IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජාතික අලුත් සහල් මංගල්‍යයේ සතර වාහල්කඩ කිරි ඉතිරවීමේ චාරිත්‍රය අද

ජාතික අලුත් සහල් මංගල්‍යට පෙර සුපුරුදු චාරිත‍්‍රානුකූලව සතර වාහල්කඩ කිරි ඉතිරවා සිදුකරනු ලබන දේව කන්නලවිව (06) අද අලුයම කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

හෙළයේ මහා ගොවි පිළිවෙත ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් ඓතිහාසික ජය ශ්‍රි මහා බෝ සමිඳුන් අභියස දී හෙට (07) පෙරවරු 09.00 ට මහත් උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නියමිතය.

සාම්ප්‍රදායිකව වාර්ෂිකව මාස් කන්නයේ නෙළා ගත් අස්වැන්නේ නොඉඳුල් සහලින් ජය ශ්‍රි මහා බෝ සමිඳුන් පිදීමේ මෙම උත්කර්ෂවත් මංගල්‍යය සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම්ව පවතී.

රජ සමයේ සිට පැවත එන මෙම චාරිත්‍රය සඳහා රට පුරා ගොවින් රැසක් එක්වීමට නියමිත  අතර රට ස්වයංපෝෂිත වී කෘෂිකර්මාන්ත කටයුතු දියුණු වී රටට, ජාතියට සෙත් පැතීම මෙම අලුත් සහල් මංගල්‍යයෙන් අපේක්ෂා කෙරේ.

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි අලුත් සහල් මංගල්‍යය පැවැත්වෙන අතර කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතාගේ මැදිහත් වීම මත හෙට ශ‍්‍රී මහා බෝධීන් වහන්සේගේ නැගෙනහිර පිවිසුම අසල ඉදිකරනු ලබන හෙල බොජුන් හලටද හෙට පෙරවරු 08ට ගරු අග්‍රාමාත්‍යතුමන් විසින් මුල්ගල් තැබීමටද නියමිතය.



අදහස් (3)

ජාතික අලුත් සහල් මංගල්‍යයේ සතර වාහල්කඩ කිරි ඉතිරවීමේ චාරිත්‍රය අද

Aku .Disaanayake Saturday, 06 April 2019 06:32 AM

උතුරේ උත්සව සමයන්හි දකුණේ වෙළෙඳුන්ට උතුරට පැමිණීම තහනම් කරන ලෙස යාපන වාණිජ මණ්ඩල ප‍්‍රධානී ආර්. ජෙයසේකරන් පළාත් පාලන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත. උතුරු පළාත් සභාව මෙයට පෙර එවන් තහනමක් පනවා ඊට අදාළ නියෝග පළාත් පාලන බලධාරීන්ට යවා තිබූ බවද ඔහු දන්වා ඇත. දකුණේ වෙළෙඳුන්ට උතුරට පැමිණීම තහනම් කරන ලෙස කර ඇති මෙම ඉල්ලීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව ආරක්‍ෂක අංශ කියා සිටියි. මේ ඉල්ලීම පොලිසිය වෙත යොමුවී ඇතත් පොලිස් බලධාරීන් ඊට එකඟ වීම ප‍්‍රතික්ෂේප කර ඇත.

:       0       2

ලුම්බිණි Sunday, 07 April 2019 12:00 AM

මොකද්ද මේකේ තේරුම? කරන දෙයක් සුළුවෙන් කරන්න. නිකම් සල්ලි නාස්ති කරන්නේ නැතුව.

:       2       3

kumarage Sunday, 07 April 2019 04:45 AM

දැන් මේකට සහල් ගෙනාවේ ඉන්දිඅවෙන්ද, පකිස්තනෙන්ද..බොරු වියදම් කරන මොට්ට මොල් වැඩ, මේවට වියදම් කරන්නෙත් අපෙන්ම හුරන් කන සල්ලි

:       4       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site