්ලාදේශ අගමැතිනි  ෂීක් හසීනා මහත්මියගේ ආරාධනාවක් අනුව තෙදින  සංචාරයක් සඳහා බංග්ලාදේශය බලා පිටත්ව ගිය ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) පෙරවරුවේ බංග්ලාදේශයේ ඩකා ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟාවිය.

ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු මෛත්‍රීපාල සිරිසේන මහතා බංග්ලාදේශයේ සිදුකරන පළමු සංචාරය මෙයි.

ඩකා ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් අබ්දුල් හමීඩ් මැතිතුමා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර ආචාර වෙඩි මුර 21 ක් සහිත හමුදා උත්තමාචාරයක් ද පිරිනැමිණි.

එමෙන්ම ශ්‍රී ලංකා - බංග්ලාදේශ ජාතික ධජවලින් ඩකා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සරසා තිබිණි.



අදහස් (9)

ජනාධිපතිට බංග්ලාදේශයෙන් උණුසුම් පිළිගැනීමක්

lalith Thursday, 13 July 2017 04:04 PM

මේක එතුමාට කරපු විශේෂයක් නෙමෙයි ඔය. කොහොමටත් බංග්ලාදේශය ඝර්ම කලාපේ රටක්නේ? අනික ඔය වෙඩි නොවදින එව්වා යටට ඇඳගෙන යනකොට තවත් උණුසුම් තමයි.

:       49       627

ධම්ම Thursday, 13 July 2017 05:02 PM

දැන් මොනවද මේ කතා කරන්නේ..

:       14       40

Indrajith Thursday, 13 July 2017 09:59 PM

කෝ අර ජනාධිපති සමග ගිය අනිත් 73 න් දෙනා.

:       0       7

CHANDA Thursday, 13 July 2017 10:55 PM

ජාත්‍යන්තරය ජය ගනිමින් ඉන්න අපේ ජනාධිපති තවත් රටක් ජයගත්තා.

:       191       8

vipula Friday, 14 July 2017 02:52 AM

ආපු දවසේ පටන් රට රටවල යනවා නමුත් ණය අමතරව ආයෝජන නම් තවම කොහෙන්වත් ලැබුනේ නැහැ. සල්ලි වියදම් කරගෙන ගිහිල්ල ණය ඉල්ලන එක විතරයි අන්තිමට වෙන්නේ .

:       2       267

chris Friday, 14 July 2017 03:34 AM

අපි අය එහෙ යනවා ඒ අය මෙහෙ එනවා අහිංසක දුප්පත් ජනතාව නන්නත්තාරේ යනවා. රටේ අහිංසක මිනිස්සුන්ගේ මුදල් පරම්පරා ගානකට කොල්ලකාලා තියන වංචා වැඩ සේරම කරලා, රටේ අහිංසක මිනිස්සුන්ව නොමග යවන ලෝකය ඉන්න ලැජ්ජ නැති ජරාම ජන කොට්ටාසය තමා ලංකාවේ දේශපාලකයෝ අබ සරනයි ශ්‍රී ලංකා.

:       0       442

arschfikaa Friday, 14 July 2017 10:11 AM

නියම උත්තරේ ... ඡන්ද කියන අයට ආණ්ඩුවෙන් මොකක්හරි දෙනවා ඇති...

:       0       0

sarath Friday, 14 July 2017 12:18 PM

අත් මේස් දාලත් නැහැ නේද බලන්න.

:       0       12

Nishantha Saturday, 15 July 2017 11:29 AM

බංගලි ජාතිකයෝ තමයි පිළිගත්තොත් ඉතින්...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 10 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1997 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1553 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site