IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


ජාතික තෛපොංගල් උත්සවය අගමැති ප්‍රධානත්වයෙන්

(රොමේෂ්  ධනුෂ්ක සිල්වා )  
ජාතික තෛපොංගල් උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද (13) පැවැත්විණ.

හින්දු ආගමික කටයුතු අමාත්‍යංශය මගින් මෙය සංවිධානය කර තිබූ අතර උත්සවය ආරම්භ කරමින් හින්දු ආගමානුකුලව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මාහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියව පිළිගත්හ. ජාතික ඒකාබද්දතා , රාජ්‍ය භාෂා , සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්දන් , අමාත්‍ය අර්ජුන රණතුංග , අමාත්‍ය දයා ගමගේ , ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (10)

ජාතික තෛපොංගල් උත්සවය අගමැති ප්‍රධානත්වයෙන්

Bandara Sunday, 13 January 2019 05:51 PM

අපි හදන කිරිබත්වලට වලට වඩා ඒ කිරිබත් රහයි කියලා මෙතුමා ගියසැරේ කිව්වා... මේවා හරි වටින කියමන්...

:       11       128

ඇත්ත සත්‍යපාල Sunday, 13 January 2019 09:44 PM

මගේ බිරිඳට වඩා අල්ලපු ගෙදර බිරිඳ හොඳයි කියලා කියනවද? එහි අරමුණ සහ ප්‍රතිඵල ගැටුම්කාරී නොවන්නේද? අවසානය සැකය, අවිශ්වාසය ගැටුම් නොවේද? මෙවැනි කියමන් නොවටිනා කියමන් බව බණ්ඩාරට නොවැටහීම ඔබගේ තරම පෙන්වීමකි...

:       48       93

RaveendraMonday, 14 January 2019 02:07 AM

ගැසුවත් කෙල බලා අහස දෙස... හිතුවද වැටෙන්නේ අල්ලපු රටට කියා... ගත්තත් ඡන්දේ රවටා ජන බලය... ඉල්ලන් කන්න වෙනවා අද හෙටම...

:       7       175

athuraMonday, 14 January 2019 03:24 AM

කවිය හැම තැනටම එක වගේ ගැලපෙන්නෙ නැහැ නේද මහත්මය.

:       0       109

nihal Monday, 14 January 2019 01:11 AM

හින්දු පූජක තනතුරට වඩාත් සුදුසුයි.. මේ උන්නැහේ

:       228       237

chandima Monday, 14 January 2019 02:05 AM

අර මහබැංකුවෙන් ගත්තු සල්ලි වලින් එහෙම පඬුරු දාන්න එපා. දැක්කනේ තිරුපති ගිහින් එව්වගෙන් පඬුරු දාලා වුනු දේ? අන්තිමේ දෙවියෝ දැක්කේ නැහැ වගේ අහක බලන් උන්නා. තවමත් ඔටුන්න දාගන්න බැරිවුනේ ඕක නිසයි. දාඩිය මහන්සියෙන් හම්බකරපු දෙයකින් කියක් හරි පඬුරුවලට ගැටගහන්න.

:       191       15

RaveendraMonday, 14 January 2019 05:57 AM

ගැසුවත් ගැට පඬුරු හැම කොවිලේම සැම විටම ... දන්නවා ලැබුනේ දහදිය මහන්සියෙන් නොවනබව... එනමුත් ගැටගසමි කාසිත් තොග ගණනේ... අඬ අඬ යදිනෙමි රජ පුටුවට හැමවිටම...

:       14       108

kap Monday, 14 January 2019 06:19 AM

මෙතන අදහස් දමන අය බෞද්ධ අය වෙලත්, ඇයි මේ කුහකම, ඉරිසියාව, ක්‍රෝධය? දෙමල අයට රටේ අගමැති එක්ක උත්සවයක් සමරන්න බැරිද? ඒ අය ඒක කරන්න ඕනෙ උතුරෙ විතරද? ඒකෙන් වෙන්නෙ මිනිස්සු තවත් බෙදෙනවා. කොන් වෙනවා . වෛරය පැතිරෙනවා. ලංකාව අයිති හැමෝටම. මට දැන් බනින්න එපා කොටියෙක් කියලා. මම හොද සිංහල බෞද්ද.

:       107       412

Bandara Monday, 14 January 2019 09:02 AM

ඇත්ත සත්‍යපාල මහතාණෙනි, ස්තුතියි ඔයාගේ අදහසට. මමත් අදහස් කළේ ඔබ කියූ අදහසමයි. වටින අදහස් කිව්වේ සෘණාත්මක අගයක් දෙන්න. එවැනි කතාවල වටිනාකම අවබෝධ කරගැනීම හැමෝටම කළ නොහැක. මන්ද බොහෝ දෙනා පාටින් අන්ධ වී ඇති නිසාය.

:       0       9

Bandara Monday, 14 January 2019 09:09 AM

ඇත්ත සත්‍යපාල මහතානෙනි, ස්තූතියිඔයාගේ අදහසට. මම අදහස් කලේ ඔබ කියපු දේම තමයි...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1682 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1416 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 504 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site